දෙවන ට්සෙන්ශාබ් සේකොං රින්පෝචේගේ සංදේශය

ඇලෙක්ස් බර්සින් යනු මගේ පූර්වතමයාණන් වන පළමු ට්සෙන්ශාබ් සේකොං රින්පොචේ හිමියන්ගේ සමීප ගෝලයෙකුද භාෂානුවාදකයාද විය. මේ ජීවිතයේදී පවා අපි අපගේ  සමීප ධර්ම සම්බන්ධතාව බාධාවකින් තොරව පවත්වාගෙන යමු. ඇලෙක්ස් විසින් පරිවර්තනය කරන ලද මගේ පූර්වතමයාණන්ගේ ඉගැන්වීම් ගණනාවකින්ද ඔහුගෙන් ඉගෙන ගත් දේ පාදක කර ගෙන ඇලෙක්ස් විසින්ම සපයන ලද පැහැදිලි ඉගැන්වීම් ගණනාවකින්ද Berzin Archives සමන්විත වෙයි. මගේ පූර්වතමයාණන්ගේ පුළුල් ගුරුකුල විරහිත සම්ප්‍රදායය දිගටම පවත්වාගෙන යමින් විශාල පාඨක පිරිසක් වෙත එය බොහෝ භාෂාවන්ගෙන් භාවිත කළ හැකි සේ  ඔහුගේ වෙබ්අඩවිය මඟින් නිර්මාණය කිරීම ගැන මම අතිශයින් සතුටු වෙමි.

මෙම කටයුත්ත දිනෙන් දින වර්ධනය වී ඉදිරි පරපුරට නිවැරදි තොරතුරු සහ අධ්‍යයන ප්‍රබෝධය ලබා ගැනීමේ මූලාශ්‍රයයක් ලෙස මෙම වෙබ්පිටුව පවතීවා යන්න මගේ ගැඹුරුම ප්‍රාර්ථනාවය. මේ තුළින් මිනිසුන් ලබන විදර්ශනා ඥානය ඔවුන්ගේ නිර්වාණාවබෝධය ඉක්මනින් ළඟා කරවීමට හේතු වේවා.

2008 නොවැම්බර් 22 දින
ට්සෙන්ශාබ් සේකොං ටුල්කු

Top