ආධ්‍යාත්මික ගුරුවරු

යථාවබෝධ කළ ආචාර්යවරුන්ගේ අඛණ්ඩ පරම්පරාවක් ඔස්සේ බුදුන්වහන්සේ දක්වා ගමන් කළ හැකි නම් බෞද්ධ ඉගැන්වීම් අව්‍යාජ බව පිළිගත හැකිය. අපට මේ පිළිබඳව තහවුරු වී ඇති විටෙක, අපි එම ඉගැන්වීම් වඩන්න උත්සාහ ගනිමු. ඇයි යත්, ඒවා නිවැරදිව අවබෝධ කර ගෙන උපයෝගි කර ගත් කල්හි අප බලාපොරොත්තු වන ඵලය එයින් ලැබෙන බව අප දන්නා නිසාය.

ශාක්‍යමුනි බුදුන්වහන්සේ

වසර 2500කට පෙර භාරතයේ විසූ ශාක්‍යමුනි බුදුන්වහන්සේ ශ්‍රේෂ්ඨ ගුරුවරයෙකි. තමුන්වහන්සේ සම්බෝධියට පත්වීමෙන් අනතුරුව අනෙක් අයටත් එයම කළ හැකි බව පෙන්වා දුන්හ.

නාගාර්ජුනපාදයෝ

බුදුන්වහන්සේගේ ශූන්‍යතා දර්ශනය පැහැදිලි කළ නාගාර්ජුන හාමුදුරුවෝ පුරෝගාමී භාරතීය ආචාර්යවරයෙකි.

ආර්යදේවපාදයෝ

ආර්යදේව හාමුදුරුවෝ (ව්‍ය.ව. 2 සියවස හා 3 සියවස මැද) නාගාර්ජුන හාමුදුරුවන්ගේ ප්‍රධාන ශිෂ්‍යරත්නය වූහ. නාගාර්ජුන හාමුදුරුවන්ගේ ශූන්‍යතාව පිළිබඳ ඉගැන්වීම් උන්වහන්සේ පැහැදිලි කරමින් විචිත්‍ර ලෙස දැක්වූහ.

ශාන්තිදේවපාදයෝ

බෝධිසත්ත්ව ප්‍රතිපදාව සහ චර්යාව පැහැදිලි කළ ශ්‍රේෂ්ඨ භාරතීය ආචාර්යවරයා ශාන්තිදේව හාමුදුරුවෝ වූහ.

අතීශපාදයෝ

තිබ්බතයේ බුදුදහම අඩපණ වූ කල අතීශ හාමුදුරුවෝ තවත් වරක් බුදුදහම ඉන්දියාවෙන් තිබ්බතයට ගෙන ආහ.

14 වන දලයි ලාමා වහන්සේ

14 වන දලයි ලාමා වහන්සේ ටිබෙට් බුදුදහමේ ආධ්‍යාත්මික නායකයාණෝය, 1989දී නොබෙල් සාම ත්‍යාගය දිනුවාහුය, අවිහිංසාව සහ කරුණාවේ ලෝක සංකේතයය.

යොංඩ්සින් ලිං රින්පෝඡේ හිමි

යොංඩ්සින් ලිං රින්පෝඡේ හිමියෝ, 14 වන දලයි ලාමා වහන්සේගේ උපාධ්‍යායන් වහන්සේ වන අතර ගේලුග්පා සම්ප්‍රදායයේ 97 වන ආධ්‍යාත්මික නායකයා හෙවත් ගැන්දේන් ට්‍රිපා වේ.

ට්සෙන්ශාබ් සේකොං රින්පෝඡේ හිමි

ට්සෙන්ශාබ් සේකොං රින්පෝඡේ හිමියෝ, 14 වන දලයි ලාමා වහන්සෙගේ ගුරුවරයෙක්ද වාදසහායක ආචාර්යවරයාද වූ අතර තිබ්බතීය බුදුදහමේ හාත්පස හැදෑරූ ප්‍රවීණයෙක්ද වූහ.

දෙවන ට්සෙන්ශාබ් සේකොං රින්පෝඡේ

දෙවන ට්සෙන්ශාබ් සේකොං රින්පෝඡේ පළමු ට්සෙන්ශාබ් සේකොං රින්පෝඡේගේ ටුල්කු පුනරුත්පත්තියයි.

ගේශේ ඞවං ධර්ග්‍යේ හිමි

ඉන්දියාවේ ධර්මශාලාහි තිබ්බතීය කෘති සහ ලේඛනාරක්ෂණයේ සිටියාවූ බටහිර ජාතිකයන්ට ගේශේ ඞවං ධර්ග්‍යේ හිමියෝ පුරෝගාමී ගුරුවරයෙකු වූහ.
Top