මනසේ විද්‍යාව

පීඩාකාරී මනෝභාවයන් මැඬලාගෙන අපේ මනසේ උපරිම හැකියාව වෙත ළඟා වීමට නම් අපේ මනස ක්‍රියා කරන අයුරු අප දැන සිටීම අවශ්‍යය. අපගේ මනෝභාවයන් සහ සංකල්පීය වූද සංකල්පීය නොවන්නා වූද සිතුවිලි ක්‍රියාකරන විධිය පැහැදිලි කරන පරිපූර්ණ මානසික සිතියමක් බුදුදහම ඉදිරිපත් කරයි. මෙම දැනුම උපයෝගී කර ගෙන, වලංගු සහ වැරදි අදහස් වෙන්කර හඳුනා ගැනීමටද, අපගේ ජීවිත අත්දැකීම්වල මානසික කොටස්කරුවන් විසංයෝජනය කිරීමටද, අපේ මනස දමනය කරන්නේ කෙසේද කියා ඉගෙන ගැනීමටද අපට හැකිවේ.
Top