මනුෂ්‍යයාගේ සිත යනු අපගේ ගැටලුවල මූලය වන අතර, නිවැරදිව දිශාගත කළහොත්, එම ගැටලු සඳහා වූ විසඳුමද වේ. මනා අධ්‍යාපනයක් ලබාගත් නමුත් යහපත් හදවතක් නොමැති අය සාංකාවකට හෙවත් මුදුන්පත් කරවාගත නොහැකි ආශාවන්ගෙන් ඇතිවන අසහනයකට ගොදුරු වීමේ ක්ෂණික අවදානමක් ඇත. භෞතික දැනුම පහසුවෙන්ම සෘණාත්මක සිතිවිලි හා හැඟීම්වල මූලාශ්‍රයක් විය හැක. මෙයට ප්‍රතිවිරුද්ධව, ආධ්‍යාත්මික වටිනාකම් පිළිබඳ නිර්ව්‍යාජ වැටහීමක් තුළින් සාමය උදා වේ. – 14වන දලයි ලාමා වහන්සේ.
මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ආචාර ධර්ම හා පරිවර්තනීය වටිනාකම් සඳහා වූ දලයි ලාමා මධ්‍යස්ථානයේදී විශ්වමය ආචාර ධර්ම පිළිබඳ අප විසින් කථා කළ යුත්තේ මන්ද යන්න පිළිබඳව දලයි ලාමා වහන්සේ විසින් විස්තර කරන ලද අවස්ථාවේ, උන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දේ මෙම ග්‍රහලෝකයේ වාසය කරන බිලියන හතක් වූ ජනතාව අතරින් සැලකිය යුතු කොටසක් කිසිදු විශේෂ ලබ්ධියකට අයත් නොවන බවයි. තවද, උන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද්දේ යම් නිශ්චිත ආගමක් මත පදනම්ගත සිත පුහුණු කිරීමේ ක්‍රමයක් මෙම පුද්ගලයන් වෙත පිරිනැමීමේ හැකියාවක් අපට නොපවත්නා බවයි. මෙම පුහුණු ක්‍රමය ලෞකික අධ්‍යාපනය මත පදනම් වීම ඉතා වැදගත් කරුණක් බව උන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලදී.
එකල ඇමරිකාව තුළ මූල්‍ය අර්බුදය පුපුරා ගොස් තිබූ අතර, එ් අවස්ථාවේදීම වෝල් ස්ට්‍රීට් නායකයන් අතරින් බොහෝ දෙනෙකුම අයිවි ලීග් විශ්වවිද්‍යාලයන්ගෙන් පැමිණි අය බව උන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලදී. අර්බුද අවස්ථාවේ ඉතා පැහැදිලිව දිස්වූ ලෝභය හා රැවටිලිකාරිත්වය යන කරුණු පිළිබඳව ඔවුන්ගේ අධ්‍යාපනය ලබන අවස්ථාවේදී සැලකිල්ලට නොගත්තේ මන්ද? මෙහිදී මෙම මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනය විසින් භාවයන් අපගේ තීරණ ගැනීම හැඩගස්වන ආකාරය වටහා ගනිමින් අප විසින් ගනු ලබන තීරණයන්හි දිගු කාලීන ප්‍රතිවිපාක වටහා ගැනීම මගින් ලෝභය, රැවිටිලිකාරිත්වය යන කරුණු ආමන්ත්‍රණය කරන ආකාරය උගන්වනු ලබයි.
මෙහි පහත එන කරුණු තුන යෝජනා කරමින් විශ්වමය ආචාර ධර්ම ක්‍රියාවට නංවන ආකාරය පිළිබඳවද දලයි ලාමා වහන්සේ විසින් කථා කරන ලදී:
- ශික්ෂණය පිළිබඳ ආචාර ධර්ම
- ශීලය පිළිබඳ ආචාර ධර්ම
- මානව හිතවාදය හා කරුණාව පිළිබඳ ආචාර ධර්ම
ශික්ෂණයේ ආචාර ධර්ම යනු අපගේ කයේ හා වචනයේ සෘණාත්මක පුරුදු ඉවතලන ආකාරයයි. සිරුර දළ එකක්ද, මනස සියුම් එකක්ද වන බව දලයි ලාමා වහන්සේ විසින් දේශනා කර ඇත. අපට අපගේ සිරුර පවා පාලනය කරගත නොහැකි නම්, සිත පාලනය කරගැනීමේ අපේක්ෂාවක් තබාගන්නේ කෙසේද? පළමුව කයේ හා වචනයේද පසුව සිතේද සෘණාත්මක පුරුදු නිරීක්ෂණය කිරීමෙන් අප විසින් ආචාර ධාර්මික විනය පුහුණු කරන අතර එමගින් අපට ශීලය නමැති ආචාර ධර්මය සුරැකීමට අවකාශ සලසනු ලබයි. මින් අදහස් වනුයේ දයාව, කාරුණිකත්වය, සමාව දීම හා විචක්ෂණශීලිත්වය වැනි ධනාත්මක චර්යාවන් ප්‍රවර්ධනය කිරීමයි. මෙමගින් අවසන අප විසින් අපගේ ජීවිත අන්‍යයන් උදෙසා කැප කිරීමට යොමුවන්නාවූ මානව හිතවාදිත්වයේ හෝ කාරුණිකත්වයේ ආචාර ධර්ම කරා අප ගෙනයනු ලබයි.