Study buddhism ling rinpoche 400

යොංඩ්සින් ලිං රින්පෝඡේ හිමි

14 වන දලයි ලාමා වහන්සේගේ උපාධ්‍යායන් වහන්සේද 97 වන ගැන්දේන් ට්‍රිපා වහන්සේද වන යොංඩ්සින් ලිං රින්පෝඡේ හිමියෝ (1903 - 1983) සූත්‍ර සහ තන්ත්‍ර යන විෂයයන් දෙකෙහිම ප්‍රවීණයෙක් වූහ. වජ්‍රභෛරව, ගුහ්‍යසමාජ, කාලචක්‍ර යන තන්ත්‍රවල පාරම්පරික රැකවලාද දායාදකරන්නාද උන්වහන්සේ වූහ. උන්වහන්සේ ලිං පුනරුත්පත්ති දාමයේ හයවැනියා වූ අතර ඔහුට පෙර සිටි තුන් නමක්ම පූර්ව දලයි ලමා වහන්සේට උපාධ්‍යාය ලෙසද ගැන්දේන් ට්‍රිපා වහන්සේ ලෙසද පත් වූහ.

Top