මූලික බෞද්ධ විශ්වාස 10

10%20basic%20buddhist%20beliefs
  1. හැම කෙනෙකුම සතුටින්පිරි ජීවිතයක් ගත කරන්න කැමති වන නමුත් එමඟින් අදහස් කරන්නේ කුමක්ද, නැතහොත් එය අත්පත් කරගන්නේ කෙසේද යන්න ගැන කීපදෙනෙක් පමණක් දනිති.
  2. අපගේ මනෝභාව සහ ආකල්ප අපට යමක් දැනෙන ආකාරය කෙරෙහි බලපායි. මනා පුහුණවකින්, ඍණාත්මක ආකල්පවලින් අපව මුදවා ගන්නත් වඩාත් නීරෝගි සහ වඩාත් ධනාත්මක ඒවා වර්ධනය කරගන්නත් අපට හැකිය. එසේ කිරීමෙන් අපේ ජීවිත වඩාත් සතුටින්පිරි සහ වඩාත් සපිරුණු ඒවා වෙයි.
  3. කෝපය, බිය, දැඩි ආශාව සහ ඇලීම වැනි බාධාකාරි මනෝභාව අපට මනසේ සැනසීමත් ස්වයං-පාලනයත් අහිමිකරවයි. මනා පුහුණුවකින්, ඒවායේ වසඟයෙන් අපව නිදහස් කර ගැනීමට අපට හැකිය.
  4. කෝපයෙන් නැතහොත් දැඩි ආශාවෙන් අතිශයින් වෙළී ක්‍රියා කිරීම අපට ගැටලු ඇති කරවයි, නොසතුට වෙතද යොමු කරවයි. මනා පුහුණුවකින්, සංසුන් වීම, පැහැදිලිව සිතීම සහ බුද්ධිමත් ලෙස ක්‍රියා කිරීම අපට උගත හැකිය.
  5. මෛත්‍රිය, කරුණාව, ඉවසීම සහ අවබෝධය වැනි ධනාත්මක මනෝභාව, අපට සංසුන්ව, විවෘතව සහ නිරවුල්ව සිටීමටත් අප වෙත වැඩියෙන් සතුට ගෙන දීමටත් උපකාර වේ. මනා පුහුණුවකින්, ඒවා වැඩි දියුණු කර ගැනීම අපට උගත හැකිය.
  6. ආත්ම-කේන්ද්‍රීය බව, එනම් තමුන්ගේ යහපත ගැන පමණක් සිතන චර්යාව සහ චින්තනය අපව අන් අයගෙන් ඈත්කරන අතර නොසතුටටද පත්කරවයි. මනා පුහුණුවකින්, අපට ඒවා මැඩ පැවැත්විය හැකිය.
  7. අප සැවොම එකිනෙකාට සම්බන්ධ බව සහ අපේ ජීවන පැවැත්ම එකෙකා මත යැපෙන බව අවබෝධ කරගැනීමෙන් අපේ හදවතද බුද්ධියද විවෘත වන අතර එමඟින් අන් අයගේ උවමනා එපාකම් සොයා බැලීමේ ගුණය වර්ධන වීමද අප වෙත වැඩි වැඩියෙන් සතුට ළඟාවීමද සිදුවේ.
  8. අප වෙතද අනෙකා වෙතද ඇත’යි අප දැන හඳුනාගන්න බොහෝ දේ මෝහය මත පදනම් වූ මනඃකල්පිත ප්‍රක්ෂේපණයෝය. අපගේ ප්‍රක්ෂේපණයන් යථාර්ථය සමග සමපාත වන බව අප විශ්වාස කරන විට, අපි අප ගැනත් අන් අය ගැනත් ගැටලු නිර්මාණය කරගනිමු.
  9. නිවැරදි අවබෝධයත් සමග, අපව මෝහයෙන් ගලවා ගැනීමටද යථාර්ථය දැකීමටද අපට හැකිය. මෙමඟින් ජීවිතයේ සිදුවන කුමක් සමග වුවද සංසුන්ව සහ බුද්ධිමත්ව ක්‍රියා කිරීමට අපට හැකියාව ලැබේ.
  10. වඩා යහපත් පුද්ගලයෙකු වීමට අප තුළම ක්‍රියාත්මක වීම ජීවිතකාලීන අභියෝගයක් වන නමුත් අපේ ජීවිත සමග අපට කළ හැකි වඩාත්ම අර්ථාන්විත දෙයද එයම වේ.
Top