ප්‍රඥා පරිපූර්ණත්වය: ප්‍රඥා පාරමිතා

යථාර්ථය හා මනහ්කල්පිතය අතර නිවැරදිව වෙන්කොට සැලකීමක් පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රඥාව නොමැති තැන අපගේම හා අන්‍යයන්ගේ ලෞකික හා ආධ්‍යාත්මික ධනාත්මක අරමුණු සාක්ෂාත් කරලීම සඳහා අවශ්‍ය වඩාත් වැදගත් මෙවලම අපට අහිමි වේ. නොදැනුවත්භාවය හා ව්‍යාකූලත්වය තුළ අපට හුදෙක් අප කෙරෙහිම හා වෙනයම් අයෙකු කෙරෙහි ප්‍රයෝජනවත් වනු ඇත්තේ කවරක්ද යන්න අනුමාන කිරීමක් පමණක් සිදුකළ හැකි අතර එහිදී බොහෝ විට අපගේ අනුමානය සාවද්‍ය වේ. කරුණාව හා බෝධිචිත්ත අරමුණක් සමගින් සම්බන්ධ වූ ප්‍රඥා පරිපූර්ණත්වය හෙවත් බලවත් ලෙස වෙන්කොට සැලකීමේ දැනුවත්භාවයක් සමගින් අපට බුද්ධත්වයට පත්විය හැකි අතර ජීවත්වන සෑම සියලු සත්ත්වයෙකු හටකම ප්‍රයෝජන සැලසීමේ වඩාත් ඵලදායී හා සුදුසු විධික්‍රම පිළිබඳ දැනුවත් විය හැක.

වඩාත් පොදුවේ “ප්‍රඥා පාරමිතා” ලෙස හැඳින්වෙන බලවත් වූ වෙන්කොට සැලකීමේ දැනුවත්භාවය වූකලි පාරමිතා සයෙන් අවසන් පාරමිතාව වේ. එමගින් බුද්ධත්වයට පත්වී අන් සියල්ලන් වෙතද පූර්ණ වශයෙන් ප්‍රයෝජන සැලසීම පිණිස අප දත යුතු සියලු දේහි ස්වභාවය හා සියුම් විස්තරද විග්‍රහ කරමින් නිවැරදිව හා සහතික ලෙසම වෙන්කොට දකින්නෙමු. නිවැරදි වැටහීම පවත්වා ගන්නාවූ බලවත් වූ වෙන්කොට දැක්මේ දැනුවත්භාවය නම් වූ මෙය කොටස් තුනකට බෙදේ.

  1. ගැඹුරුම සංසිද්ධිය - අර්ථමය කාණ්ඩයක් මගින් සංකල්පීය වශයෙන් හෝ ප්‍රකටව දිස්වන ආකාරයෙන් අසංකල්පීයව හෝ කවටහා ගනු ලබන, සියලු සංසිද්ධීන් තුළ ස්වයං සක්ථාපිත ස්වභාවයක් නොමැත්තේය යන යථාර්ථයේ සැබෑ ස්වභාවය.
  2. මතුපිටින් පෙනෙන සංකල්පීය සංසිද්ධි - අතින් සිදු කරන කලා හා ශිල්ප, වෛද්‍ය කර්මය, භාෂා හා ව්‍යාකරණ, තර්ක ශාස්ත්‍රය හා යථාර්ථාවබෝධයේ අදියරයන් හා ඒවා සාක්ෂාත් කරගත් විධික්‍රම හා ලක්ෂණයන් විශේෂ කොටගෙන සම්පූර්ණ බෞද්ධ දේශනා පිළිබඳ අභ්‍යන්තර දැනුම.
  3. සියලු සීමිත, දුක් විඳින සත්ත්වයන් වෙත ප්‍රයෝජන සලසන ආකාරය - බලවත් ආචාර ධාර්මික ස්වයං විනය, නොපසුබස්නා උත්සාහය හා චිත්ත ස්ථාවරත්වය ආශ්‍රිතවද සාකච්ඡා කෙරෙන උපකාර කළ යුතුවන පුද්ගලයන් වර්ග 11.

ප්‍රඥා පරිපූර්ණත්වයත් සමගින්, පහත සඳහන් සාධක නිවැරදිව හා තීරණාත්මකව වෙන්කොට දකින්නෙමු:

  • සාක්ෂාත් කරගැනීමට අරමුණු කරන ධනාත්මක අභිමතාර්ථ
  • ඒවා සාක්ෂාත් කරගැනීමේ ප්‍රයෝජන
  • ඒවා සාක්ෂාත් කර නොගැනීමෙන් ඉස්මතුවන අවාසි
  • මෙම අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා වන වඩාත් ඵලදායී විධික්‍රම
  • එම ක්‍රම පිළිබඳ නිසි පිළිවෙත් පුරන ආකාරය
  • එම පිළිවෙත් පූරණයට උත්සාහ කරන විටදී ඉස්මතු විය හැකි බාධක
  • මෙම බාධක වළකාලන හෝ මැඩ පවත්වන ආකාරයන්

බලවත් වූ වෙන්කොට දැකීමේ දැනුවත්භාවයෙන් ඉස්මතුවන නිවැරදි වැටහීමක් නොමැත්තේ නම් අපගේ බෞද්ධ විධික්‍රම පිළිබඳ පිළිවෙත් අන්ධ වූ, ඉලක්කය පිළිබඳ නිශ්චිතභාවයක් නොමැතිව, එම අරමුණ පවත්වාගන්නේ මන්ද හා එය සාක්ෂාත් කරගන්නා ආකාරය  සහ සාක්ෂාත් කරගත් පසු එම සාර්ථකත්වයෙන් කුමක් සිදු කරන්නේද යන කරුණු පිළිබඳ නොදැන පුරනු ලබන පිළිවෙතක් වේ. ආත්මාර්ථකාමී, අඥාන අභිප්‍රායන් පවත්නේ නම් අපගේ පිළිවෙත් දූෂණය වන අතර, කැළඹිලිකාරී භාවයන් හා ආකල්ප මගින් ඒවා අපිරිසිදු කෙරෙන අතරම එමගින් යම් සාර්ථකත්වයක් අත්පත් කරගැනීමේ ඉඩකඩක් පවත්නේ නම් එයට හානි පමුණුවනු ඇත.

ත්‍යාගශීලිත්වය, ආචාර ධාර්මික ස්වයං විනය, ඉවසීම, නොපසුබස්නා උත්සාහය හා මානසික ස්ථාවරත්වය හෙවත් සමාධිය යන සෙසු බලවත් ආකල්ප පහ නිවැරදිව ක්‍රියාත්මක කිරීම සඳහා බලවත් වූ වෙන්කොට දැකීමේ දැනුවත්භාවයක් අත්‍යවශ්‍ය වේ. මෙකී ප්‍රඥා පාරමිතාව සහිත විටදී, අපි පහත කරුණු නිවැරදිව හා තීරණාත්මකව වෙන්කොට දකින්නෙමු.

  • කිසිදු උඩඟුකමක් හෝ ඇල්මක් සහ පසුතැවීමකින් තොරව අන්‍යයන් හට අවශ්‍ය වන දෙය ලබාදීමේ හැකියාව ලැබෙන පරිදි දන් දීමට සුදුසු වන්නේ හා නොවන්නේ කවරක්ද හා කා හටද සහ, තවද, අප, දේවල් ලබාදෙන පුද්ගලයා හා අප විසින් ලබාදෙන දෙය සම්බන්ධ ශූන්‍යතාවය.
  • අපටම හා සෙස්සන්ටද ප්‍රයෝජනවත් වනුයේ හා හානිකර වනුයේ කවරක්ද යන්න හා අප විසින් ශුද්ධ ලෙසම අපගේ ආත්මාර්ථකාමී අරමුණු උදෙසා නොව අන්‍යයන් වෙත ප්‍රයෝජන සැලසීමේ අරමුණින්ම ආචාර ධාර්මික ස්වයං විනයෙහි නියුක්ත වන සන්සුන්, උපේක්ෂා සහගත නිර්වාණ මට්ටමක පසුවීමේ පවත්නා ගැටළු හා සංසාරයේ පවත්නා දුක්.
  • උපකාර කිරීම සඳහා අප විසින් දරනු ලබන උත්සාහයන් කෙරෙහි අන් අයගේ සෘණාත්මක හා එදිරිවාදී ප්‍රතිචාරයන් හා ධර්ම පිළිවෙත් පිරීමේදී මුහුණ පෑමට සිදුවන සියලු දුෂ්කරතා කෝප වීමකින් තොරව විඳ දාරගැනීමට හැකිවනු පිණිස නොඉවසීමේ පවත්නා දෝෂයන් හා ඉවසීමේ පවත්නා ප්‍රයෝජන.
  • කුසීත වීමකින් තොරව හෝ අධෛර්යයට පත් වී අතරමැද කටයුතු නවතාලීමකින් තොරව නොපසුබස්නා උත්සාහයේන පිළිවෙත් පුරන අයුරින් අප ආධ්‍යාත්මික අරමුණු වෙනුවෙන් ඉලක්කයක් පිහිටුවන්නේ මන්ද හා අප පුරන පිළිවෙත් මගින් ඒවා ළඟාකර දෙන ආකාරය.
  • යථාර්ථයේ සැබෑ ස්වභාවය මත අවධානය යොමු වූ චිත්ත ස්ථාවරත්වයක් සහිත සමාධිය මගින් අප වෙත විමුක්තිය හා බුද්ධත්වය ළඟා කර දෙන පරිදි යථාර්ථය කවරක්ද හා පැවැත්ම සිදුවිය නොහැකි ආකාරයන් පිළිබඳ චිත්ත ප්‍රක්ෂේපණය කවරක්ද යන්න. තවද, අපගේ අරමුණ පිළිබඳ වෙන්කොට දැකීමේ දැනුවත්භාවයද සහිතව, භාවනාවේදී අත්පත් කරගත් යම් ශාන්ත හා ප්‍රීතිමත් ස්වභාවයත් හෙවත් මට්ටමක් මගින් අන්‍යයන් වෙත උපකාර කිරීමේ අපගේ අරමුණින් සිත විසිර යාමට අවකාශ නොසලසන්නෙමු.

දස පාරමිතා

බලවත් ආකල්ප දහයක් ලැයිස්තුගත කෙරෙන විටදී, අවසන් ආකල්ප සතර බලවත් ලෙස වෙන්කොට දැකීමට අදාළ බෙදීම් වේ:

  • විධික්‍රම සම්බන්ධ බලවත් කුසලතාවය - ධර්ම දේශනා සත්‍ය සේ අත්දකිනු පිණිස තමා තුළට විහිදෙන පරිදි යොමු කරනු ලබන හා සෙසු අයට විමුක්තිය හා බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමට හැකිවන පරිදි බාහිරට විහිදෙන පරිදි යොමු කරනු ලබන, වඩාත් ඵලදායී හා සුදුසු ක්‍රමවලට අදාළ විශේෂ වෙන්කොට සැලකීමේ දැනුවත්භාවය. 
  • බලවත් අපේක්ෂාමය යැදුම - අපගේ සමස්ත ජීවිත කාලය තුළ බෝධිචිත්ත අරමුණින් වෙන් නොවීම හා කිසිදු ඛන්ඩනයකින් තොරව සදාකල් සිය කටයුතු කරගෙන යාම සඳහා අන් අයට ප්‍රතිලාභ සැලසීමේ අපගේ කටයුතු ලෙස එන අප අපේක්ෂා කරන දෙයට අදාළ විශේෂ වෙන්කොට සැලකීමේ දැනුවත්භාවයයි.
  • බලවත් සවිබල ගැන්වීම - අපගේ බලවත් වූ වෙන්කොට දැකීමේ දැනුවත්භාවය පුළුල් කරමින් ඇල්ම වැනි එයට ප්‍රතිරෝධී බලවේගයන් විසින් එය සිඳ දැමීමට අවකාශ නොදීම සඳහා යොදාගනු ලබන, විශ්ලේෂණය හා ස්ථාවරත්ව භාවනාව මගින් අත්පත් කරගනු ලබන විශේෂ වූ වෙන්කොට දැකීමෙ දැනුවත්භාවය.
  • බලවත් ගැඹුරු දැනුවත්භාවය - සියල්ල හා සම්බන්ධ මතුපිට හා ගැඹුරුම සත්‍යයන් එක් වරම වටහා ගැනීමට හැකිවනු පිණිස සියලු සංසිද්ධීන්හි ශූන්‍යතාවය පිළබඳ නිවැරදි වැටහීම හා පූර්ණ වශයෙන් ඒකාබද්ධ වනු පිණිස යොදාගනු ලබන විශේෂ වෙන්කොට දැකීමේ දැනුවත්භාවයයි.

සාරාංශය

බලවත් වූ වෙන්කොට දැකීමේ දැනුවත්භාවය තුළින්, අප විසින් ක්‍රියාවෙහි යොදවන ඕනෑම පිළිවෙතක ප්‍රයෝජන හා එම පිළිවෙත මගින් මැඩ පවත්වනු ලබන දෙය සමගින් නොකඩවා ජීවත් වීමේ දෝෂයන් පැහැදිලිව හා තීරණාත්මක ලෙස වෙන්කොට දකින්නෙමු. මෙම දැඩි වැටහීම හා හඳුනාගැනීම මගින් ලබන උපකාරය හේතුකොට හා ආදරය, කරුණාව හා බෝධිචිත්ත ඉලක්කය මගින් ලබන ශක්තිය මත පදනම්ව, අප විසින් සිදු කරන ඕනෑම ධර්ම පිළිවෙත් පූරණයක් බුද්ධත්වය සාක්ෂාත් කරගැනීම හා හැකිතාක් දුරට අන් සියල්ලන් වෙතද ප්‍රයෝජන සැලසීමේ හැකියාව සඳහා ඵලදායී වේ.

Top