අභිප්‍රේරණයේ හෙවත් පෙළඹීමේ අන්තර්මධ්‍ය හා උසස් මට්ටම්

සමාලෝචනය

අපි පෙරදී ඉතාම සුළු විෂය පථයකින් ඇරඹී පරිපූර්ණත්වයට පත්වන තෙක් මූලික වශයෙන් අපගේ පෙළඹීම පුළුල් හා ව්‍යාප්ත කරලීමට උත්සාහ කරන්නාවූ ආධ්‍යාත්මික මාර්ගයේ ශ්‍රේණිගත අදියරයන් පිළිබඳ කථා කරමින් සිටියෙමු. මෙයාකාරයෙන් එක් එක් අදියර එයට පෙර අදියර මත පදනම්ව ගොඩනැගේ.

මෙම සංවර්ධනය තුළ ඉදිරියට යා හැකි ක්‍රම දෙකක් පවත්නා බවද අපි දුටුවෙමු. අපට මෙලොව සුවසෙත පිණිස පමණක් ධර්මය අනුගමනය කිරීමේ සංස්කරණය අනුගමනය කළ හැකිය. අප බොහෝ දෙනෙකු ආරම්භය ලබාගනුයේ මෙම මට්ටමෙනි. කෙසේ වුවද, සම්ප්‍රදායික ඉදිරිපත් කිරීම තුළ මුලක් හෝ අගක් නොපෙනෙන්නාවූ පුරුත්පත්තිය පිළිබඳ උපකල්පනයක් පවත්නා බැවින් මෙම මට්ටම සලකා බැලීමක් හෝ එහිදී සිදු නොවේ. සැබෑ කොකා කෝලා මෙන් වූ සැබෑ ධර්මය තුළද මෙම සංවර්ධනය පුනරුත්පත්ති සන්දර්භය තුළ සිට සාකච්ඡා කරනු ලබයි.

පෙළඹීම්හි සියලු මට්ටම්හිදී මෙන්ම පෙළඹීමේ ආරම්භක මට්ටම තුළද ඉලක්කයක්, එම ඉලක්කය සාක්ෂාත් කරගැනීමට හේතුවක් මෙන්ම එම අරමුණ සාක්ෂාත් කරගැනීම කරා අප යොමු කරමින් එ් පසුපස පවත්නා භාවයක්ද පවතී. ආරම්භක අදියරේදී වඩාත් ඉහළ අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා අපවම වැඩි වර්ධනය කරගැනීම නොකඩවා ඉදිරියට ගෙනයා හැකිවන පරිදි අගනා මනුෂ්‍යාත්මභාවයක පුනරුත්පත්තීන් ලැබෙන බවට වගබලාගනිමින් මතු භවයන් වැඩිදියුණු කරගැනීමට අපේක්ෂා කරන්නෙමු. මෙම ජීවිත කාලය තුළ පමණක් අවසන් ඉලක්කයන් සාක්ෂාත් කරගැනීම දුෂ්කර බව අවබෝධ කරගන්නෙමු. එ් සඳහා දීර්ඝ කාලයක්ද, බොහෝ වෙහෙස වී සිදුකළ යුතු කාර්ය සම්භාරයක්ද පවතී. වඩා යහපත් පුනරුත්පත්තීන් නොකඩවා ලබාගත යුතු වීමේ හේතුව නම් මෙම මාර්ගය එ් අනුව වැඩීමට හැකිවීමයි.

අගනා මනුෂ්‍යාත්ම භාවයක් ලැබීමේ මෙකී අරමුණ සාක්ෂාත් කරගත් පසු සිදුකර ගැනීමට සැලසුම් කරනුයේ එයයි. මෙහිදී සාකච්ඡා කරනුයේ මතු භවයේදී දිව්‍ය සැප සම්පත් උරුම කරගැනීමක් පිළිබඳව නොවේ. මෙම විෂය පථය තුළ, වඩා යහපත් පුනරුත්පත්තියක් ලැබීම අපේක්ෂා කරනුයේ වඩා අයහපත් පුනරුත්පත්තීන් ලැබීමේ හැකියාව පිළිබඳව පවත්නා බිය හේතුවෙනි. මෙම අයහපත් තලයන් තුළ, අපගේ දියුණුව කෙරෙහි කටයුතු කිරීමේ හෝ වැඩිදියුණුවක් අත්පත් කරගැනීමේ හැකියාවක් අප සතු නොවේ. එසේ නමුදු, මෙම තත්ත්වය වළක්වාලීමේ මඟක් පවත්නේය යන විශ්වාසය අප සතුවේ. මෙය ආරක්ෂිත දිශානතිය හෝ සරණ යන යෙදුම් තුළින් සාකච්ඡා කළෙමු. මෙම දිශානතිය වනුයේ මූලික වශයෙන් අපගේ චර්යාව විශේෂ කොටගෙන අපගේ චිත්ත ක්‍රියාකාරිත්වයන් සමගින් ගමන් කරන්නාවූ සියලු සීමාවන් හා නිශේධනීය පැතිකඩයන් සදාකාලිකව පූර්ණ වශයෙන් නවතාලීමේ උත්සාහයයි. මෙයට අමතරව, අපට පුණ්‍යවන්ත ක්‍රියාවන්හි නිරත වීමට අවශ්‍ය වේ. මෙම කාර්යය සිදු කරනුයේ අප ලද මෙම අගනා මනුෂ්‍ය ජීවිතය තුළ වූ අවස්ථාවන් අගය කරමින් මෙම අවස්ථාව මරණයත් සමගින් අනිවාර්යයෙන් අහිමි වන්නේය යන වැටහීමත් සහිතවය. මරණය නියතයක් වන අතර එය කවර අවස්ථාවේ සිදුවනු ඇත්තේද යන්න නොදනිමු.

Top