How to tips for life ridwan meah unsplash

ජීවිතයේ අභියෝග හමුවේ ක්‍රියා කරන අයුරු, අපේ සාධනීය ඉලක්ක සපුරා ගන්නා අයුරු පිළිබඳව කිසිදු අදහසක් නැතිව, සමහර වෙලාවට, අප අතරමං වූවා සේ හැඟීමක් දැනේ. අන් අය සමග හිතවත්කම් පවත්වා ගන්නා අයුරු ගැනත් අපි වික්ෂිප්තව සිටිමු. අප සාම්ප්‍රදායික බෞද්ධ ඉගැන්වීම් දෙස බැලුවහොත්, ඕනෑම සංස්කෘතියකට අයත්, ඕනෑම කාලයක සිටින ඕනෑම අයෙකුට උදවු කරගත හැකි ප්‍රායෝගික මාර්ගෝපදේශ ගොන්නක් අපට හමුවේ.

අන් අයට උදවු කිරීම පිණිස ඔප්නංවා ගතයුතු ගුණධර්ම

  • පරිත්‍යාගය - ඔබේ කාලයෙන්, උපදෙස්වලින්, උපකාර කිරීමෙන්, සහ ඔබ සතු දේ දීමෙන්
  • ආත්මදමනය - විනාශකාරී ලෙස හැසිරීමෙන් සහ කතා කිරීමෙන් වැළකීම සහ අන් අයට තමුන්ට හැකි කුමන හෝ ආකාරයකින් උදවු කිරීම
  • ඉවසීම - අන් අයට උදවු කිරීමේදී මතුවන දුෂ්කරතා හමුවේ කෝප නොගැනීම සහ ඉච්ඡාභංගත්වයට නොපැමිණීම
  • ධෛර්ය සහ දරාගැනීම - කෙතරම් අසීරු දේ සිදු වුවත් ඉදිරියටම යාම
  • මානසික සහ මනෝභාවාත්මක ස්ථාවර බව - අවධානය රඳවා තබා ගැනීම සහ ක්‍රියාවලියෙන් ඉවත්ව නොයාම
  • විචාර බුද්ධිය - උදවු වන දේ සහ හානි කරන දේත් සුදුසු දේ සහ නුසුදුසු දේත් වෙන් කොට දැකීම

අන් අයට සාධනීය ලෙස බලපාන අයෙකු වීමේ විධික්‍රම

  • පරිත්‍යාගශීලි වන්න - ඔබේ කාලයෙන්, ධනයෙන් සහ ශක්තියෙන්
  • කරුණා බරව කතා කරන්න - ඔබ කියන දේ පමණක් නොව ඔබ එය කියන ආකාරය පවා අන් අයට බලපාන බව සිහිතබා ගෙන
  • අර්ථාන්විත ලෙස කතා කරන්න, ක්‍රියා කරන්න - අන් අයගේ සාධනීය හැකියාවන් ඔප්නංවන අයුරින් ඔවුන්ට දිරිදෙමින්
  • හොඳ උදාහරණයක් වන්න - ඔබ කියා දෙන දේ ප්‍රායෝගිකව කිරීමෙන්

ඔබේ යහපත් අරමුණු සාධනය කරගන්නා විධික්‍රම

  • ඔබේ අරමුණ පිළිබඳ නිරවුල් වන්න - එය තාත්වික අරමුණක් බව තහවුරු කර ගෙන, එය ළඟා කර ගැනීමට ඔබට ඇති හැකියාව ගැන ආත්ම-විශ්වාසයක් ඇති කරගන්න.
  • ස්වයං-ශික්ෂණයක් පවත්වා ගන්න - වෙනත් අතුරු මාවත්වලට නොවැටී හා අරමුණ ළඟා කරගැනීමට බාධා පමුණුවන කිසිවක් සිදු නොකර, අරමුණ ගැනම අවධානය රඳවා ගන්න.
  • පරිත්‍යාගශීලි වන්න - අරමුණ සාධනයට ඔබේ කාලය, ශ්‍රමය කැප කිරීමෙන්
  • විවෘත මනසක් ඇති කරගන්න - ඔබේ අරමුණ ළඟා කරගැනීමට උපකාර කරන බොහෝ දේ දිගටම ඉගෙන ගන්න
  • ආත්මාභිමානී හැඟීම රඳවා ගන්න - ඔබේ අරමුණ ළඟා කරගැනීමේ වෑයම විපතට හෙළන නින්දා සහගත ක්‍රමවලින් ක්‍රියාත්මක නොවන්න
  • සැලකිලිමත් වන්න - යම් වගකීම් විරහිත හැසිරීමක් ඔබේ අරමුණට ඍණාත්මකව බලපාන අයුරු දත යුතු නිසා
  • සැලකීමෙන් යුතුව විචාරයට ලක්කරන්න - ඔබේ ප්‍රගතියට උපකාර කරන සහ එය යටපත් කරන දේ වෙන් කොට දැකීමට.

ඔබේ යහපත් අරමුණු සාධනයෙහිලා ඔප්නංවා ගත යුතු ගුණධර්ම

  • සෑහීමකට පත්වන්න - තාත්වික අරමුණක් වෙත ළඟා වීම මඟින්, තාත්වික නොවන යමක් උදෙසා ගිජු නොවීමෙන්
  • අන් අය සමග කළකිරීමට, අමනාපයට, හෝ සතුරුතාවකට පත් නොවීම - යමක් නොවැළැක්විය හැකි සේ වරදින විට
  • අරමුණ වෙතම අවධානය රඳවා ගන්න - එසේම ඔබ අරමුණ ළඟා කරගත් පසුව අත්වන ප්‍රතිලාභ ගැනත්
  • මනස සංවර කරගන්න - කුමන දේ සිදු වුවද සංසුන්ව මනෝභාවික සමතුලිත බව රැක ගැනීම
  • සෑම දේම වෙනස් වන බව හැමවිටම මතක තබාගන්න - ඔබ කුමන මානසික ස්වරූපයකින් සිටීද යන්න වැදගත් නැත. ඔබේ මානසික සහ මනෝභාවික තත්ත්වයන් ස්ථිර හෝ නිත්‍ය හෝ නොවෙයි. එහෙත් ඔබට ඒවා වැඩිදියුණු කරගත හැකිය.
  • මානසික සැනසීම රඳවාගන්න - ඔබ ඔබේ උපරිමයෙන් උත්සාහ කරන බව දැන ගැනීමෙන්

ඔබේ ජීවිතය පාලනය කිරීමේ විධික්‍රම

  • ඔබට යමක් තීරණය කිරීමට තරම් බලයක් නැති පදවියකට නොයන්න - එමඟින් ඔබේ ප්‍රතිපත්ති සමථයකට පත් කරවන අතර ඔබට පසුතැවීමට සිදුවන දේ කරවයි.
  • ඔබ ලිංගික සම්බන්ධයක් පවත්වන්නේ නම් අවිශ්වාස කටයුතු වීමෙන් වළකින්න - එය අනිවාර්යයෙන් අවුල්ජාලයක් සහ ගැටලු ඇති කරයි.
  • ඉමහත් වගකීම් සම්භාරයක් ඇති ඉහළ පදවියක් සඳහා වෙහෙස නොවන්න - එය ඔබේ කාලයත් ශ්‍රමයත් උදුරා ගනීවි.
  • සෞඛ්‍යසම්පන්න ආහාර අනුභවය, දුම්බීමෙන් වැළකීම, ව්‍යායාම කිරීම වැනි ඔබේ යහපත් පුරුදු අත්හැරීමට තවත් කෙනෙකුට ඔබට බලපෑම් කරන්න ඉඩ නොදෙන්න - එය ඔබේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට හානි කරනු ඇත.
  • ඔබට සම්පූර්ණ කළ නොහැකි දෙයක් කිරීමට බාර නොගන්න - එමඟින් ඔබේ ආත්ම-විශ්වාසය බිඳ වැටෙනු ඇත.
  • පරිස්සමකින් තොරව ක්‍රියා කිරීමෙන් වළකින්න - එමඟින් අයහපත් ප්‍රතිඵල ගෙන දේ.

අභියෝගාත්මක අවස්ථාවලදී ගැටලුවලින් ගැලවීමට උදවු කරගැනීම පිණිස වැඩිය යුතු ගුණධර්ම

  • කැළඹීමට පත් නොවන්න - ප්‍රශංසා කරන විට හෝ විවේචනය කරන විට
  • ඇලීම හෝ ගැටීම හෝ ඇති නොවන සේ සිහිකල්පනාවෙන් සිටින්න - ඔබ ඇලුම් කරන හෝ නොකැමති අයෙකු මුණ ගැසෙන විට
  • ඔබේ යහපත් ප්‍රතිපත්තිවලට පටහැනි ක්‍රමවලට අනුව නොහැසිරෙන්න - ඔබේ සාමාන්‍ය ක්‍රියාකාරකම්වල නිරත වන විට
  • භෞතික දේවල් කෙරෙහි ගිජු බවක් ඇති නොකරගන්න - බොහෝ දේපළද ධනයද ඇති විට ඔබේ උසස් අරමුණු මඟ හැරීයා හැකිය.
  • ඔබ ගැනම කණගාටු නොවන්න - අසනීපයෙන් හෝ වේදනාවකින් සිටින විට, ඒ වෙනුවට ඒ අවස්ථාව යොදා ගන්න ආධ්‍යාත්මික ශක්තිය සහ චරිතාංග වර්ධනය කර ගැනීම උදෙසා කටයුතු කිරීමට
  • ඔබේ දුර්වලකම් මැඩපවත්වා ගනිමින් ඔබේ පූර්ණ ධනාත්මක හැකියාව අවබෝධ කරගැනීම උදෙසා වැඩ කටයුතු කරන්න - සෑම විටම.
Top