අභිප්‍රේරණයේ හෙවත් පෙළඹීමේ අන්තර්මධ්‍ය හා උසස් මට්ටම්
සමාලෝචනය අපි පෙරදී ඉතාම සුළු විෂය පථයකින් ඇරඹී පරිපූර්ණත්වයට පත්වන තෙක් මූලික වශයෙන් අපගේ පෙළඹීම පුළුල් හා ව්‍යාප්ත කරලීමට උත්සාහ කරන්නාවූ ආධ්‍යාත්මික මාර්ගයේ ශ්‍රේණිගත අදියරයන් පිළිබඳ කථා කරමින් සිටියෙමු. මෙයාකාරයෙන් එක් එක් අදියර එයට පෙර අදියර මත පදනම්ව ගොඩනැගේ. මෙම...