එදිනෙදා ජීවිතයේ ව්‍යවහාරික ආචාර ධර්මයන් පිළිබඳ මූලධර්ම

එදිනෙදා ජීවිතය තුළ ආචාර ධර්ම හා වටිනාකම් ව්‍යවහාරයට ගැනීම “ව්‍යවහාරික ආචාර ධර්ම” යනුවෙන් හැඳින්වේ. මේ සඳහා වූ වර්තමාන යෙදුම පෞද්ගලික ඉච්ඡා භංගත්වය හා සමාජ අසහනය යන අභියෝග දෙකටම විසඳුමක් ඉදිරිපත් කරන “ජීවන අධ්‍යාපනය” විය හැක. පුද්ගල මට්ටමකින් ගත්කල, එමගින් පුද්ගලයෙකු හට ඔහුගේ ජීවිතය අවබෝධ කරගැනීමට උපකාරයක් ලැබෙන අතර සමාජ මට්ටමකින් ගත්කල එමගින් ප්‍රගතිය හා සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය වන කරුණක් වූ අන්‍යයන් සමගින් ධනාත්මක සම්බන්ධතාවයන් ගොඩනගා ගන්නා ආකාරය ඉගෙනීමට උපකාරයක් ලැබේ. විශ්වීය ආචාර ධර්ම මගින් ප්‍රධාන කාර්ය භාරයක් ඉටුකරනු ලබයි.

අප විසින් එවන් ආචාර ධර්ම ලබාගනුයේ කවරක් තුළින්ද? අපට ඒවා ඇරිස්ටෝටල් වැන්නන් හෝ “ඔබගේ රටට ඔබ වෙනුවෙන් කළ හැකි දේ පිළිබඳව නොව, ඔබට රට වෙනුවෙන් කළ හැකිදේ පිළිබඳ සොයා බලන්න”යි පැවසූ ජෝන් එෆ් කෙනඩි වැනි නායකයන් බඳු ලෞකික මූලාශ්‍ර තුළින්ද ඒවා ලබාගත හැක. අපට ඒවා ආගම් තුළින්ද ලබාගත හැක. ආගම් මගින් හුදෙක් ජනතාව අතර බෙදීමක් පමණක් සිදුකරන බවට ඇතැමුන් විසින් තර්ක කළ හැකි නමුදු, ආගම් තුළ පැතිකඩ දෙකක් පවත්නා බව අවධානයට ගත යුතුය: ආගමින් ආගමට වෙනස්වන ආගම්වාදී පැතිකඩ හා සියලු ආගම්වලට පොදුවූ ආචාර ධර්ම පද්ධතීන් වශයෙනි. අප විසින් ඒ සියල්ල තුළින් අපගේ ජීවන මූලධර්ම උකහා ගන්නා බැවින්, විශ්වමය ව්‍යවහාරික ආචාර ධර්ම සකස් කිරීමෙහි ලා ආගම් විසින්ද කාර්ය භාරයක් ඉටු කරන්නේය යන කරුණ මෙහිලා එක්කළ යුතුය.

මව්ලානා වහිදුද්දින් ඛාන් විසින් පිහිටුවන ලද සාමය හා ආධ්‍යාත්මිකත්වය සඳහා වූ මධ්‍යස්ථානයේදී, පසුගිය වසර දහහත පුරාම සති අග දිනයන්හිදී මවුලානා විසින් පන්ති පවත්වන ලද ව්‍යවහාරික ආචාර ධර්ම සඳහා වූ සුසමාදර්ශය අප විසින් ගොඩනගා ඇත. පළමුව එම මූලධර්මය තමා තුළම යොදා ගනිමින් ඉන්පසු සමාජයට ගොස් ඒවා පිළිබවඳව සෙසු අය වෙතද ප්‍රකාශ කරන ජීවන අධ්‍යාපනඥයන් දහස් ගණනක් අප විසින් සකස් කොට ඇත. එයයි ගුරුවරුන් විසින් සිදුකළ යුත්තේ. ඔවුන් විසින් පළමුව මෙම මූලධර්ම තමා තුළටම යොදා ගනිමින් ඒවා පිළිබඳ ආදර්ශයන්ද ලබා දීම නොකඩවා සිදුකළ යුතු අතර එය වූකලි ජීවිතය පුරා විහිදී යන ක්‍රියාවලියකි. පළමුව ආරම්භය ගෙන, ඉන්පසු ඉදිරියට යන විට, සිසුන්ටද එම මූලධර්ම යොදාගැනීමට උපකාර කරමු.

අප විසින් ගොඩනගන ලද්දේ විසඳුමකි. සමකාලීන ලෝකය තුළ සාමය ස්ථාපනය කරන ආකාරය පිළිබඳ පර්යේෂණද සිදුකොට ඇති මා විසින් පුද්ගලයන් සාම සංස්කෘතියක් කරා පරිවර්තනය කළ යුතු බව අවබෝධ කරගෙන ඇත. මෙය සිදුවන විටදී ඔවුහූ බුද්ධිමය වශයෙන් සංවර්ධනයවී, සාමකාමී වී, සමාජ සාමය, ප්‍රගතිය හා සංවර්ධනයටද දායක වන්නන් බවට පත්වෙති. මෙමගින් ජාත්‍යන්තර මට්ටමින් ජාතීන්ගේ සංවර්ධනය ඇතිවේ.

මේ සඳහා අප විසින් පෞරුෂත්ව සංවර්ධන වැඩසටහනක් ගොඩනගා ඇති අතර එමගින් ප්‍රධාන මූලධර්ම තුනක් බෙදාහදා ගැනීමට කැමැත්තෙමි. මෙම මූලධර්ම ලෞකික හා ආගමික යන දෙපාර්ශ්වයේම ආචාර ධර්ම තුළින් ගන්නා ලද ඒවාය:

1. ධනාත්මක ආකල්පයක්

පළමුවැනි කරුණ ධනාත්මක ආකල්පය හෝ ධනාත්මක චිත්ත ස්වභාවය වේ. සිරගතව සිටින දෙදෙනෙකු විසින් කුටියේ කූරු අතරින් පිටත බලා සිටින කථාවක් ඇත. අයෙකු විසින් මඩ සහිත වගුරු බිම පමණක් දකින අතර අනෙකා විසින් අහසේ පායා ඇති තරු දකියි. මෙමගින් පෙන්නුම් කරන පරිදි, විවිධ පුද්ගලයන් විසින් එකම අවස්ථාව තුළදීද ඔවුන්ගේ තෝරාගැනීම අනුව වගුරු බිම් පමණක් දැකීම හෝ එම අවස්ථාව විසින් ඉදිරිපත් කරන සුභවාදී කරුණු දැකීමද සිදුකළ හැකි බව මෙමගින් අදහස් කෙරේ. අප විසින් ගොඩනගා ගන්නා දර්ශනයන් ප්‍රමාණය වර්ධනය වන්නට වන්නට, මෙම අවස්ථාවන් දැකීමේ හැකියාවද අප තුළ වර්ධනය වේ.

2. ධනාත්මක චර්යාව

දෙවැන්න ධනාත්මක චර්යාවයි. සියලු ආගම් තුළ ආචාර ධර්ම පිළිබඳ ස්වර්ණමය නියමයක් පවතී. ක්‍රිස්තියානිය තුළ “ඔබ කෙරෙහි අන්‍යයන් සිදුකරනවාට ඔබ කැමති වන දේ ඔබ විසින් ඔවුන් වෙනුවෙන් සිදු කරන්න” යන උපදෙස ඇත. ඉන් අදහස් කෙරෙන්නේ අප විසින් අන්‍යයන් කෙරෙන් අපේක්ෂා කරන චර්යාව කවරාකාර එකක්ද යන්න අප දන්නා බවයි. අපට පමණ ඉක්මවා ආචාර ධාර්මික නියමයන් ඉගැන්විය යුතු නොවේ. දත යුතු කරුණ වනුයේ අන්‍යයන් අප කෙරෙහි දක්වන්නේ නම් යහපත් යැයි අප විසින් හඟින හැසිරීම් රටාව අප විසින්ම ප්‍රදර්ශනය කිරීම පමණි. අන්‍යයන් වෙත ලබාදීම ආරම්භ කරන අතර, එසේ සිදු කිරීමේදී අපටද එයම ලැබෙන බව දැනගන්නෙමු. අප විසින් අපගේ හිමිකම්, අපගේ මානුෂිකත්වය - සියල්ල ලබන්නෙමු.

3. සාමය හා අවිහිංසාව

මාගේ පර්යේෂණයනට අනුව, සියලු ආචාර ධර්මයන්හි සාරය සාමය යන සංකල්පය තුළට ඇතුළත් කළ හැක. මෙය වූකලි සුභ පැතීම, ගෞරවය, සමාව ලබාදීම ඈ වශයෙන් සියලු ධනාත්මක ජීවන මූලධර්මයන් අන්තර්ගතවන සංකල්පයකි. මෙයාකාරයෙන් ඒ සියල්ල අවිහිංසාව නමැති පොදු සංකල්පය තුළට ඇතුළත් කළ හැක. මෙම මූලධර්ම යොදාගනිමින් ඒවා අපගේ එදිනෙදා දිවිය තුළට යොදාගන්නා විටදී, අප විසින් අපගේ ප්‍රගතිය හා සංවර්ධනය අත්පත් කරගන්නවා පමණක් නොව, සමාජ ප්‍රගතියේ දායකයන් බවටද පත් වන්නෙමු.

සිසුන්ද සමගින් ගුරුවරුන් විසින්ද එවන් වැඩසටහන්වලට සහභාගි වන්නේ නම් ප්‍රයෝජනවත්ය යන්න මාගේ හැඟීමයි. රාමනුජාන් විද්‍යා පීඨය විසින් දැනටමත් සිය ගුරුවරුන් හා සිසුන් වෙත මෙම මොඩියුල ගෙනයාම සඳහා අවස්ථාවක් අප වෙත ලබාදී ඇති අතර එය ඉතා සාර්ථක එකක් බවට පත්ව ඇත. මෙය තවදුරටත් ඉදිරියට ගෙන යන්නේ නම්, සාමය හා ආධ්‍යාත්මිකත්වය සඳහා වූ මධ්‍යස්ථානය විසින් “ජීවත්වන අප” නමැති අප විසින් සිදුකරන පාඨමාලාව වැනි පාඨමාලා ගොඩනංවා ඇති අතර එහි ශ්‍රේණි 1-12 දක්වා පාඨමාලා පොත්, පර්යේෂණ ද්‍රව්‍ය හා ගුරුවරුන් සඳහා අවශ්‍ය ද්‍රව්‍යද වේ. විද්‍යා පීඨ හා විශ්වවිද්‍යාල සඳහා අප විසින් “සාම සංස්කෘතිය” නමැති පාඨමාලාව ගොඩනගාගෙන ඇති අතර එයද රාමනුජාන් විද්‍යා පීඨයට හඳුන්වා දීමට අදහස් කරමු. විශ්වවිද්‍යාලයෙන් පිටත පුද්ගලයන් හා සංස්ථාවන් සඳහා “යහ දිවි වැඩසටහන” ගොඩනගමින් සිටින්නෙමු. මෙම වැඩසටහන් හරහා අපට මේවා ලෝකයට ගෙන යාමට අවශ්‍යය. අප විසින් ඉන්දියාව පුරා මධ්‍යස්ථාන පිහිටුවා ඇත. ජාත්‍යන්තර වශයෙන් ව්‍යාප්තව ඇති අපගේ මධ්‍යස්ථාන හා ජීවන අධ්‍යාපනඥයන් හට මේවා තවදුරටත් ඉදිරියට ගෙනයාමට හැකිවනු පිණිස මේවා මාර්ගගතව ඉදිරිපත් කරමු. එය ජීවන අධ්‍යාපනඥයන් හෝ ආචාර ධර්ම විද්‍යාඥයන් ගොඩනැගීම කරා තැබෙන තවත් ඉදිරි පියවරක් වනු ඇතැයි අපේක්ෂා කරන්නෙමු. මෙයාකාරයෙන් අපට බුද්ධිමය වශයෙන් සංවර්ධනය වී ප්‍රගතියේ හා සංවර්ධනයේ දායකයන් බවටද පත්විය හැක.

Top