Study buddhism tsenzhab serkong tulku 400

දෙවන ට්සෙන්ශාබ් සේකොං රින්පෝඡේ

වසය අවු. දෙකේදී, දෙවන ට්සෙන්ශාබ් සේකොං රින්පෝඡේ (1984 - අද දක්වා) ඒ ආසන්න කාලයකදී අපවත් වූ 14වන දලයි ලාමා වහන්සේගේ සහකාර උපදේශකයන් වහන්සේගේ ඡායාරූපයක් පෙන්වා "මේ ඉන්නේ මම" කියා කීවේය. පෙර සිටි ට්සෙන්ශාබ් සේකොං රින්පෝඡේගේ පුනරුත්පත්තිය ලෙස හඳුනා ගත් මෙම තරුණ ටුල්කු ඔහුගේ මූලික බෞද්ධ ශික්ෂණය ලබා ගත්තේ දකුණු ඉන්දියාවේ පිහිටි ගැන්දේන් ජැන්ග්ට්සේ විහාරයේදීය. ගිහියෙකු ලෙස සිටිමින් ධර්මයට සේවය කිරීමට තීරණය කිරීමෙන් අනතුරුව ධර්මශාලාවල බෞද්ධ උපභාෂා ආයතනයේදී ඔහු තමාගේ අධ්‍යාපනය සම්පූර්ණ කළේය. දලයි ලාමා වහන්සේගේ උපදෙස් පරිදි ඔහු කැනඩාවේ වසර දෙකක් ඉංග්‍රීසි අධ්‍යාපනය හදාරා නිම කොට තමුන්ගේ උසස් බෞද්ධ ශික්ෂණය දිගටම කරගෙන යන්නේය. 

Top