ට්සොංඛාපාපාදයෝ

ට්සොංඛාපා හාමුදුරුවෝ (1357 - 1419) තිබ්බත බුදුදහමේ ශ්‍රේෂ්ඨ ප්‍රතිසංස්කාරකයාණෝය. භික්ෂු විනය දැඩි සේ ඉස්මතු කළ උන්වහන්සේ බෞද්ධ දර්ශනයේ සහ තාන්ත්‍රික ප්‍රතිපදාවේ ගැඹුරු තැන් බොහෝමයක් පැහැදිලි කළහ. උන්වහන්සේගෙන් පැවත එන ගේලුග්පා සම්ප්‍රදායය තිබ්බත බුදුදහමේ ප්‍රබලතම මුහුණුවරය.

Top