ලෝක ආචාර ධර්මයන්හි පදනම ලෙස අවංකභාවය

ජීවිතයේ ආචාර ධාර්මික පැවැත්මක් සඳහා ආගම අවශ්‍ය නොවන බවට විශ්වාස කරන පිරිසක් සිටිති. ආදරය හා කරුණාව වැනි වටිනාකම් කිසිදු ආගමකට නොබැඳෙන එවා බව ඔවුන්ගේ හැඟීමයි. මේ වටිනාකම් "විශ්ව ආචාර ධර්ම" හෝ "විශ්ව ඇදහිලි" ලෙස හඳුන්වමි. ආගමක් රහිතව පවා, කිසිදු ආගමක් නොඅදහන්නන් ලෙස පවා, අප‌ට අපගේ ජීවිතය තුළ ආචාර ධර්ම ප්‍රවර්ධනය කරගත හැක.

විශ්වමය ආචාර ධර්මයන්හි පදනම්ගත පරිශ්‍රය වනුයේ සතුටින් සිටීමට, ආදරය කරනු ලැබීමට හා ගෞරවය කරනු ලැබීමට ඇති අවශ්‍යතාවය විෂයයෙහි සියලු දෙනා සපුරා එකිනෙකාට සමාන වන බවයි. ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිසිදු සම්ප්‍රදායකට හෝ ආගමකට ප්‍රමුඛත්වයක් ලබා නොදෙමින් එ් සියල්ලට ගරු කරන්නාවූ විශ්වවාදිත්වයේ විශ්වමය මූලධර්ම මත පදනම්ව ඇත. ඉන්දියානු ප්‍රඥාවේ අරමුණ නිරන්තරයෙන්ම යහපත හා අයහපත පිළිබඳ අධ්‍යාපනයෙන් හා ආචාර ධාර්මික දැනුවත්භාවයෙන් වඩාත් සාමකාමී ලොවක් නිර්මාණය කිරීම සඳහා වූවකි. අධ්‍යාපනය විසින් සැබැවින්ම විද්‍යාව, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, තාක්ෂණය, කලාව හා සාහිත්‍යය යන ක්ෂේත්‍රයන් තුළ කඩඉම් සලකුණු කොට ඇත. අද දින සාමාන්‍ය මිනිසා විසින් මුහුණ දෙන ගැටලු හා සන්සන්දනය කරන කල එ්වා එතරම් සිත් ගන්නා සුළු නොවන එ්වා නොවේද?

සමස්ත මනුෂ්‍ය වර්ගයාම එක් පවුලක්ය යන විශ්ව මූලධර්මය මත දේශනාවේ පරිවර්තනාත්මක ස්වභාවය පදනම් වේ. මනුෂ්‍යත්වය හා අවංක භාවය සහ තර්කණය, සහකම්පනය, යහගුණ පිළිබඳ හේතු අවබෝධ කරගැනීම හා සහජ ඥාණය යන ඉන්ද්‍රියයන්ද සිසුවන්ගේ සිත් හා භාවයන්ගේ පූර්ණ විභවය අවබෝධ කරගැනීම සඳහා අවශ්‍ය වේ. විශ්වමය ආචාර ධර්මයන්ගෙන් තොර අධ්‍යාපනය නිරන්තරයෙන්ම පාහේ ආර්ථික සංවර්ධනය කරා පමණක් යොමුවූ එකකි. එමගින් පුද්ගලික මට්ටමින් මානසික ගැටලු හෝ සාර්ව මට්ටමින් සමාජමය ගැටලු හෝ නිරාකරණය කිරීමක් සිදු නොවේ.

'කටයුතු කිරීමේ ' නව ආකාරයන් තාක්ෂණයේ වෙනස්වීම් මගින් ප්‍රවර්ධනය වන්නේ නම් විශ්වමය ආචාර ධර්ම මගින් 'වීමේ' නව මාවතක් ප්‍රවර්ධනය කෙරෙනු ඇත. සත්ත්වයන් විසින් ක්‍රියාවන් වැළඳ ගන්නා විටදී පරිණාමය සිදුවේ. විශ්වමය ආචාර ධර්ම මගින් ස්වයං-පරිවර්තනය අවධාරණය කරමින් මනුෂ්‍ය වර්ගයා කරා සාමය හා නිදහස රැගෙන එනුයේ කවරාකාරයෙන්ද හා මනුෂ්‍ය වර්ගයා කරා සාමය හා නිදහස ගෙන එනුයේ කෙසේද හා තමා සම්බන්ධ ප්‍රබල හා තිරසර චරිතයක් ගොඩනගා ගන්නේ කෙසේද යන බරපතල පැනයන් තාක්ෂණයේ අතිමහත් වර්ධනය තුළින් පැන නගී.

විවෘත මනසකින් තොරව අපට වර්ධනයක් අත්පත් කරගත නොහැක. ගුරුවරයා හා සිසුවා යන දෙපාර්ශ්වයේම පරිවර්තනයක් අවශ්‍ය වේ. ඔබට යහපත් මනුෂ්‍යයෙකු වීමට අවශ්‍ය නම්, එ් සඳහා ආචාර ධාර්මික විධික්‍රම හා වටිනාකම් පවත්වාගෙන යාම හැර අන් ක්‍රමයක් නොමැත. මා තුළ මාගේ අනන්‍යතාවය පවත්නා නමුත් සමාජය තුළ බහුත්වවාදයක් පවත්නා බව මවිසින් පිළිගත යුතුය. විශ්වමය ආචාර ධර්ම විද්‍යාව තුළ පුද්ගලයා බල ගන්වමින් තමා විසින්ම සැබෑ තත්ත්වය සාක්ෂාත් කරවන තත්ත්වයක් ඇති කරවයි. භෞතිකවාදී ලෝකය තුළ ජයග්‍රාහකයෙකු වීමට නම් ආචාර ධර්ම පරදුවට තැබිය යුතුය යන සිතිවිල්ල තුළ පුද්ගලයෝ ඇතැම් විට ව්‍යාකූලත්වයට පත්ව සිටිති. එනමුදු, භෞතික ලෝකය තුළ පවා, ඔබට බිලියනපතියෙකු වීමට අවශ්‍ය නම්, ඔබ විශ්වසනීය පුද්ගලයෙකු විය යුතුවේ. විශ්වසනීය වීමට නම් ඔබ ආචාර ධාර්මික හා අවංක අයෙකු විය යුතුය. ඔබගේ කෝකියා අපූර්ව කෝකියෙකු වන අතර ඔබ ඔහු බොහෝ සෙයින් අගය කරයි. එනමුත්, දිනෙක ඔහු ඔබගේ සාක්කුවෙන් මුදල් සොරකම් කරනු ඔබට හසුවේ. එවිට ඔබට ඔහු නිවසින් පන්නා දැමීමට සිදුවේ. ඔබට ඔබ යටතේ සේවය කරන්නන්ගේ වංකත්වය ඉවසා සිටීමට නොහැකි නම්, ඔබගේ ප්‍රධානියා විසින් ඔබගේ වංකත්වයද පිළිගනු ඇතැයි අපේක්ෂා කළ හැක්කේ කෙසේද?

මේවා අවබෝධ කරගැනීම ඉතා පහසු කරුණු වන අතර, කිසිසේත් සංකීර්ණ එ්වා නොවේ.

Top