අප විසින් අපගේ අවධානය යම් අයෙකුගේ වැරදි හෝ අත් වැරදීම්වලින් එම පුද්ගලයා වෙත මාරු කොට ඔවුන් අවුල් හෝ කැළඹුණු සිතින් කටයුතු කර ඇත්තේය යන්න අවබෝධ කරගත් විටදී, අපි කෝපයට පත්වීමෙන් වැළකී කාරුණිකව ඔවුන් වෙත සමාව ලබා දෙන්නෙමු.
Meditation forgiving others 1

පැහැදිලි කිරීම

ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට අනුව, සමාව දීම යනුවෙන් අර්ථවත් වනුයේ යමෙකුගේ වරදක්, දෝෂයක් හෝ අත් වැරැද්දක් සම්බන්ධයෙන් ඔහු කෙරෙහි කෝපයක් හෝ නොරුස්නා හැඟීමක් ඇතිකර ගැනීමෙන් වැළකීමයි. ඇතැමුන් හට, එතුළ සමාවක් ලබා දෙන්නාවූ යම් ඉහළ බලධාරියෙකු හෝ කෝප ගන්වන ලද පුද්ගලයෙකුද සිටින අතර ඉන්පසු එම වරදකරු ඔවුන් විසින් එම කටයුතුවලට ලබාදෙන දඬුවමින් නිදහස් කරවන්නේය යන අතිරේක අරුතක් ගැබ්වේ.

මානසික සාධක සම්බන්ධ බෞද්ධ විග්‍රහය තුළ සමාව ලබාදීම යන යෙදුමක් විශේෂයෙන් ඇතුළත් නොවන නමුත් එතුළ කෝපය, (යම් තරහවක් සිත්හි තබාගෙන සිටීම ඇතුළත්) නොරිස්සීම හා කෝප නොවීම හා කෲර නොවීම යන ඒවාහි විරුද්ධාර්ථයන්ද ඇතුළත් වේ.

  • කෝපයට පත් නොවීම යනු අපගේ ක්‍රියාවන් හේතුකොට දුකට පත්ව ඇති හෝ පත්වනු ඇත්තාවූ අන් අයට හෝ අපටමද ප්‍රතිචාරී වශයෙන් එකට එක කරමින් හානි සිදු කිරීමේ පැතුමක්, සිතිවිල්ලක් පවත්වා නොගැනීමයි.
  • කෲර නොවීම මගින් ඔවුන් ඔවුන්ගේ දුකින් හා එයට හේතුවන කරුණුවලින්ද මිදේවාය යන පැතුම වන කරුණාවට අගය එක් කිරීමක් සිදුකරනු ලබයි.

ඒ අනුව, බෞද්ධ දෘෂ්ටි කෝණයකින් සලකා බලන කල, අපගේ හානිකර ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් ලෙස අන් අය හෝ අපමද සියලු දුක්වලින් මිදේවාය යන පැතුම ඇතිකර ගන්නෙමු. එනමුත් යමෙකු හට ඔහුගේ අවකල්ක්‍රියාවනට අදාළ කර්ම ප්‍රතිවිපාකයන්ගෙන් සමාව ලබාදීමේ බලයක් කිසිවෙකු තුළ හෝ නොමැති බැවින් අපරාධකරුවනට සමාව ලබාදීමේදී පූජකවරයෙකු හෝ අධිකරණ විනිසුරුවරයෙකු වැනි තමාට වඩා ශුද්ධවූ පිම්බුණු ආත්ම හැඟීමක් නොමැත.
 
සමාව ලබාදීම සම්බන්ධ බෞද්ධ ප්‍රවේශයේ මූලික කරුණ වනුයේ අන් කිසිවෙකු හෝ අපම හෝ ලෙස එන අදාළ පුද්ගලයා ඔහුගේ හානිකර හෝ පාපකාරී ක්‍රියාවන්ගෙන් හෝ අත් වැරදීම්වලින් වෙන්කොට දැකීමයි. අප විසින් හානිකර ක්‍රියාවන් සිදු කරමින් අත් වැරදි සිදු කරනුයේ අප අයහපත් පුද්ගලයන් වන බැවින් නොව, ‍චර්යාමය හේතු-ඵලයන් පිළිබඳව හා යථාර්ථය පිළිබඳවද අප ව්‍යාකූලත්වයට පත්ව සිටින අතර අපගේ අවබෝධය සීමිත වන බැවින්මද අප විසින් අත් වැරදි සිදුකරන බැවිනි. පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන ව්‍යාකූලත්වය හා ගැටලු සමගින් අපි සීමිත සාංසාරික සත්ත්වයන් වන බැවින් අපි කරුණාවට භාජනය වීමට සුදුසු වස්තූන්ද වන්නෙමු. අප විසින් අප මතම ප්‍රමාණවත් වැරදි හා දුක් ඇති කරවන බැවින් එයට තවදුරටත් වැරදි හා දුක් ඇතිකළ යුතු නොවේ.

ඒ අනුව බෞද්ධ සන්දර්භය තුළ සමාව ලබාදීම යන්නෙන් අදහස් කෙරෙනුයේ:

  • වෙනයම් අයෙකු වේවා, අපම හෝ වේවා, පුද්ගලයා ක්‍රියාවෙන් වෙන්කොට ගැනීම
  • ඔවුන් හෝ අප වෙතම හෝ කෝපයට හෝ කෘෘරත්වයට පත් නොවී, ඒ වෙනුවට
  • හානිකරව ක්‍රියාත්මක වීමට හෝ අත් වැරැද්දක් සිදු කිරීමට අප යොමුකළ කවර හෝ කරුණකින් අප හෝ ඔවුන් මිදේවාය යන පැතුමද සමගින් කරුණාවක් දැනීම, යන කරුණුයි.

එනමුත්, හානිකර චර්යාව හෝ අත් වැරැද්දට අනුව ගත්කල, අපි හුදෙක්ම වාඩිවී කිසිවක් නොකර නොසිටිමු. කෝපයකින් හෝ එදිරිවාදී හැඟීමක් සිත දරා‍ගැනීමකින් හෝ අපි ඔවුනට සමාව දෙමුය යන ගර්වාන්විත හැඟීමකින්ද තොරව තවදුරටත් හානිකර චර්යාවන්ගෙන් වැළකී වැරදි නිවැරදි කිරීම සඳහා ගතහැකි කවර වූ හෝ පියවරයන් වේනම් ඒවා ගන්නෙමු.

භාවනාව

අප විසින් අන් අය හා අප පිළිබඳවමද සමාව ලබාදීමේ ගුණය ගොඩනගාගත යුතුවන නමුදු, අද දින අපි අන් අය පිළිබඳ අවධානය යොමු කරමු. ඊළඟ වතාවේ අප පිළිබඳ අවධානය යොමු කරමු.

  • හුස්ම මත අවධානය පවත්වා ගනිමින් සන්සුන් වන්න.
  • පසු කාලීනව ඔවුන් විසින් සිදුකරන ලද දෙය පිළිබඳව නොකඩවා සිතමින් කෝපයට හා වියවුලටද පත්වන අයුරින් ඔබ රිදවන ලද හෝ කෝපයට පත් කරවන ලද හෝ ඔබගේ කෝපයට හේතු වූ හෝ නොරිස්සීමට ලක්වූ යම් කිසිවක් සිදුකළ පුද්ගලයකු පිළිබ‍ඳ සිහියට නගාගන්න.
  • ඔබට එය දැනුනු ආකාරය සිහිපත් කරන්නට උත්සාහ ගනිමින් මෙයාකාරයේ හැඟීම් සතුටුදායක හෝ සුව පහසු චිත්ත ස්වභාවයක් නොවන්නේය යන කරුණ සැලකිල්ලට ලක් කරන්න.
  • ඔබට එය හැඟුණු ආකාරය සිහිපත් කරමින් මෙයාකාරයෙන් හැඟීම් ඇතිවීම සතුටුදායක හෝ සුව පහසු චිත්ත ස්වභාවයක් නොවන්නේය යන කරුණ මත අවධානය යොමු කිරීමට උත්සාහ කරන්න.
  • දැන්, අදාළ පුද්ගලයා ඔහුගේ ක්‍රියාවෙන් වෙන්කොට ගැනීමට උත්සාහ කරන්න. මෙය ඔවුන්ගේ සමස්ත ජීවිත කාලයට අදාල සන්දර්භය තුළ, අදාළ සිදුවීම බොහෝ අවස්ථාවන්හි සිදුවී තිබුණද, හුදෙක් එක් සිදුවීමක් පමණි.
  • මාද ඇතුළත් අන් සියලු දෙනා මෙන්ම අදාළ පුද්ගලයා හටද සතුටින් සිටිමින් අසතුටින් මිදී සිටීමට අවශ්‍ය වූ නමුදු තමාට සතුට ලැබෙනුයේ කවරක් තුළින්ද යන කරුණ පිළිබ‍ඳ ව්‍යාකූලත්වයකින් පසුවූ අතර, අසතුටින් සිටීම හේතුවෙන්, නොදැනුවත්භාවය හා මෝහය තුළින් ඔබගේ හැඟීම්වලට වේදනා දෙමින් හෝ ඔබ කෝපයට පත්වන දෙයක් සිදු කිරීමෙන් ඔහු විසින් හානිකර ලෙස කටයුතු කරන ලදී.
  • ඔබ මෙම වැටහීම මත වඩ වඩාත් අවධානය යොමු කරන්නට කරන්නට, ඔබගේ කෝපය හා නොරුස්නා බව වඩ වඩාත් යටපත් වන, තුනීවී යන ආකාරය අවධානයට ලක් කරන්න.
  • ඔබ රිදවීමට හෝ ඔබ කෝපයට පත්කරවන දෙයක් සිදු කිරීමට ඔවුන් යොමු කරවන ලද ව්‍යාකූලත්වයෙන් හා අසතුටින් ඔවුන් මිදේවාය යන පැතුම හෙවත් ඔවුන් කෙරෙහි වූ කරුණාවක් උත්පාදනය කරගන්න.
  • යම් සුදුසු අවස්ථාවකදී, ඔබ සන්සුන්ව සිටින හා ඔවුන්ද ඔබගේ අදහස් ලබා ගැනීමේ තත්ත්වයක සිටින අවස්ථාවක, ඔබගේ සිත රිදවන ආකාරයෙන් ඔවුන් විසින් සිදුකරන ලද කාර්යය පෙන්වා දී ගැටලුව නිරාකරණය කරගැනීමට උත්සාහ කරන බවට අදිටන් කරගන්න.

අත් වැරදීමක් සිදුවූ අයෙකු සම්බන්ධයෙන් මෙකරුණු නැවත නැවතද සිදු කරන්න:

  • ඔවුන් විසින් සිදුකරන ලද අත් වැරැද්ද හා ඔවුන් සමගින් ඔබ කෝපගත් ආකාරය සිහි කරන්න.
  • ඔබට එය දැනුනු ආකාරය සිහිපත් කිරීමට හා මෙයාකාරයේ හැඟීම් සතුටුදායක හෝ සුව පහසු චිත්ත ස්වභාවයක් නොවන බව අවධානයට ලක් කරන්නට උත්සාහ කරන්න.
  • දැන්, අදාළ පුද්ගලයා හා අදාළ වරදකාරී ක්‍රියාව අතර සිතින් වෙන්කොට දැකීමක් සිදු කරන්නට උත්සාහ කරන්න.
  • මාද ඇතුළත් අදාළ පුද්ගලයා හට අපට උපකාරී වීමට අවශ්‍ය වූ අතර අත් වැරැද්දක් සිදු නොවීමට අවශ්‍ය වුවද, යම් කටයුත්තක් සිදු කිරීමේ යහපත්ම විධිය හෝ කටයුතු කළ යුතු හොඳම ආකාරය පිළිබඳ චිත්ත ව්‍යාකූලත්වයකින් පසුවූවා හෝ අවධානය යොමු නොකර සිටින හෝ කම්මැලිකම වැනි තත්ත්වයක සිටි බැවින්, නොදැනුවත් බව හා කැළඹිලිකාරී භාවයන් හේතුකොට එම අත් වැරැද්ද සිදු කරන ලදී. ඔහු සීමිත සාංසාරික සත්ත්වයෙකු වන බැවින් නිරතුරු සර්ව සම්පූර්ණව සිටිමින් කිසි විටෙක හෝ අත් වැරැද්දක් සිදු නොකරනු ඇතැයි සිතීම අතාත්විකය.
  • වැටහීම මත අවධානය යොමු කරන්නට කරන්නට, ඔබගේ කෝපය වඩ වඩාත් යටපත්වන ආකාරය සැලකිල්ලට ගන්න.
  • ඔවුන් හට අත් වැරැද්දක් සිදු කිරීමට කරුණු සැලසූ ව්‍යාකූලත්වයෙන්, මෝහයෙන් හා කැළඹිලිකාරී භාවයන්ගෙන් ඔවුන් මිදේවාය යන පැතුම හෙවත් කරුණාව ‍උපදවා ගන්න.
  • යම් සුදුසු අවස්ථාවකදී, ඔබ සන්සුන්ව සිටින හා ඔවුන්ද ඔබගේ අදහස් ලබා ගැනීමේ තත්ත්වයක සිටින අවස්ථාවක, ඔවුන්ගේ අත් වැරැද්ද පෙන්වා දී ගැටලුව නිරාකරණය කරගැනීමට උත්සාහ කරන බවට අදිටන් කරගන්න.

සාරාංශය

සමාව ලබාදීම යන්නෙන් යමෙකුගේ හානිකර චර්යාවන් හෝ අත් වැරදීම් සම්බන්ධයෙන් ඔවුන් පසුතැවිලි නොවුවද ඔවුනට වඩා අප ශුද්ධවන්තයන් හා සර්ව සම්පූර්ණ පුද්ගලයන් ලෙසද ඔවුන් අපට වඩා අයහපත් පුද්ගලයන් ලෙසද සලකා අපගේ අහංකාර බලවත්කම යොදාගනිමින්, පසුතැවීමක් නොපෙන්වුවද,  එම පුද්ගලයාගේ චර්යාවට සමාව ලබාදීමක් අදහස් නොවේ. සමාව ලබාදීම යන්නෙන් කෝප නොවීම, නොරිස්සුම් හැඟීම් නොපවත්වා ගැනීම හා එදිරිවාදී ‍කෝන්තර සිත්හි තබා නොගනිමින් එකටෙක කිරීමේ අදහසක්ද නොපවත්වා ගැනීම අදහස් වේ. අපි අදාළ පුද්ගලයා ඔහුගේ කාර්යයෙන් වෙන්කොට ගනිමින් පුද්ගලයා පිළිබඳ කරුණාවක් ගොඩනගා ගනිමින් ඔහුගේ ක්‍රියාවන් නිවැරදි මඟට ගැනීමට හෝ ඔවුන් විසින් සිය අත් වැරදි නැවත නැවතද සිදු නොකරන තත්ත්වයක් ඇති කිරීමටද අවශ්‍ය පියවර ගැනීම සිදු කරමු. මෙයාකාරයෙන්, විශේෂයෙන් කෝපය විසින් කෝප සහගත සිතිවිලිද, කළහකාරී, එදිරිවාදී කථාවන්ද, අපරිස්සම්කාරී චර්යාවන්ද ඇති කරවන විටදී කෝපය විසින් අප ඉදිරියේ තනන බොරු වලවල්වලින් හා අසතුටින් වැළකීමට කටයුතු කරමු.

Top