සතුට උදෙසා බෞද්ධ ඉඟි 8

How to 8 tips for happiness?sha=2419aed6778a7d5b

සතුට යනු කුමන දේ සිදු වුවත් අප සැවොම විඳීමට කැමති දෙයකි. එහෙත්, මූලිකවම ජීවිතයේ සිදුවන ඕනෑම දෙයක් සමග ගනුදෙනු කළ හැකි, සතුටින්පිරි පුද්ගලයෙකු වන්නේ කෙසේද? ඒ සඳහා බෞද්ධ ඉඟි කීපයක් මෙහි දැක්වේ.

  1. සෑම දිනකම යම් කාලයක් නිහඬව ඉන්න - හුස්ම ගැන අවධානය යොමු කරමින් සංසුන් වන්න.
  2. අන් අය සමග සිටින විට, ඔබ හැසිරෙන අයුරු සහ කතා කරන අයුරු ගැන සිහියෙන් යුතුව සිටින්න; තනිවම සිටින විට, ඔබේ මනසේ සිදුවන දේ ගැන සිහියෙන් යුතුව සිටින්න - සාධනීය ආකාරයෙන් ක්‍රියා කරන්න, කතා කරන්න සහ හිතන්න උත්සාහ කරන්න.
  3. සෑම දිනකම යම් අයෙකුට යහපත් දෙයක් කරන්න - ඔවුන්ගේ සතුට පිළිබඳව අවංක සැලකිලිමත් බවක් ඇති කරගන්න.
  4. අන් අය සමග ත්‍යගශීලි වන්න - එමඟින් තම වටිනාකම පිළිබඳ හැඟීම ඉහළ යනු ඇත.
  5. ඔබගේත් අන් අයගේත් ප්‍රබල කාරණා ගැන අවධානය යොමු කරන්න - ගැටලු පැන නඟින විට උදවු කරගත හැකි යෝජනා ඉදිරිපත් කරන්න.
  6. අනෙක් අය කරන ලද වැරදි අත්හැර දමන්න - සමාවදීම පුරුදු කරන්න.
  7. ඔබේම අත්වැරදි අත්හැර දමන්න - ඔබටම සමාවදෙන්න.
  8. යථාර්ථය පිළිගන්න - ජීවිතය බිඳවැටීම් සහ නැඟිසිටීම්වලින් පිරී ඇත. එහෙත් කුමන නරක දෙයක් සිදු වුවද ඒ සියල්ල ගත වී යනු ඇත.

සතුටට පත්වීම වෙන කොහේවත් සිට පැමිණෙන්නේ නැත. ඔබට ඒ සඳහා කටයුතු කිරීමට සිදුවේ. පුහුණුවත් සමග, සෑම අයෙකුටම වඩාත් සතුටින්පිරි ජීවිතයක් ගත කළ හැකිය.

Top