භාවනාව: ප්‍රධාන කරුණු

පොදු භාවනා වර්ග කිහිපයක් පවතී. ඒ ඕනෑම භාවනාවක ඵලදායී ලෙස නිරත වනු පිණිස, උත්පාදනය කළ යුුතුවන නිශ්චිත චිත්ත ස්වභාවය නිරවද්‍යව හා තීරණාත්මකව දත යුතු වේ. එම තොරතුරු අතරට අවධානය යොමු කළ යුතුවන දෙය, මෙසේ අවධානය යොමු කරනු ලබන අරමුණ සම්බන්ධ තොරතුරු, අපගේ මනස එය හා සම්බන්ධවන ආකාරය, මෙම ස්වභාවය වර්ධනය කරගනු පිණිස උපකාරීවන්නේ කවරක්ද, බාධකව පවත්නේ කවරක්ද, මෙම චිත්ත ස්වභාවය සාක්ෂාත් කරගත් පසු එය භාවිතයට ගනු ලබන ආකාරය හා එමගින් සිඳලනුයේ කවරක්ද යන කරුණු ඇතුළත් වේ. භාවනා කිරීම සඳහා අවශ්‍ය නිවැරදි පරිසරයන්, සුදුසු ආසනයක් හා ඉරියවුවක්, සහ සැසි ආරම්භ කරන හා අවසන් කරන ආකාරයද සැලසුම් කරගත යුතුය.

Top