පරම පූජනීය දලයි ලාමා වහන්සේගේ සංදේශය

විසි-එක්වන සියවස ළඟා වෙත්ම ගෝලීය වශයෙන් තොරතුරු හුවමාරු කිරීමේ මාධ්‍යය ලෙස අන්තර්ජාලය වැඩි වැඩියෙන් ව්‍යාප්ත වෙමින් පවතී. බෞද්ධ ඉගැන්වීම්, එහි ඉතිහාසය, සහ ටිබෙට් සංස්කෘතියට අදාළ විවිධ මාතෘකා සම්බන්ධයෙන්ද මෙය සත්‍යයකි. විශේෂයෙන්ම, පොත්පත් සහ සුදුසුකම් ලත් ගුරුවරුන් දුලබ ස්ථානවල අප්‍රමාණ මිනිසුන් පිරිසකට තොරතුරු දැනගැනීමේ ප්‍රධානම මූලාශ්‍රයය බවට අන්තර්ජාලය පත් වී ඇත.

වැරදි වැටහීම් සහ ගුරුකුලවාදය සුලබව හමුවන ලෝකයක, මත ගැටුම් අවුලුවාලන අනවබෝධය දුරුකරන වඩාත්ම බලවත් ක්‍රමය අධ්‍යාපනයයි. මේ නිසා, බුදුදහමේ විවිධ ගුරුකුල සහ පැතිකඩ පිළිබඳවත් ටිබෙට් සංස්කෘතිය පිළිබඳවත් දිවයන පෘථුල ලිපි ගොන්නක් අන්තර්ජාලය හරහා ලොවපුරා භාවිත කළ හැකි පරිදි ඉදිරිපත් කරන වටිනා ආධ්‍යාපනික මෙවලමක් ලෙස දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින්ගේ බහුභාෂාරෝපිත berzinarchives.com වෙබ් පිටුව මම සාදරයෙන් පිළිගනිමි.

2007 ජනවාරි 26 දින
පරම පූජනීය දලයි ලාමා වහන්සේ

Top