ජීවිතයේ කවර වූ හෝ ධනාත්මක අභිමතාර්ථයක් සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය වන්නේ නම් ගොඩනගා ගතයුතු වන වැදගත් මානසික සාධක හයක් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දෙන ලදී. බුදුරජාණන් වහන්සේලා මෙන් පරිපූර්ණත්වයට පත් කිරීමෙන් අපටද විමුක්තිය හෙවත් අර්හත්වය හා බුද්ධත්වය සාක්ෂාත් කරගත හැකි බැවින් ඒවා සාමාන්‍යයෙන් පරිපූර්ණතා යන අදහස දෙන “පාරමිතා” ලෙස පරිවර්තනය කෙරේ. ඒවා තුළින් අපට අපගේ ගැටළු නමැති සාගරයේ එතෙරට ගමන් කළ හැකිවන බැවින් පාරමිතා නම් වූ සංස්කෘත වදන හා සමාන්තරව යමින් “බලවත් ආකල්ප” යනුවෙන් ඒවා හැඳින්වීමට කැමැත්තෙමි.
මෙම මානසික ස්වභාවයන් සය අලංකාර ලැයිස්තුවක් ලෙස පමණක් තබා නොගනිමු. ඒවා වූකලි අප අපගේ ජීවිතය ගත කිරීමේදී එකිනෙක සම්බන්ධ කරගත යුතුවන චිත්ත ස්වභාවයන් වේ. ලම්-රිම් (ශ්‍රේණිගත මාර්ගය) තුළ හමුවන අභිප්‍රේරණ මට්ටම් තුන හා අනුගතව ඒවා ජීවිත තුළ ගොඩනගා ගැනීම තුළින් අති මහත් ප්‍රයෝජන උදා කරනු ලබයි:
- ගැටළු වළකාලීමට හා නිරාකරණයට හැකියාව ලබාදෙනු ලබයි.
- අපට කැළඹිලිකාරී භාවයන්ගෙන් හා චිත්ත ස්වභාවයන්ගෙන් මිදීමට උපකාරී වේ.
- අන්‍යයන් වෙත උපරිම අයුරින් උපකාර කිරීමට අප බලගන්වනු ලබයි.
මෙම ධනාත්මක ආකල්ප ගොඩනගා ගැනීම සඳහා පුහුණු වන විටදී, මෙම ඉලක්ක එකක් හෝ ගණනාවක් සිත්හි තබාගත යුතුවේ. මෙමගින් ඒවා වැඩිදුරටත් ශක්තිමත් කරනු පිණිස කටයුතු නොකඩවා සිදු කිරීමට දැඩි දිරිගැන්වීමක් ඇති කරනු ලබයි.
1. ත්‍යාගශීලිත්වය
ත්‍යාගශීලිත්වය යනු අවශ්‍ය කවරක් හෝ අන්‍යයන් වෙත ලබාදීමේ කැමැත්තයි. එහි ප්‍රතිලාභයන් පහත පරිදි වේ:
- අඩු ස්වයං-ඇගයීමේ හා මානසික අවපීඩනයේ ගැටළුවලින් වැළකීමට හෝ ඉවත් වීමට උපකාරී වෙමින් අන්‍යයන් වෙනුවෙන් යම් දායකත්වයක් අපට ලබාදිය හැක්කේය යන ස්වීය වටිනාකම පිළිබඳ හැඟීමක් ඒ තුළින් ලබාදෙනු ලබයි.
- නැවත නැවතද ඉස්මතුවන ගැටළු ඇති කරවන්නාවූ අසතුටුදායක චිත්ත ස්වභාවයන් වන ලෝභය, මසුරුබව හා ඇල්ම මැඩ පැවැත්වීමට එමගින් අපට උපකාරයක් ලැබේ.
- එමගින් අවශ්‍යතා ඇති අන්‍යයන් වෙතද උපකාරයක් ලබාදෙනු ලබයි.
2. ආචාර ධාර්මික ස්වයං-විනය
ආචාර ධාර්මික ස්වයං විනය යනු පාපකාරී චර්යාවන්හි පවත්නා අවාසි සහගත තත්ත්වය අවබෝධ කරගනිමින් ඒවායින් වැළකී සිටීමයි. එහි ප්‍රයෝජන වනුයේ:
- පාපකාරී ලෙස ක්‍රියා කිරීමෙන්, කථා කිරීමෙන් හා සිතීමෙන් ඉස්මතුවන අපගේ සියලු ගැටළු වළකාලීමට එමගින් හැකියාව ලබාදෙනු ලබයි. එමගින් සැබෑ මිත්‍රත්වයේ පදනම වන අන්‍යයන් සමග විශ්වාසය ඇතිකර ගැනීමේ පදනමක් ඇති කරයි.
- අපට වඩා සන්සුන්, ස්ථාවර සිතක් ඇතිකර ගැනීමට හැකියාව ලබා දෙමින් අපගේ බලහත්කාරී පාපකාරී චර්යාවන් මැඩ පවත්වා ස්වයං පාලනයක් ගොඩනගා ගැනීමට උපකාරී වේ.
- අන්‍යයන් රිදවීමේන අප වළක්වනු ලබයි.
3. ඉවසීම
ඉවසීම යනු කෝප ගැනීමකින් හෝ ව්‍යාකූලත්වයට පත් වීමකින් තොරව දුෂ්කරතාවයන් ඉවසා සිටීමේ හැකියාවයි. එහි ප්‍රයෝජන පහත පරිදි වේ:
- දේවල් වරදින විටදී හෝ අප අතින් හෝ අන් අය අතින් වැරදි සිදුවන විටදී මහත් සේ කලබල වීමෙන් වැළකී සිටීමේ හැකියාව ලබාදෙනු ලබයි.
- කැළඹිලිකාරී චිත්ත ස්වභාවයන් වන කෝපය හා නොඉවසිල්ල මැඩ පැවැත්වීමට හැකියාව ලබා දෙනු ලබයි. දුෂ්කරතා හමුවේ සන්සුන්ව සිටීමේ හැකියාව ලැබේ.
- අන්‍යයන් විසින් අපගේ උපදෙස් නොපිළිපදින විටදී, වැරදි සිදු කරන විටදී, අතාර්කිකව ක්‍රියා හෝ කථා කරන විටදී හෝ අප වෙත මහත් කරදර පමුණුවන විටදී ඔවුන් සමගින් කෝප නොවන බැවින් එමගින් අන්‍යයන් වෙත වඩා හොඳින් උපකාර කිරීමේ හැකියාව අප වෙත ලබාදෙනු ලබයි.
4. නොපසුබස්නා උත්සාහය
දේවල් රළු පරළු ලෙස සිදුවන විටදී උත්සාහය අත් නොහරිමින් අවසානය දක්වා නොකඩවා සිය උත්සාහයෙහි නියැලීමේ අදිටන නොපසුබස්නා උත්සාහයයි. එහි ප්‍රතිලාභ පහත පරිදි වේ:
- අධෛර්යයට පත් වීමකින් තොරව ආරම්භ කළ කාර්යය අවසන් කිරීම සඳහා වූ ශක්තිය එමගින් අපට ලබාදෙනු ලබයි.
- සුළු හේතු මත කටයුතුවලින් අප ඉවත් කරන්නාවූ,කටයුතු කල් දැමීම සඳහා අප යොමු කරන්නාවූ අප ප්‍රමාණවත් නොමැති හා කම්මැලි අය බවට වූ හැඟීම මැඩ පැවැත්වීමට එමගින් උපකාරයක් ලැබේ.
- වඩාත් දුෂ්කර කාර්යයන් සාර්ථක කරගැනීමේ හැකියාව ලබා දෙමින් උපකාර කිරීමට ඉතාමත් අපහසු පුද්ගලයන් අත් හැරීමේ තත්ත්වයෙන් අප වළක්වාලනු ලබයි.
5. මානසික ස්ථාවරත්වය (සතිය)
මානසික ස්ථාවරත්වය (සතිය) යනු මනස අයාලේ යාම, ඇල්ම හීන වී යාම හා භාවමය වියවුල් සහගත බවින් මුළුමනින්ම මිදුණු චිත්ත ස්වභාවයකි. එහි ප්‍රයෝජන පහත පරිදි වේ:
- අත් වැරදි හා හදිසි අනතුරුවලින් වැළකී සිටීමට හැකිවන පරිදි කරන කාර්යය මත අවධානය යොමුකරගෙන සිටීමට එමගින් හැකියාව ලබාදෙනු ලබයි.
- පමණ ඉක්මවා කලබල වීමෙන්, සිත අවුල් වීමෙන් හෝ භාවමය වශයෙන් කැළඹිල්ලට පත් වීමෙන් වැළකී ආතතිය හා සාංකා තත්ත්වයන් මැඩ පැවැත්වීමට උපකාරයක් ලැබේ.
- අන්‍යයන් වෙත වඩාත් හොඳින් උපකාර කරන ආකාරය වටහාගත හැකිවන පරිදි ඔවුන් ප්‍රකාශ කරන දෙය හා ඔවුන් හැසිරෙන ආකාරය පිළිබඳ අවධානය යොමු කිරීමට අවකාශ සලසනු ලබයි.
6. වෙන් වෙන් වශයෙන් කරුණු අවබෝධ කර ගැනීම (ප්‍රඥාව)
වෙන් වෙන් වශයෙන් කරුණු අවබෝධ කරගැනීම (ප්‍රඥාව) වූකලි සුදුසු හා නුසුදුසු දෙය අතර සහ නිවැරදි හා වැරදි දේ අතර නිවැරදි හා සහතික ලෙසම වූ වෙනස දක්නා චිත්ත ස්වභාවයයි. එහි ප්‍රයෝජනයන් පහත පරිදි වේ:
- පසු කාලීනව පසුතැවීමට සිදුවන දේ කිරීමෙන් අප වළකාලමින් යම් නිශ්චිත අවස්ථාවක හැසිරිය යුතු ආකාරය හා කළ යුතු දේ පිළිබඳ පැහැදිලිව හා නිවැරදිව දැකීමේ හැකියාව ලබාදෙනු ලබයි.
- අතීරණාත්මක බව හා ව්‍යාකූලත්වය මැඩ පැවැත්වීමට උපකාරී වේ.
- වඩාත්ම ප්‍රයෝජනවත් වන පරිදි ප්‍රකාශ කළ යුත්ත හා සිදු කළ යුත්ත දැනගත හැකිවන පරිදි අන්‍යයන්ගේ තත්ත්වයන් නිවැරදිව තක්සේරු කිරීමට හැකියාව ලබාදෙනු ලබයි.