COVID-19 උදෙසා සාමූහික ගෝලීය ප්‍රතිචාරයක් දැක්වීමට එකමුතු විය යුතුයි

World in hands

මේ බරපතල ව්‍යසනකාරී කාලයේදී අපේ සෞඛ්‍ය පිළිබඳ තර්ජනයකටද පවුල් සහ මිතුරන් අපට අහිමි වීමේ ශෝකයටද අපි මුහුණ දෙමු. ආර්ථික පසුබෑම රජයන්වලට ප්‍රධාන අභියෝගයක් එල්ල කරන අතර බොහෝ මිනිසුන්ගේ ජීවිකාව ගෙන යාමද බිඳ වැටී ඇත.

මෙවැනි කාල වකවාණුවකදී එකම මිනිස් පවුලක සාමාජිකයන් ලෙස අපව එකමුතු කරන දේ ගැන අපි අවධානය යොමු කළ යුතු වෙමු.   ඒ අනුව, අපි එකෙකා වෙත කරුණාවෙන් යුතුව සමීප වීම අවශ්‍ය වෙමු. මනුෂ්‍යයන් වශයෙන් අප සැවොම එක සමානය. එක් වැනිම වූ බියද එක් වැනිම වූ බලාපොරොත්තුද එක් වැනිම වූ අවිනිශ්චිතතාවන්ද අප අත්විඳින අතර සතුට උදෙසා වූ කැමැත්තෙන් අපි එකට එක් වෙමු. තර්කණය කිරීමට සහ යථාර්ථවාදීව දේවල් දෙස බැලීමට ඇති අපේ මිනිස් හැකියාව දුෂ්කර අවස්ථාවක් ඵලදායී අවස්ථාවක් බවට පෙරළා ගැනීමට හැකියාව ලබා දෙයි.

අප මුහුණ දෙන පෙර නොවූ විරූ අභියෝග රැසක් ජයගත හැකි වන්නේ එකට එකතු වී සාමූහිකව, ගෝලීය ප්‍රතිචාරයක් දැක්වීමෙන් පමණක් බව බරපතල ලෙස හැඟවීමට මෙම අර්බුදයත් එහි ප්‍රතිඵලත් මෙහෙයක් ඉටු කරයි. අප සියලු දෙනා ‘එකමුතු වීමට කැඳවීම’ (‘The Call to Unite’) ගැන හොඳින් සාවධාන වේවා’යි මම ප්‍රාර්ථනා කරමි.

දලයි ලාමා වහන්සේ, 2020 මැයි 01

Top