බෞද්ධ - මුස්ලිම් සහජීවනය සම්බන්ධ දෘෂ්ටි කෝණ


බුදු දහම හා ඉස්ලාම් දහම අතර සංවාදය සඳහා අදාළ දෘෂ්ටි කෝණ කවරේද?

ඒ සඳහා ඉමහත් හැකියාවන් පවත්නේය යන්න මාගේ අදහසයි. 1977 වසරේ පමණ සිටම පසුගිය වසර 12ක පමණ කාලයක් පුරා මම මෙම සංවාදයට සම්බන්ධව සිටියෙමි. ඉස්ලාම් ලෝකයේ ප්‍රදේශ තුළ සංචාරය කරන අතරතුරදී මවිසින් වටහාගත් කරුණක් වූයේ එහි ජනතාව ඉමහත් තොරතුරු පිපාසාවකින් පෙළෙන බවයි. ඔවුන් නිරතුරු මා හට පැවසූ දෙයක් වූයේ “අප සියලු දෙනා ත්‍රස්තවාදීන් නොවන බව කරුණාකර සියල්ලන් හට පවසන්න” යන්නයි.

විශේෂයෙන් මුස්ලිම් ලෝකය කරා ප්‍රවිශ්ට වෙමින් ආගමික සහජීවනය ඇති කිරීම යන කරුණ පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසින් දැඩිසේ අවධාරණය කර ඇත. ඔහු විසින් අවධාරණය කරන කරුණක් වනුයේ එකිනෙකා අනෙකාගේ ආගම වෙත හරවා ගැනීමේ කිසිදු අපේක්ෂාවකින් හෝ අදහසකින්ද තොරව එකිනෙකාගේ ඇදහිලි, විශ්වාසයන් පිළිබඳ දැනගැනීමේ අධ්‍යාපනයක් අපට අවශ්‍ය බවයි. අප තුළ සැබැවින්ම එකිනෙකට වෙනස් වූ අදහස් පවත්නා යම් යම් ලබ්ධීන් පවත්නා නමුදු එකරුණ කෙරෙහි අවධානය යොමු කිරීමට හේතුවක් හෝ ඉන් අත්වන ප්‍රයෝජනයක් හෝ නොමැත. අප විසින් එකිනෙකාගේ ඇදහිලි ක්‍රමවලට ගරු කරමින්, ඒ එකිනෙක ආගමික විශ්වාසයන් ඒවා අනුගමනය කරන්නන් හට උපකාර කරන ආකාරය වටහා ගනිමින් එය අගයමින්, අප තුළ පොදුවේ පවත්නා දේ අවධාරණය කිරීම සඳහා එක්ව කටයුතු කළ යුතුය. මෙයයි විශේෂයෙන් මූලික ආචාර ධර්ම සම්බන්ධයෙන් පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසින් “විශ්වීය වටිනාකම්” ලෙස හඳුන්වනු ලබන්නේ.

මෙයාකාරයෙන් සියලු දෙනා හට අවශ්‍ය වන්නාවූ සාමය හා සමගිය උදෙසා කටයුතු කළ යුතුවේ. මින් අදහස් කෙරෙන්නේ අප විසින් සිදුකරන කවර වූ හෝ කටයුත්තක් තුළ මුස්ලිම් ආගමිකයන්ද ඇතුළත් කරගන්නා අතර, “ඔවුනට” එරෙහිව “අපි” යන ආකල්පයක් කිසි විටෙක හෝ පවත්වා නොගැනීමයි. බොහෝ පුද්ගලයන් එම කරුණු එම භාෂාවන්ගෙන් කියවීම සිදු නොවිය හැකි නමුදු මාගේ වෙබ් අඩවියේ බෞද්ධ හා ඉස්ලාම් කොටස් ඉස්ලාම් භාෂාවනට පරිවර්තනය කොට තැබීම, නිදසුනක් ලෙස මුස්ලිම් ජාතිකයන් හට ගෞරවය දැක්වීම පිළිබඳ සලකුණකි. ගෞරවය දැක්වීම අතිශයින්ම වැදගත් කරුණක් වන අතර, එය වූකලි පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසින්ද දිරි ගන්වමින් සහාය දක්වනු ලබන ගුණයකි.

බුදු දහම හා ඉස්ලාම් දහම ලෙස වූ මෙම සංස්කෘතීන් දෙක අතර පවත්නා සම්බන්ධතාවයනට අදාළ ඉතිහාසය පිළිබඳ මවිසින් ලේඛනගත කෘතිය තුළ මුස්ලිමුන් විසින් බෞද්ධ වූ සියලු දේ ඉන්දියාව තුළින් විනාශ කර දැමීය යන්න පමණක් අන්තර්ගත පැරණි ප්‍රචාරක ව්‍යාපාරයම නැවත ප්‍රකාශ කරනු වෙනුවට මවිසින් වඩාත් විෂයානුබද්ධ පින්තූරයක් ඉදිරිපත් කිරීමට උත්සාහ කොට ඇත. ඉතිහාසය පිළිබඳ‍ එවන් කරුණු ඉදිරිපත් කිරීම් තුළ මුස්ලිම් ආක්‍රමණිකයන් හුදෙක් ආගමික උන්මත්තකයන් පිරිසක් සෙයින් ගෙනහැර දක්වනු ලබන නමුත් වෙනත් ඕනෑම ආක්‍රමණිකයෙකුට මෙන්ම ඔවුන් හටද මුදල්, බලය ලබාගැනීම ආදී ලෙස වූ අරමුණු හා අභිප්‍රායන් තිබිණි. ඒ වෙනුවට, මුස්ලිම් ජාතිකයන් වෙතින් අපට නවීන විද්‍යාවේ බොහෝ කරුණු ලැබුණු බවට ආදී වශයෙන් ඒ එක් එක් සංස්කෘතියක් විසින් එකිනෙකා වෙත ලබාදී ඇති ධනාත්මක දායකත්වයන් පෙන්වා දෙමින් අවධාරණය කළ යුතුව පවතී. මුස්ලිම් සංස්කෘතීන්හි මෙකී ධනාත්මක දායකත්වයන් අවධාරණය කරමින් අප විසින් සිදුකරන සියලු කාර්යයන්හිදී ඒවා ගෞරවයෙන් ඇතුළත් කරන්නට කරන්නට, සහයෝගය සඳහා ඉතා යහපත් අවකාශයක් විවර වන්නේය යන්න මාගේ අදහසයි. මවිසින් ඇතැම් මුස්ලිම් ආගමික නායකයන් හමුවීමේ හා මෙම ප්‍රවේශය කරා ඉතාමත්ම විවෘතව මෙම ගැටලු සාකච්ඡා කිරීමේ ගෞරවය භුක්ති විඳ ඇත.

Top