දෙවන ආර්ය සත්‍යය: දුකෙහි සැබෑ හේතු

පළමු ආර්ය සත්‍යය තුළ අප සියලු දෙනා විසින් අත් දකින්නාවූ සැබෑ දුක් ගෙනහැර දක්වනු ලබයි. මෙකී සියලු දුක් අවසන් කිරීමේ පෙළඹීමක් සහිත වූයේ නම්, අප විසින් ඒවාහි සැබෑ හේතු නිවැරදිව හඳුනාගත යුතුවේ. අප විසින් මුහුණ දෙනු ලබන සැබෑ ගැටලුව වනුයේ සියලු කල්හි කල්තබා හඳුනාගත නොහැකි ලෙස පෙරළෙමින් අසතුට හා අතෘප්තිකර, කෙටි කාලීන සතුටක් අප විසින් අත් දකින්නේය හා අප විසින් ඒවාහි ඉස්මතුවීම සදාකාලික එකක් බවට පත් කරන්නේය යන්න පමණක් නොවේ. වඩාත් භයානක කරුණ වනුයේ මෙකී පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන ඉහළ පහළ ගමන් කිරීම් අත්දකින සීමිත සිරුරු හා සිත් වර්ගයන් පවත්වාගෙන යාමේ තත්ත්වයද අපි සදාකාලික දෙයක් බවට පත් කිරීමයි. “හිසක් නොතිබියේ නම් හිසේ ඇම්මක්ද නැත” යනුවෙන් කියමනක් ඇත. එහි තරමක සරදම්කාරී ස්වරූපයක් ගැබ් වුවද, යම් සත්‍යයක්ද පවතී. අසිරිමත් ලෙස, බුදුන් වහන්සේ විසින් හිසේ ඇම්මට පමණක් නොව, හිසේ ඇම්ම සෑදෙන හිස් වර්ගයන් සහිතව නොකඩවා සිදුවන අපගේ පැවැත්ම සඳහාද වූ සැබෑ හේතුව සොයා ගන්නා ලදී. උන් වහන්සේ විසින් වදාළ පරිදි සැබෑ හේතුව වනුයේ අපගේ නොදැනුවත්භාවයයි. උන් වහන්සේ විසින් හෙළි කරන ලද පරිදි සැබෑ හේතුව වනුයේ යථාර්ථය සම්බන්ධ චර්යාත්මක හේතු ඵලවාදය පිළිබඳව වූ අපගේ නොදැනුවත්භාවය හෙවත් මෝහයයි.

අපගේ පැවැත්මේ ස්වභාවය පිළිබඳ නොදැනුවත්භාවය

මේ 21වන සියවසේ මුල් භාගය තුළ සාවද්‍ය තොරතුරු දසත පැතිරෙමින් පවත්නා සහ බොහෝ දෙනා විසින් ඊනියා “විකල්ප සත්‍යයන්” අදහන්නාවූ යුගයක අපි ජීවත් වෙමු. නොදැනුවත්භාවය හෙවත් ‘මෝහය’ ලෙස හඳුන්වනු ලබන කාරණය සියලු දුක්වල සැබෑ හේතුවය යන කරුණ බුදුන් වහන්සේ විසින් වසර දහස් ගණනකට පෙර හෙළි කරන ලද අතර, එය මේවන විට පුපුරා පැතිර යමින් පවතී. මෙම නොදැනුවත්භාවය අන්තර්ජාලය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ නොදැනීම වැනි කරුණුවලට අදාළ නොවේ. එයින් අදහස් වනුයේ අපගේ චර්යාවන්හි දිිගු කාලීන ඵලයන් පිළිබඳ පවත්නා චිත්ත ව්‍යාකූලත්වය වන අතර එහි පදනමෙහි අපගේ පැවැත්ම විශේෂ කොටගෙන යථාර්ථය පිළිබඳ නොදැනුවත්භාවය හා ව්‍යාකූලත්වයද පවතී. දේවල් වඩාත් අයහපත් අතට හරවන කරුණ වනුයේ අප විසින් අපගේ සාවද්‍ය දර්ශනයන් මුළුමනින්ම සත්‍ය ඒවා ලෙස විශ්වාස කිරීමයි. 

තරමක් වඩාත් සමීපව මෙකරුණ අධ්‍යයනය කරමු. අප සියලු දෙනා විසින් “මා, මා, මා” යනුවෙන් හඬ නගන අපගේ හිස තුළ පවත්නා හඬක් අත් දකිමින් සිටිමු. ඒ මත පදනම්ව, ඒ සියලු දේ කථා කරන , නාම රූපයන්ගෙන් වෙන්ව පවත්නා “මා” යනුවෙන් හඳුන්වන සොයාගත හැකි ස්ථිතියක් පවත්නේය යන ස්වයංක්‍රීය විශ්වාසයක් අප තුළ ඇතිවේ. “මා” වෙත සිදුවන දෙය පිළිබඳ සිත් තැවුල් ඇතිකර ගන්නා හෝ ‘මා’ විසින් ඊළඟ මොහොතේ කරන්නට යන දෙය පිළිබඳව සිතන ඕනෑම අවස්ථාවකදී අප වදවන ‘මා’ නමින් හැඳින්වෙන ස්පර්ශ කළ හැකි ස්ථිතියක් පවත්නා බවක් හැඟේ. සැබැවින්ම අපි සිටිමු: එය බුදුන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප නොකරන ලදී. ගැටලුව වනයේ අපට හැඟෙන ආකාරයෙන් එම පැවැත්ම සිදු නොවීමයි. අපි එකරුණ පිළිබඳ නොදැනුවත්ව සිටිමු; මෙම විකල්ප යථාර්ථය දැඩිසේ විශ්වාස කරන්නාවූ අපි ඒ අනුව මුළුමනින්ම ව්‍යාකූලව සිටිමු.

ආරක්ෂිත බවක් හඟවනු පිණිස කැළඹිලිකාරී භාවයන් හා බලහත්කාරී චර්යාවන්ද සමගින් පවත්නා අනාරක්ෂිත බව හා නිරර්ථක ප්‍රයත්නය 

එය යථාර්ථය හා අනුගත වන්නේය යන්න අප විසින් අදහන විටදී අපට අනාරක්ෂිත බවේ දුක අත් විඳීමට සිදු වන්නේය යන කරුණ අප සම්බන්ධ මෙම සාවද්‍ය සංකල්පනාවෙහි යම් වරදක් පවත්නා බවට වූ පැහැදිලි දර්ශකයකි. ආරක්ෂිත බවක් දැනීම සඳහා වු නිරර්ථක උත්සාහයක නිරත වෙමින් එහිදී අපට අප සනාථ කළ යුතු, ආරක්ෂා කළ යුතු හෝ ප්‍රකාශයට පත් කළ යුතු බවක් දැනේ. එවන් හැඟීමක් ඇතිවීම තුළ පහත සඳහන් කැළඹිලිකාරී භාවයන් හෙවත් ක්ලේෂයන් ඉස්මතු කරවනු ලබයි:

  • අප වෙත ආරක්ෂිත බවක් ලබාදෙනු ඇත්තාවූ යම් කිසිවක් ලබා ගැනීමේ ලෝභය
  • එයාකාරයෙන්ම ආරක්ෂිත බවක් ලබාගනු පිණිස අප වෙතින් යම් කිසිවක් ඉවත් කරලීම වෙනුවෙන් උපදින එදිරිවාදිත්වය හා තරහව
  • එතුළ ආරක්ෂිත බවක් දැනෙනු පිණිස අප විසින් අප වටා බැමි බඳින්නාවූ මෝහය

මෙම කැළඹිලිකාරී භාවයන් මගින් අපගේ පෙර නැඹුරුතාවයන් හා පුරුදු මත පදනම්ව යම් කිසිවක් සිදු කිරීමට හෝ ප්‍රකාශ කිරීමට අප පොළඹවාලමින් අපගේ චිත්ත සාමය හා ස්වයං පාලනය අහිමි කරගැනීමට මං සලසනු ලබයි. එවිට, බලහත්කාරී කර්ම ආවේගයක් මගින් එය සැබැවින්ම සිදු කිරීම දක්වා අප තල්ලු කරවනු ලබයි. 

අපගේ භාවමය ඉහළ පහළ යාම් සදාතනික කිරීම සඳහා බලපාන්නාවූ සැබෑ හේතු සාධක ලෙස මතුවන නොදැනුවත්භාවය, කැළඹිලිකාරී භාවයන් හා බලහත්කාරී චර්යාවන්

කර්ම හේතුඵලයන් විසින් අවධානය යොමු කරනුයේ අපගේ චර්යාවෙහි කෙටි කාලීන ප්‍රතිඵල මත නොව දිගු කාලීන ප්‍රතිඵල මතය. නිදසුනක් ලෙස, අප පිළිබඳව ඇතිවන්නාවූ අනාරක්ෂිත හැඟීම හේතුකොට, අපගේ සමාජ මාධ්‍ය පෝස්ටු වෙත ‘කැමතියි’ යන්න සඳහන් ලයික්ස් ලබාගැනීමේ තණ්හාව තුළින් ඒවා ලැබීම තුළ අපගේ පැවැත්ම තහවුරු කරමින් යම් ස්වයං වටිනාකමක් පිළිබඳ හැඟීමක් ලබාදෙනු ඇති බවක් සිතන්නෙමු. ඔබ සමාජ මාධ්‍ය තුළට ගොස් එයට ස්වයං ඡායාරූප හෙවත් සෙල්ෆි යොමු කරවන්නේ නම් ඔබ ඉන් ලබන පෞද්ගලික අත්දැකීම පිරික්සා බලන්න. කෙතරම් ‘කැමතියි’ සඳහන් ප්‍රතිචාරයන් සංඛ්‍යාවක් ලැබී ඇත්තේද යන්න විමසනු පිණිස දුරකථනය පරීක්ෂාකර බැලීම සඳහා දවසේ කී වතාවක් නම් ඔබට පෙළඹීමක් ඇති වන්නේද? යමෙකු විසින් ඔබගේ පෝස්ටුවට ‘කැමැතියි’ ප්‍රතිචාරයක් ලබාදී ඇති බව දක්නා විටදී ඇතිවන ක්ෂණික සතුට කෙතරම් වේලාවක් පවත්නේද? ඉන් ඉක්බිති කෙතරම් විගස ඔබ නැවත ඔබගේ දුරකථනය පරීක්ෂා කරන්නේද? ඔබට කිසි දින ‘කැමතියි’ යන ප්‍රතිචාරයන් ප්‍රමාණවත්ය යන හැඟීමක් ඇති වන්නේද? දවස පුරා ඔබගේ දුරකථනය පරීක්ෂා කරමින් සිටීමේ බලහත්කාරී හැඟීම සමගින් කටයුතු කරන්නට සිදුවීම සතුටුදායක චිත්ත ස්වභාවයක්ද? ‘කැමතියි’ ප්‍රතිචාර සොයා යාමේ දිගු කාලීන ප්‍රතිඵලය අසතුට නමැති දුකය යන්නට මෙය පැහැදිලි උදාහරණයකි. ප්‍රමාණවත් ‘කැමතියි’ ප්‍රතිචාර සංඛ්‍යාවක් මගින් ආරක්ෂිත හැඟීමක් ඇතිකළ හැක්කාවූ දැඩි හා ස්වාධීන පැවැත්මක් සහිත ‘මමෙකු’ සිටින්නේය යන සාවද්‍ය ආස්ථානය මත එය රඳා පවතී.

අප විසින් අපගේ වැඩුණු දරුවන් වෙත බලහත්කාරී පෙළඹීමක් තුළ උපකාර කිරීමට පෙළඹෙන ආදරය වැනි යහපත් පෙළඹීමක් පැවතියද, එය ප්‍රයෝජනවත් වීම හෝ තමාගේ අවශ්‍යතාවය අන් අයට දැනීම මගින් අපට අප පිළිබඳවම යහපත් හැඟීමක් ඇති කරවනු ඇත්තේය යන අමනෝඥ සාවද්‍ය සංකල්පය මත පදනම්ව පවත්නේ නම් මෙතුළින් අප අත් විඳින කිසිදු සතුටක් අප තෘප්තිමත් නොකරනු ඇත. ලුහුඬින් ප්‍රකාශ කරන්නේ නම්, අපගේ භාවමය ඉහළ පහළ යාම් ඉස්මතු වන ස්වභාවයට සනාතන ස්වරූපයක් ලබාදීමේ අපගේ ක්‍රියාවට සැබෑ හේතුව වනුයේ අප හා අන් අය හා සැබැවින්ම සියලු දෙය පවත්නා ආකාරය සම්බන්ධ අපගේ නොදැනුවත්භාවය හා සාවද්‍ය සංකල්පනාවන් හා එමගින් උත්පාදනය කරනු ලබන කැළඹිලිකාරී භාවයන් හා බලහත්කාරී කර්ම පෙළඹීම් හා බලහත්කාරී චර්යාවන්ද වේ. 

පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන උත්පත්තිය සදාතනිකත්වයට පත් කිරීමේ සැබෑ හේතු ලෙස නොදැනුවත්භාවය, කැළඹිලිකාරී භාවයන් හා බලහත්කාරී චර්යාව

නොදැනුවත්භාවය, කැළඹිලිකාරී භාවයන්, කර්ම සංවේදනාවන් යනු අසතුට හා අතෘප්තිකර සතුට අත් විඳීම සඳහා පදනම් කෙරෙන කයක් හා සිතක් සහිතව මෙම ජීවිතයේ හා මතු ජිවිතවලදීද බලහත්කාරී ලෙස අපගේ පැවැත්මට සදාතනිකත්වයක් ලබාදීම සඳහා ඉස්මතුවන සැබෑ හේතුද නොදැනුවත්බව, කැළඹිලිකාරී භාවයන් හා කර්ම ආවේගයන්ය යන කරුණ බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. අපගේ පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන පැවැත්ම හෙවත් අපගේ ‘සංසාරයේ’ සැබෑ හේතුව මෙම හැඟීම් කෙරෙහි වූ අපගේ ව්‍යාකූල ආකල්පය වන්නේය යන්න බුදුන් වහන්සේ විසින් පෙන්වා දෙන ලදී. 

කෙටි කාලීනව පවත්නා සතුටක් ඉස්මතුවන විටදී, එය ස්ථිරව නොපවත්නා බැවින් නිරර්ථක කාර්යයක් වුවද එය කිසි දින අවසන් නොවිය යුතුය යන පිපාසාවක් අපි ඇතිකර ගන්නෙමු. අපට අසතුටක් දැනෙන විටදී, අපගේ බලහත්කාරී චර්යාවන් විසින් වඩ වඩාත් එයම ඉස්මතු කරවනු ඇත්තේ වුවද, එය අප තුළින් බැහැර යා යුතු බවට වූ පිපාසාවකින් අපි පෙළෙමු. කිසිවක් හෝ නොදැනෙනු පිණිස ප්‍රබල වේදනා නාශකයන් ගත්තද, ඒ හා සමානවම කිසිවක් හෝ නොදැනෙනු වස් ගැඹුරු සමාධියකට සම වැදුනද, එම චිත්ත ස්වභාවයද නිසැක වශයෙන්ම හීන වී යන්නේ වුවද, එය එසේ නොවේවායි යන පිපාසාවකින් පසුවන්නෙමු. 

මෙයට අමතරව, ‘අනේ අසරණ මා’ යන සිතිවිල්ල සහිතව සංයුක්ත ස්ථිතියක් පවත්නේ යැයි සිතමින් ‘මා’ යන සංකල්පය හා ඇලෙන්නෙමු: ‘මට මේ සතුටින් ඉවත් වෙන්න අවශ්‍ය නෑ; මට මේ දුකින් වෙන් වෙන්න අවශ්‍යයි; කිසිවක් නොමැත්තේය යන මෙම හැඟීම ගෙවී නොයා යුතුය” ඈ වශයෙනි. අප මියයන මොහොතේදී ‘මා’ පිළිබඳ වූ ව්‍යාකූල අදහස් හා අපගේ හැඟීම් කෙරෙහි වූ මෙම කැළඹිලිකාරී භාවයන් ඇතිවන විටදී, නොකඩවා ජීවත් වීමේ හැකියාව ලබා දෙන පරිදි ඒවාද සමගින් පුනරුත්පත්තියක් ලැබීමේ අදහස සහිතව පුනර්භව සිරුරක් කරා කාන්දමක් සෙයින් අපගේ සිත් හා මෙම කැළඹිලිකාරී භාවයන් ආකර්ශනය කරගන්නා කර්ම සංවේදනාවක්, බලහත්කාරී මානසික පෙළඹීමක් එමගින් ක්‍රියාත්මක කරවනු ලබයි. මෙය වූකලි නොනැසී පැවතීමේ සහජාශාවෙහි බෞද්ධ සංස්කරණයක් මෙනි.

දුකෙහි සැබෑ හේතු සම්බන්ධ පැතිකඩයන් සතර

ඒ අනුව අපගේ ව්‍යාකූල ආකල්ප අපගේ සැබෑ දුකෙහි සැබෑ හේතු වේ. සත්‍යය වනුයේ අප විසින් පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන අපගේ දුකට සදාතනිකත්වයක් ලබා දෙන්නේය යන්නයි. විශේෂයෙන් නැවත නැවතද පුනරුත්පත්තීන් ලැබීමේ අපගේ අඛන්ඩත්වයට සම්බන්ධව මෙහි පැතිකඩයන් සතරක් පවතී. මෙම පැතිකඩයන් තුළින්, ඒවා පොදුවේ දුකෙහි සැබෑ හේතු වනුයේ කවරාකාරවද යන කරුණද අපට වටහාගත හැකිවේ.

  • කැළඹිලිකාරී භාවයන් හා බලහත්කාරී කර්ම ආවේගයන්ද සමගින් අපගේ පැවැත්ම පිළිබඳ පවත්නා නොදැනුවත්භාවය අපගේ සියලු දුක්වල සැබෑ හේතු වේ. අපගේ දුක කිසිදු හේතුවක් රහිතව හෝ ජ්‍යෝතිෂ ශාස්ත්‍රානුකූල ප්‍රතිරූපණයක් හෝ හුදු අවාසනාව වැනි නොගැලපෙන හේතුවක් තුළින් ඉස්මතු නොවේ.
  • දෙවනුව, අපගේ දුක් නැවත නැවතද සිදු කිරීමේ මූලාරම්භය වේ. එක් එක් අවස්ථාව තුළ දුක යන්න හුදෙක් එක් හේතු සාධකයක් මත පමණක් ඉස්මතු නොවන අතර බොහෝ හේතු සාධක ගණනාවක සම්බන්ධය තුළින් ඉස්මතු වේ.  
  • තෙවනුව, ඒවා අපගේ දුකෙහි දැඩි අභ්‍යන්තර නිෂ්පාදකයන් වේ. අපගේ දුක බාහිර මූලාශ්‍රයන් තුළින් හෝ සර්ව බලධාරී දෙවි කෙනෙකු තුළින් ඉස්මතු නොවේ. 
  • ඒවා අපගේ පෞද්ගලික දුක්වලට ඉස්මතු වීමට බලපාන්නාවූ ප්‍රත්‍යයන් වේ. දුක යන්න ලෞකික කටයුතු තුළින්ම පමණක් ඉස්මතු නොවන්නකි. එය ඉස්මතු වනුයේ ඒවා කෙරෙහි අප දක්වන ව්‍යාකූල ආකල්පයන් තුළිනි.

සාරාංශය

අප කිසිවෙකුට හෝ නොකඩවා අත් විඳීමට අවශ්‍ය නොවන්නාවූ අපගේ නැවත නැවතද ඇතිවන ගැටලු හා දුක්වල සැබෑ හේතු වනුයේ අප පිළිබඳව වූ සාවද්‍ය යථාර්ථයක් අප විසින් ප්‍රක්ෂේපණය කිරීම, ඒවා හුදෙක් මනහ්කල්පිතයන්ය යන කරුණ පිළිබඳ නොදැනුවත්භාවය, හා ඒවා මගින් උත්පාදනය කෙරෙන කැළඹිලිකාරී භාවයන් හා බලහත්කාරී චර්යාවය යන කරුණ දැනගත් කල්හි මෙම කරදර කාරයින්ගෙන් සදාකාලිකවම නිදහස් වීමේ අරුතක් ඇති බව නොදැනෙන්නේද? 

Top