studybuddhism.com යනු සැබෑ බෞද්ධ ඉගැන්වීම් මනාව වටහා ගත හැකි, ප්‍රායෝගික ආකාරයෙන් ඉදිරිපත් කරන පෘථුල මූලාශ්‍රයයකි. අපේ ඉලක්කය වන්නේ ටිබෙටයේ ඥානය, නොමිලයේම ප්‍රචාරණ දැන්වීම්වලින් ද තොරව, නූතන ලෝකයට විවෘත, ළඟාවිය හැකි තත්ත්වයට පත් කිරීමය.
බෞද්ධ ගුරුවරයෙකු, පරිවර්තකයෙකු සහ වසර 50කට අධික අත්දැකීම් ඇති ප්‍රයෝගික බෞද්ධයෙකු වන දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින් විසින් 2001දී ආරම්භ කරන ලද මෙම බර්සින් ලේඛනාරක්ෂණය (Berzin Archives) ඉදිරි පරපුරේ වෙබ් අඩවියකි. 80කට අධික පිරිසකගෙන් සැදුම්ලත් අන්තර්-ජාතික කණ්ඩායමක් සමග studybuddhism.com දිගටම වර්ධනය වේ. අපි නිරතුරුවම බෞද්ධ ඉගැන්වීම ඇතුළත් අලුත් ලිපි, වීඩියෝ සහ හඬපට එකතු කරමු.
දශක දෙකකට වඩා කාලයක් තිස්සේ, Study Buddhism ලොව පුරා සිටින පුද්ගලයින්ට නොමිලේ, ප්‍රවේශ විය හැකි, හා උසස් තත්ත්වයේ බෞද්ධ සම්පත් ලබා දෙන පැරණිතම හා කැපවීමෙන් යුත් මාර්ගගත වේදිකාවක් ලෙස පවතී.
සැබෑ ඉගැන්වීම්: ආරම්භක මට්ටමේ අන්තර්ගතයන්හි සිට අධ්‍යාපනික අවබෝධයන් දක්වා විහිදෙන පරිදි, අපගේ වේදිකාව තුළ විවිධාකාර ඉගැන්වීම් රාශියක් පිරිනමනු ලැබේ. | |
පුළුල් අන්තර්ගතයන්ගෙන් පොහොසත් පුස්තකාලය: භාෂා 37කින් ලබා ගත හැකි ලිපි 16,000කට වඩා වැඩි සංඛ්‍යාවකින් සන්නද්ධ Study Buddhism දැනුමේ නිධානයක් වේ. | |
ආකෘති විවිධත්වය: පොඩ්කාස්ට් සිට වීඩියෝ, සම්මුඛ සාකච්ඡා, ලිපි, භාවනා, සහ පාඨමාලා දක්වා විහිදෙන බහුවිධ ඉගෙනුම් අත්දැකීමක් අපි ලබා දෙන්නෙමු. | |
දැන්වීම් රහිත අත්දැකීම: බාධා හෝ අවධානය වෙනත් අතකට හැරවීමකින් තොරව අපගේ සම්පත් භුක්ති විඳින්න. | |
නිකායගත නොවන ප්‍රවේශය: අපි විවිධත්වය හා සියලු පාර්ශ්වයන් ඇතුළත් කිරීම අගය කරමින් හැකි තරම් බෞද්ධ සම්ප්‍රදායන් සමූහයකින් ඔබ වෙත ප්‍රඥාව ලබා දෙමු. | |
අනන්‍ය ඓතිහාසික අවබෝධයන්: බුදු දහමේ උරුමය පිළිබඳ ඔබේ අවබෝධය සමෘද්ධිමත් කරගනිමින් අන් තැනෙක දක්නට නොලැබෙන අකාරයේ ඓතිහාසික තොරතුරු සමූහයක් වෙත ප්‍රවේශ විය හැක. |