කරුණාව යනු කුමක්ද?
දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින්, මත් ලින්දියන්
බුදුදහමේදී කරුණාව යනු අන් අය දුකින් මිදෙත්වා, දුක් ඇතිකරවන හේතුවලින් මිදෙත්වා යනුවෙන් පැතීමය. මෙය පදනම් වන්නේ අනෙක් මිනිසුන්ගේ හැඟීම් අගය කිරීම මතය. විශේෂයෙන්ම අප එකම වේදනාබර අත්දැකීම් අතුරින් ගැලවී යාමට තැත් කිරීම මතය. ඔවුන් අත්විඳින කටුකත්වය අප කෙදිනකවත් අත්විඳ නැති නමුත් ඔවුන් සිටින තත්ත්වයේ අප සිටියා නම් කෙසේ වේද යනුවෙන් අපට ඒ හැඟීම ඇති කරගත හැකිය. අපට ඒ තත්ත්වයෙන් ගැලවීමට කෙතරම් අවශ්‍ය වේද’යි උපකල්පනය කර බලා එපමණටම අප අන් අයගේ ගැලවීම උදෙසා දැඩිව ආශා කරමු.
මෛත්‍රිය සහ කරුණාව කියන්නේ මූලික අවශ්‍යතා මිස සුඛෝපභෝගී දේ නොවේ. ඒවා නොමැතිව මනුෂ්‍යවර්ගයාට පැවැතිය නොහැකියි. – 14 වන දලයි ලාමා වහන්සේ
අපගේ හුදකලා බව බිඳ දමා, අප ගැන පමණක් සිතීමට අපම පණවා ගත් සීමාමායිම්ද බිඳ දමා, කරුණාව මඟින් අන් අය වෙත අපේ හදවත සහ මනස විවෘත කෙරෙයි. අප සියලු දෙනාම ජීවිතයේ ගැටලුවලට මුහුණ දෙන බැවින් අප අන් අය සමග එකට බැඳී සිටින බව හැඟී යන විට හුදකලාව සහ කාංසාව අපි මැඬ පවත්වාගමු. කරුණාබර වීම මඟින් අපව වඩාත් සතුටට පත්වන බවත් වඩා ආරක්ෂිත බවක් දැනෙන බවත් විද්‍යාත්මකව තහවුරු කර ඇත. අන් අයගේ දුක වේදනාව බරපතල ලෙස බාර ගෙන උදවු කිරීමට අවශ්‍ය වීම යන කරුණ අපට ආධ්‍යාත්මික ශක්තියක් සහ ආත්ම-විශ්වාසයක් ගෙන එයි. කරුණාව අප තුළ වර්ධනය කර ගන්නේ නම් එය යහපැවැත්ම ඇති කරවීමේ විශාල මූලාශ්‍රයයක් බවට සැබෑවටම පත්වෙයි.
කරුණාව යනු අන් අයගේ දුක තුනී කරවීමේ වගකීම බාර ගැනීම පිණිස අපව පොලඹවන සක්‍රීය බවකි. අන් අයට උදවු කිරීමට අපට ඇති හැකියාව සීමා සහිත විය හැකියි. එහෙත් මිනිසුන් නොසතුටින් සහ වේදනාවෙන් සිටින විට කිසිවක් නොකර පැත්තකට වී සිටීම කළ නොහැකි නිසා අපි අපට කළ හැකි සෑම දේම කරමු.
කරුණාව වඩාත් ඵලදායී වන්නේ එය දැනුම සහ ප්‍රඥාව සමග මුසු වූ විටය. එවිට, කළ යුතු නිවැරදිම දේ අපට තෝරා ගත හැකිය. උදවු කරගත නොහැකි අවස්ථාවලදී, එසේත් නැතිනම් අප යෝජනා කරන දේ නිෂ්ඵල වන අවස්ථාවකදී කලකිරීමට, අධෛර්යයට පත්නොවීමට තරම් අප මානසික පරිණත බවක් ලබා ඇත්නම් අපගේ අඩුලුහුඩුකම් මැඩපවත්වා ගැනීමේ සහ අපගේ හැකියාවන් වැඩිදියුණු කරගැනීමේ ප්‍රබලම පෙලඹවීම වන්නේ කරුණාවය.