එදිනෙදා ජීවිතයේ චිත්ත පුහුණුව: විශේෂත්වයක් නොමැත

උදෑසන අවදිවී රාත්‍රියේ නින්දට යන හා එ් අතර කාල පරාසය තුළ සුවිශාල භාවයන් පෙළක් අත් විඳින්නාවූ විශ්වයේ කේන්ද්‍රය වන "මා" පිළිබඳ නෛසර්ගික හැඟීමක් අප සියලු දෙනා තුළ පවතී. මෙකී "මා" නිරතුරු සතුට සොයමින් ගැටලු වළකාලීමට උත්සාහ කරන නමුදු ජීවිතය කිසි විටෙකුදු අපට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක නොවේ. මෙකී "මා" හා එය "අන්‍යයන්" සමගින් සම්බන්ධවන ආකාරය නැවත ඇගයීමෙන් අපට අප කරා එළැඹෙන්නාවූ දුෂ්කරතා හමුවේ වඩාත් විවෘතව, ඉහිල්ව, හා සතුටින්ද සිටිය හැකි ආකාරය උගත හැක.
Top