මනස පුහුණු කිරීමේ කවි අට

(1) සර්වෝත්තම අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා භාවිත චින්තා මාණික්‍යවලට වඩා උසස් වන සියලු සීමිත සත්වයන් සැමවිටම අගය කිරීමට මා හට හැකිවේවා.

(2) කවරකුගේ හෝ සමාගමයට පාත්‍රවන විටදී මා අන් සියල්ලනට වඩා අඩු මට්ටමින් තක්සේරු කරමින් හද පත්ලෙන්ම අන් අය මට වඩා ඉහළින් තබා අගය කිරීමට මා හට හැකිවේවා.

(3) මම කුමක් කරමින් සිටියත් මාගේ චිත්ත ධාරාව පරීක්ෂා කරමින් සංකල්ප හෝ කරදරකාරී හැඟීම් මතුවන මොහොතේදීම, ඒවා මගින් මා මෙන්ම අන් අයද දුර්වල කරන බැවින්, ශක්තිමත් ක්‍රම මගින් ඒවාට මුහුණ දී ශක්ති සම්පන්නව ඉන් වැළකී සිටීමට මා හට හැකිවේවා.

(4) සහජයෙන්ම කෲර, සෘණාත්මක හා බරපතල ගැටලුවලින් යටපත් වූ සත්වයන් දකින විටදී මැණික් නිධානයක් සොයා ගැනීම මෙන් දුර්ලභ සොයාගැනීමක් ලෙස සලකා ඔවුන් අගය කිරීමට මා හට හැකිවේවා.

(5) අන් අය, ඊර්ෂ්‍යාවෙන්, මට අසාධාරණ ලෙස බැණ වැදීම, අවමන් කිරීම හා තවත් එවන් දේ සිදුකරන විට, මා වෙතම පරාජය බාර ගනිමින් ජයග්‍රහණය අන් අයට ලබා දීමට මා හට හැකිවේවා.

(6) මවිසින් උපකාර කරන ලද හා එබැවින්ම මවිසින් ප්‍රත්‍යුපකාර විෂයයෙහි විශාල අපේක්ෂා තබා ගත් යමෙක් මා හට සම්පූර්ණයෙන්ම අසාධාරණ ලෙස හානි සිදු කළද, ඔහු හෝ ඇය පූජනීය ගුරුවරයෙකු ලෙස සැලකීමට මා හට හැකිවේවා.

(7) කෙටියෙන් කිවහොත් මාගේ සියලුම මාතාවන්ට, සත්‍ය වශයෙන් හා වක්‍ර ලෙස, ප්‍රයෝජනවත් හා සතුට ගෙන දෙන සියල්ල පිරිනමමින් මාගේ සියලුම මාතාවන්ගේ කරදර හා දුක් රහසින් හා පෞද්ගලිකව ඔවුන් වෙනුවෙන් විඳ දරා ගැනීමට මා හට හැකිවේවා.

(8) අටලෝ දහම පිළිබඳ සංකල්පවලින් කැළැල් නොවූ මනසකින් මේ සියල්ල තුළ සියලු සංසිද්ධි මායාවක් ලෙස දකිමින් කිසිදු ඇලීමකින් තොරව සියලු බැඳීම්වලින් නිදහස් වීමට මා හට හැකිවේවා.

මෙම පාඨයනට අදාළ කරුණු අන්තර්ගත commentary by the Dalai Lama අටුවාව බලන්න.

Top