ශාන්තිදේවයන් අටවන සියවසේදී නැගෙනහිර ඉන්දියාවේ බෙංගාල් ප්‍රදේශයේ යම් පෙදෙසක රජෙකුගේ පුතු ලෙස උපත ලැබීය. සිහසුනට පත්වීමට ආසන්න සමයේදී ඔහුට මංජ්‍රශ්‍රී සිහිනෙන් පෙනී සිට "සිහසුන ඔබ සඳහා නොවේ" යැයි පවසන ලදී. මංජ්‍රශ්‍රීගේ උපදෙස පිළිගත් ඔහු සිහසුන හැරදා වනගත විය. එහිදී ඔහුට විවිධාකාර අබෞද්ධ ගුරුවරුන් හමුවූ අතර ඔවුන් සමගින් අධ්‍යයන කටයුතු කොට, තදබල සේ භාවනා කටයුතුවල නියැලී ධ්‍යාන සමාධිවලට අදාළ උසස් මට්ටම් සාක්ෂාත් කරගත්තේය. එනමුත්, ශාක්‍යමුනි විසින් මෙන්ම සමාධියේ ගැඹුරු මට්ටම් කරා පිවිසීම තුළ දුකෙහි මූල හේතු මුළිනුපුටා දැමීමක් සිදු නොවන බව ඔහු විසින්ද අවබෝධ කරගන්නා ලදී. මංජුශ්‍රී මත විශ්වාසය රඳා පවත්වා ගත් ඔහු හට අවසන සියලු බුදුවරුන්ගේ ප්‍රඥාවේ ජීවමාන ප්‍රතිරූපයන් පිළිබඳ සැබෑ දර්ශනයන් පහළ වන්නට වූ අතර, ඔහුගෙන් දේශනාවන් ලබන්නට විය.
ඉන්පසු වනයෙන් නික්මුණු ශාන්තිදේව නාලන්දා විශ්වවිද්‍යාලයට ගොස් එහි ප්‍රධාන භික්ෂුව වෙතින් භික්ෂුත්වය ලබාගන්නා ලදී. එහිදී මහා සූත්‍ර හා තන්ත්‍ර උගත් ඔහු ඒවා තදබල ලෙස පුහුණු කරන්නට වූ නමුත් සියලු පිළිවෙත් සඟවාගෙන සිටින්නට විය. ඒ අනුව සියලු දෙනාගේ සිතිවිල්ල වූයේ ඔහු ආහාර ගැනීම, නින්දට යාම හා වැසිකිලි යාම හැර අන් කිසිවක් හෝ සිදු නොකරන්නෙකු බවයි. එනමුත් සැබැවින්ම, ඔහු නිරතුරු පැහැදිලි ආලෝකමය භාවනා මට්ටමක සිටියේය.
අවසානයේ, ඔහු ප්‍රයෝජනවත් නොවන්නෙකු යැයි සිතූ ආරාමික භික්ෂූහූ ඔහු පළවා හැරීමට තීරණය කළහ. ව්‍යාජ හේතුවක් මවාපාමින් හා ඔහු සිය අඥානබව ප්‍රදර්ශනය කරනු ඇතැයි සිතා ඔවුහූ ඔහුට මුල් කාලීන කෘතියක් සම්බන්ධයෙන් දේශනයක් පවත්වන ලෙස දැනුම් දුන්හ. ඔහුට සමීප වීමට නොහැකි වනු ඇතැයි සිතා කිසිදු පඩිපෙළක් නොමැති ඉතා උස්වූ ආසනයක්ද පනවන ලදී. එනමුත්, ශාන්තිදේවයන් හට එයට පහසුවෙන්ම ගොඩවිය හැකිවන පරිදි ඔහුගේ මට්ටමට ආසනය පහත් විය.
ඉන්පසු, බෝධිසත්ත්ව චර්යාවෙහි නියැළීම, බෝධිසත්ත්වචර්යාවචාර නමැති දේශනය ඔහු විසින් ආරම්භ කරන ලදී. ශූන්‍යතාවය (හිස්බව) පිළිබඳ නවවන පරිච්ඡේදයෙහි වූ යම් පැදියක් ගායනා කරන ඉමට පැමිණි විටදී ඔහු ක්‍රමිකව අහසට නැගිණි. එම පැදිය පහත පරිදි වේ:
(IX.34) දෙබිඩි මනස ඉදිරිපිට (සැබෑ ලෙසම පවත්නාවූ) ක්‍රියාකාරී සංසිද්ධියක් හෝ (සැබෑ ලෙසම පවත්නාවූ) ක්‍රියාකාරී නොවන සංසිද්ධියක් (හෙවත් එහි ශූන්‍යතාවය) නොපවත්නා විටදී, සෙසු විකල්පයන් එහි නොපැවතිය හැකි බැවින්, (සිදු නොවිය හැකි දේ පිළිබඳ) මානසික අරමුණකින් තොරවූ (මට්ටමක් දක්වා දිවෙන) පූර්ණ සංසිඳීමක් ඇතිවේ.
ඉනික්බිති එම කෘතියේ ඉතිරි කොටස ගායනා කරන ඔහුගේ කටහඬ පමණක් ඇසෙන්නට විය. ඔහු කායමය වශයෙන් දර්ශන පථයෙන් අතුරුදන්ව තිබිණි. පසු කාලීනව භික්ෂූහූ එම පාඨ කට පාඩමින් ලේඛනගත කළහ.
සිය දේශනාව තුළ ශාන්තිදේවයන් විසින් නාලන්දාවේදී ලියන ලද වෙනත් කෘති දෙකක් පිළිබඳවද සඳහන් කරන ලදී: (1) ශික්ෂාසමුච්චය හා (2) සූත්‍රසමුච්චය වශයෙනි. එනමුත් එම කෘතීන් කවර ස්ථානයකින් සොයාගත හැක්කේද යන කරුණ කිසිවෙකු විසින් හෝ නොදන්නා ලදී. අවසන යම් අයෙකු හට ඒවා යම්කිසි භික්ෂුවකගේ කාමරයේ සිවිලිමේ බාල්ක කණු තුළ සඟවා ඇති බවට ශාන්තිදේවයන් විසින් කළ හෙළි කිරීමක් සහිත දර්ශනයක් පහළ විය. තමා පෞද්ගලිකවම ආපසු නොඑන බවද එම දර්ශනය තුළ ශාන්තිදේවයන් විසින් පවසන ලදී.
සූත්‍රසමුච්චය තුළ සූත්‍ර දේශනාවන්හි ප්‍රධාන කරුණුද, ශික්ෂාසමුච්චය තුළ සූත්‍ර පිළිවෙත් පිරීම්ද සාරාංශගත කරනු ලබයි. මෙහී දෙවනු කී කෘතියේ තිබ්බතීය පරිවර්තනය මෙන්ම බෝධිසත්ත්ව චර්යාවෙයි නියැලීම නමැති තෘතියෙහි තිබ්බතීය පරිවර්තනයද බුද්ධ දේශනාවන් සඳහා ලේඛනගත භාරතීය අටුවාවන්හි තිබ්බතීය පර්වර්තන සම්පිණ්ඩනය වූ ටෙංයුර් නම් කෘතියෙහි ඇත. කුනු ලාමා රින්පෝෂේට අනුව, සූත්‍රසමුච්චය තිබ්බත බසට පරිවර්තනය කරන ලද නමුදු එය ටෙංයුර් තුළ දක්නට නොලැබේ.
විශේෂයෙන් එහි නවවන පරිච්ඡේදය ඇතුළත්ව බෝධිසත්ත්ව චර්යාවෙහි නියැළීම නමැති කෘතියට ලියන ලද අටුවා ගණනාවක් වේ. මෙම කෘතිය තිබ්බතයේ සියලු බෞද්ධ ගුරුකුලයනට කේන්ද්‍රීය කෘතියක් වන බැවින් තිබ්බතීය අටුවාවන් සියලු සම්ප්‍රදායන්හි දක්නට ලැබේ. ගෙලුග් සම්ප්‍රදාය තුළ මාර්ගයේ ශ්‍රේණිගත අදියරයනට අදාළ මහා ඉදිරිපත් කිරීම නමැති ෂොංඛපා විසින් රචිත කෘතිය තුළ විශේෂයෙන් තමා හා සෙසු පිරිස් අතර සිදුකරන ගනුදෙනු සම්බන්ධයෙන් වූ දේශනා පිළිබඳ බොහෝ විට ශික්ෂාසමුච්චය හා බෝධිසත්ත්ව චර්යාවෙහි නියැළීම නමැති කෘති මත රඳා පැවැත්මක් දක්නට ලැබේ. බෝධිසත්ත්ව චර්යාවෙහි නියැළීම නමැති කෘතියට ෂොංඛපා විසින් වෙනම අටුවාවක් නොලියන ලද නමුදු මාර්ගයෙහි ශ්‍රේණිගත අදියරයන් පිළිබඳ මහා ඉදිරිපත් කිරීම නමැති ඔහුගේ කෘතිය තුළ එහි සාකච්ඡා වන බොහෝ කරුණු ආවරණය කෙරේ. ඔහු විසින් රචිත අර්ථ නිරූපණය කළ හැකි හා නියත අර්ථයන් පිළිබඳ සාරාර්ථ සංග්‍රහය නමැති කෘතිය තුළ නවවන පරිච්ඡේදයේ සිට දිවෙන බොහෝ කරුණු ආවරණය කෙරේ. ඔහු විසින් රචිත [මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳ (නාගාර්ජුනයන්ගේ 'මූල පැදි' සම්බන්ධ) චන්ද්‍රකීර්ති ගේ පරිපූරකයට] අදාළ අපේක්ෂාවන් සම්පූර්ණ වශයෙන් පැහැදිලි කිරීම නමැති කෘතියද බොහෝ සෙයින් ඒ මඳ රඳා පවතී.