හැඳින්වීම
බුදු දහමේ සමාරම්භකයාණන් වහන්සේ වන ශාක්‍යමුණි කවුරුන්ද යන්න සොයාගැනීමට උත්සාහ කිරීමේදී, බුදුන් වහන්සේගේ ජීවිත කථාව සම්බන්ධ බොහෝ එකිනෙක වෙනස් වූ සංස්කරණයන් පවත්නා බව පෙනේ. තත්ත්වය එසේ හෙයින්, එම සියලු සම්ප්‍රදායන් තුළ එකම පුද්ගලයා පිළිබඳව කථා කරන්නේද යන පැනය අපට විමසිය හැක. මෙය වූකලි පිළිතුරු ලබාදිය හැකි සරල පැනයක් නොවේ.
බුදුන් වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ එක් සංස්කරණයක් ථේරවාද සම්ප්‍රදායේ ධර්ම ග්‍රන්ථ වන පාලි ත්‍රිපිටකය තුළින් ඉස්මතු වේ. ඒවා තුළ එක් ස්ථානයක උන් වහන්සේගේ ජීවිතය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ඇතුළත් නොවන නමුත්, විවිධ ග්‍රන්ථයන්හි එන කොටස් එක් කරමින් එවන් විස්තරයක් නිමවාගත හැක. මෙම මූලාකෘතියට පසු කාලීන බෞද්ධ සාහිත්‍යය මගින් බොහෝ විස්තර එක් කරන ලදී.
බුදුන් වහන්සේගේ අනන්‍යතාවය වැඩිදුරටත් ව්‍යාප්ත කරවන මහායානය වූකලි බුදුන් වහන්සේගේ ජීවිතය පිළිබඳ ථේරවාද විස්තරයෙන් වෙනස් වන්නාවූ සංස්කරණයකි. ථේරවාද සංස්කරණය තුළ, බුදුන් වහන්සේ වූකලි ක්‍රි.පූ. 566 සිට 485 දක්වා ජීවත් වූ බවටද, සිය ජීවිත කාලය තුළම බුද්ධත්වයට පත්වූ හා සංසාර ගමන අවසන් කළ බවට විශ්වාස කරන ඓතිහාසික චරිතයක් වේ. මහායාන සංස්කරණය මගින් තවදුරටත් පාලි ත්‍රිපිටකය තුළ ඉදිරිපත් කරන කථාව ව්‍යාප්ත කරමින් ඉන් පෙරද අවස්ථා ගණනාවකදීම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වූ ආකාරයද, ශාක්‍යමුණි ස්වරූපයෙන් පොළවට වැඩි ආකාරයද විස්තර කරනු ලබයි. අන්‍යයන් හටද බුද්ධත්වයට පත්වීමේ හැකියාව පෙන්වීමේ ආදර්ශයක් වශයෙන් බුද්ධ ක්‍රියා දොළසක් මහ පොළව මත සිදුකළ ඔහු, මරණයෙන් අනතුරුවද සිය චිත්ත සන්තතිය නොකඩවා පවත්වා ගනිමින් සියලු සත්ත්වයන් වෙත දේශනා පවත්වමින් හා ප්‍රයෝජන සලසමින් අන් බොහෝ තලයන්හිද පෙනී සිටී.
බුදුන් වහන්සේ පිළිබඳ තවත් සංස්කරණයක් අපට තන්ත්‍ර තුළ හමුවේ. මෙම සංස්කරණය තුළ, බුදුරජාණන් වහන්සේ එක් වරම විවිධ හා එකිනෙකට වෙනස් ස්වරූපයන් ගණනාවකින් පෙනී සිටී. "මැදිහත්කාරක දේවතාවන්" ලෙස හඳුන්වනු ලබන මෙම ස්වරූපයන් විවිධ වර්ණයන්ගෙන්ද, අත් පා ගණනාවකින්ද, මුහුණු ගණනාවකින්ද සැදි අතර ඒ එක එකක් තුළ බුදුන් වහන්සේගේ අවබෝධයන්හි විවිධ පැතිකඩ නියෝජනය කරන තත්ත්වයක්ද පෙන්නුම් කරයි. බුදුන් වහන්සේ මෙම විවිධ ස්වරූපයන්ගෙන් පෙනී සිටින නමුදු ඒ අතරම මනුෂ්‍ය ස්වරූපයෙන් සිය දේශනා පවත්වනු ලබයි. නිදසුනක් ලෙස, ඉන්දියාවේ ගිජ්ජ කූට පර්වතයේදී උන් වහන්සේ විසින් එයාකාරයෙන් සිට සූත්‍ර දේශනාවන්ද සිදු කරන ලදී.
නිශ්චිත සන්දර්භයන් තුළ බුදුන් වහන්සේගේ ජීවිතය
පෙරළීන්ද ඇතුළත් වන මෙකී විවිධ සංස්කරණයන් ව්‍යාකූල බවක් පෙනෙන බැවින්, සැබැවින්ම බුදුන් වහන්සේ යනු කවුරුන්ද? මෙම විවිධ සංස්කරණයන් වටහා ගැනීමේ පහසුව පිණිස, බුදුන් වහන්සේගේ ජීවිතයේ එක් එක් සංස්කරණය තුළ යම් නිශ්චිත සන්දර්භයක් තුළ බුදු දහමේ එම නිශ්චිත පැතිකඩට අනුව සූත්‍ර දේශනාවන් සිදුකරන ලද මූලික බෞද්ධ මූලධර්මය පළමුව වටහාගත යුතු වේ. පාලි ත්‍රිපිටකය තුළ විස්තර කෙරෙන බුදුන් වහන්සේගේ ස්වරූපය ථේරවාද දේශනා සන්දර්භය තුළ උගන්වනු ලබයි. එබැවින්, එකම බුදුන් වහන්සේ විසින් සාමාන්‍ය මහායානය හා තන්ත්‍ර දේශනාවන්ද දේශනා කළේ යැයි සිතීම අර්ථ විරහිත වේ.
මහායාන ග්‍රන්ථ තුළ විස්තර කෙරෙන බුදුන් වහන්සේ ඓතිහාසික බුදුරජාණන් වහන්සේ නොවේ. (එනම්, එක් ජීවිත කාලයක් තුළ සම්මා සම්බුද්ධත්වයට පත්ව සංසාර ගමන සිය පිරිනිවනින් අවසන් කළ බුදුන් වහන්සේ නොවේ). තන්ත්‍ර දේශනාවන් තුළ විස්තර කෙරෙන බුදුන් වහන්සේ සම්බන්ධයෙන්ද මෙම කරුණ සත්‍ය වේ.
සාරාංශයක් ලෙස ගතහොත්, බුදුන් වහන්සේගේ ජීවිතය හෝ වෙනත් මාතෘකාවක් සම්බන්ධයෙන් හෝ සාකච්ඡා කිරීමේදී, සිත්හි තබාගත යුතුවන මූලික මූලධර්මයක් වනුයේ විවිධ දේශනාවන් තුළ විස්තර කෙරෙන හෝ සූත්‍රගත කෙරෙන කවර කරුණක් වුව, නිශ්චිත සන්දර්භයක් තුළ අවබෝධ කරගත යුතු බවයි. එකම විස්තරය විවිධ සන්දර්භයන් තුළ සලකා බැලීමේ වෙනත් විධියක් වනුයේ මාගේ එදිනෙදා ජීවිතයට මෙම කරුණු ඉගෙනීමෙන් ඇතිවන ප්‍රයෝජනය කවරක්ද? බෞද්ධ ආධ්‍යාත්මික මාර්ගයෙහි ලා මෙම කරුණුවලින් ඇති කෙරෙන ප්‍රයෝජනය කවරක්ද? ආදී ප්‍රශ්න විමසීමයි.
ශාක්‍යමුණි බුදුරජාණන් වහන්සේගේ ජීවිතය විවිධ සන්දර්භයන් තුළ විමසා බැලීමේදී අපට පහත සඳහන් ගැටලුකාරී පැනයන් ඉවත්කළ හැක: ඒවානම්, බුදුන් වහන්සේ විසින් සැබෑ ලෙසම මහායාන සූත්‍ර දේශනා කරන ලද්දේද? හා උන් වහන්සේ විසින් සැබෑ ලෙසම තන්ත්‍ර දේශනාවන් පවත්වන ලද්දේද? ආදියයි. බුදුරජාණන් වහන්සේගේ සමයේදී, දේශනාවන් මුඛ පරම්පරාගතව පමණක් සම්ප්‍රේෂණය වූ අතර කිසිවක් හෝ ලේඛනගත නොවූ බැවින්, බුදුරජාණන් වහන්සේ විසින් මහායානය හා තන්ත්‍ර දේශනාවන් දේශනා කරන ලද්දේද, නැත්තේද යන කරුණ පිළිබඳ බෞද්ධයන් අතර බොහෝ විවාද පැවතී ඇත. මහා ඉන්දියානු ගුරු ශාන්තිදේවයන්ගේ කෘතියක් වන "බෝධිසත්ත්ව චර්යාවෙහි නියැලීම" නමැති කෘතියෙහි එක් විවාදයක් ඉදිරිපත් කර ඇත. එහි ඔහු විසින් ප්‍රකාශ කරනුයේ "අපගේ මහායාන සූත්‍ර නුසුදුසු ඒවා බව ගෙනහැර දැක්වීම සඳහා (ථේරවාදීන් ආදී වූ) හීනයානිකයන් වන ඔබ විසින් යොදාගනු ලබන ඕනෑම හේතුවක් ඔබගේ සම්ප්‍රදායෙහි නුසුදුසු බව පෙන්වීම සඳහා මා හටද යොදාගත හැක" යන්නකි. වෙනත් අයුරකින් ප්‍රකාශ කරන්නේ නම්, හීනයාන හා මහායාන යන ගුරුකුල දෙක තුළම ප්‍රකාශ කෙරෙනුයේ සිය දේශනාවන් මුඛ පරම්පරාගතව සම්ප්‍රේෂණය කෙරුණු බවයි. එබැවින්, "ඔබගේ දේශනා පසු කාලීනව පැණ නැගුණු ඒවා වන බැවින් ඒවා බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒවා නොවන හා විශ්වාස කටයුතු ඒවාද නොවේ" යැයි ථේරවාදීන් විසින් මහායානිකයන් වෙත පවසන්නේ නම්, "ඔබගේ දේශනා සම්බන්ධවද එම කරුණුම සත්‍යයි. ඔබගේ දේශනාවන්ද මුඛ පරම්පරාගතව සම්ප්‍රේෂණය කෙරුණු අතර, ලේඛනගත කරන ලද්දේ බොහෝ කාලයකට පසුවයි. ඒ අනුව, අපගේ දේශනා විශ්වාස කටයුතු ඒවා නොවන්නේ නම්, ඔබගේ ඒවාද එසේමයි" යනුවෙන් මහායානිකයන් හටද පිළිතුරු දිය හැක.
මෙම ලිපියේ මින් පෙර ඉදිරිපත් කරන ලද තවත් තර්කයක් වූයේ ථේරවාද හා මහායාන යන සන්දර්භයන් දෙක තුළම බුදුන් වහන්සේ පිළිබඳ එකිනෙක වෙනස් සංකල්පයක් පැවති බවයි. ඒ අනුව, ථේරවාද වර්ගයේ බුදුන් වහන්සේ විසින් ථේරවාද ත්‍රිපිටකයද, මහායාන වර්ගයේ බුදුන් වහන්සේ විසින් මහායාන ත්‍රිපිටකයද දේශනා කරන ලදී. හීනයාන නියෝජිතයන් වශයෙන් ථේටවාදීන්ද, මහායාන සූත්‍ර සම්ප්‍රදායද, මහායාන තන්ත්‍ර සම්ප්‍රදායද යන මෙම සම්පුදායන් තුන තුළ වූ මෙකී සන්දර්භයන් අතරින් අපට බුදුන් වහන්සේගේ සාමාන්‍ය ජීවිතය පිළිබඳ උගත හැක.
බුදුන්ගේ සමය
පළමුව අප විසින් විමසිය යුතු පැනය වනුයේ බුදුන් වහන්සේ ජීවත් වූ සමය කවරක්ද යන්නයි. උන් වහන්සේ යම් කලෙක නිශ්චිත සමාජයක් තුළ හෙවත් නිර්ණය කරන ලද සන්දර්භයක් තුළ ජීවත් වූ අයෙකි. මෙම සමාජය තුළ ඒවන විටද බුදුන් වහන්සේ විසින් ආමන්ත්‍රණය කරන්නට යෙදුණ යම් මූලික ඇදහිලි විය. මෙම ඇදහිලි ක්‍රමය ඇතුළත එකල පැවති හා ඉතිහාසය මුළුල්ලේම ගොඩනගන ලද සියලු භාරතීය චින්තන විධීන් තුළ හමුවන මූලික තේමාවන් ඇතුළත් විය. කර්මයට (පුද්ගලික ක්‍රියාවන්ට) අනුව තීරණය කෙරෙන පුනරුත්පත්තිය හා මෙම සාංසාරික චක්‍රයෙන් විමුක්තිය ලබන ආකාරය වැනි මෙකී තේමාවන් බුදුරජාණන් වහන්සේ විසින් විස්තර කරන ලදී. දැනුම හෙවත් යථාර්ථාවබෝධය වූකලි යමෙකු හට පුනරුත්පත්තියෙන් විමුක්තිය ලැබීමේ හැකියාව ලබාදෙන ක්‍රමය වන බව සියලු භාරතීය සම්ප්‍රදායන් තුළ පොදුවේ ප්‍රකාශිතය. එකල පැවති විවිධ දර්ශනයන්ගෙන් හා ආගම්වලින් අතෘප්තියට පත්වූ බුදුරජාණන් වහන්සේ විසින් සිය සත්‍යාවබෝධය පිණිස මෙනෙහි කිරීම, භාවනා කිරීම හා විවිධ පිළිවෙත් පිරීමද සිදු කරන ලදී.
බුදුන් වහන්සේගේ සමය තුළ ඉන්දියාවේ ඒකාධිපති පාලන ක්‍රමයක් කරා වූ ප්‍රබල ව්‍යාපාරයක් විය. වෙළඳුන් වඩ වඩාත් ධනය තරකර ගනිමින් සිය ධනයෙන් රජුන්ට අභියෝග කළාවූ විවිධ රාජධානි වර්ග විය. මෙයට ප්‍රතිචාරයක් වශයෙන්, රජවරු වඩ වඩාත් ඒකාධිපතීන් බවට පත්විය. ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක පොදු ජනතාවගේ චින්තනයට අනුව පදනම් වූ වඩාත් අ-ධූරාවලිගත පාලන ක්‍රමයක් ස්ථාපනය වන්නට විය. මෙම ජනරජයන් අතරින් එකක් තුළ හෝ ආසන්නයේ උපන් බුදුරජාණන් වහන්සේද මෙම ක්‍රමයෙහි බලපෑමට ලක්වූ අතර, සියලු සාමාජිකයන් විසින් ඒකාබද්ධව තීරණ ගත යුතුවන පරිදි සිය භික්ෂු සංස්ථාව ස්ථාපනය කරන ලදී.
පැරණි වේද ආගම හා එහි ආචාර විධි සහ පූජකයන් ආදියටද එරෙහිව ප්‍රතිචාර දැක්වූ ජන ව්‍යාපාරයක්ද එකල වූ අතර, එය ජනරජවාදීන් හා ඒකාධිපතීන්ද ඇතුළත් සියලු දෙනා විසින් අනුගමනය කරන ලද ආගමක් විය. මෙම ප්‍රතිචාරකයන් "ශ්‍රමණ" හෙවත් වනාන්තරයේ නිදහසේ සැරිසරමින්, භාවනා කරමින් සිය පෞද්ගලික ආධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් කටයුතු කළ, සමාජයෙන් ඈත් වූ පුද්ගලයන් හෙවත් නිදහස් තාපසයන් විය. මෙයාකාරයේ ව්‍යාපාරයන්හි නියෝජිතයන් අතරට බුදුන් වහන්සේ පමණක් නොව සෙසු ගුරුකුල හා අනුගාමිකයන්ද ඇතුළත් විය. යමෙකු විසින් සත්‍ය ගවේෂණය පිණිස අවශ්‍ය ස්වාධීනත්වය ලබාගැනීම හෙවත් ආධ්‍යාත්මික මාර්ගය අනුගමනය කිරීමට අපේක්ෂා කරන්නේ නම්, අවම වශයෙන් යම් කාල පරිච්ඡේදයකට හෝ සමාජයෙන් ඉවත්ව වාසය කිරීම වැදගත් වේ. අප විසින් සත්‍යය සොයාගත් බව හැඟෙන විටදී එය ධූරාවලිගත හා ඒකාධිපතිවාදී ස්වරූපයෙන් අන්‍යයන් වෙත බලහත්කාරයෙන් පටවනු වෙනුවට වඩාත් "ප්‍රජාතන්ත්‍රවාදී" ස්වරූපයකින් ඒවා හෙළි කළ යුතුවේ.
චරිතාපදානයන්හි අරමුණ හා වලංගුභාවය
ඉන්දීය වේවා, තිබ්බතීය වේවා බෞද්ධ සන්දර්භයක් තුළ හුදු සත්‍ය කරුණු ඉදිරිපත් කිරීමට වඩා චරිතාපදානයන් යොදා ගනුයේ දේශනා කරනු හා මහා පුරුෂයෙකුගේ ජීවිත කථාවේ ඇතැම් කරුණු නිරූපණය කරනු පිණිසය. මෙම සන්දර්භය තුළ මහා ආගමික පුද්ගලයෙකුගේ ජීවිතය යොදාගනුයේ අන්‍යයන් වෙත ආභාසයක්, අනුප්‍රාණයක් ලබාදෙනු පිණිස වන බැවින්, බටහිර දෘෂ්ටි කෝණයකට අනුව, එම කථාවේ යම් කොටස් බොහෝ සෙයින් ප්‍රබන්ධකරණයන් සේ පෙනීයා හැක. නිදසුනක් ලෙස, බුදුරජාණන් වහන්සේගේ ජීවිතයෙන් ගත්කල, බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය මවගේ ඇලයෙන් සිදුවූ අතර, ඒ අවස්ථාවේදී, "මම උපන්නෙමි"යි පැවසීම හා දල සයක් සහිත සුදු ඇත් පැටවෙකු ඇයට සිහිනයෙන් පෙනීම ආදිය දැක්විය හැක. ඉන්දියානු/තිබ්බතීය දෘෂ්ටි කෝණයකින් සලකා බලන කල, අදාළ කථාව ඓතිහාසිකව නිවැරදිද, නැත්ද යන්න වැදගත් නොවේ. වැදගත් කරුණ වනුයේ එම කථාව තුළින් සිය ශ්‍රාවකයන් වෙත උගන්වනුයේ හෝ නියෝජනය කර පෙන්වනුයේ කවර කරුණක්ද යන්නයි. බුදුන් වහන්සේ විසින් සැබැවින්ම සිදුකරන ලද්දේ කවරක්ද හෝ උන් වහන්සේගේ අනුගාමිකයන් අතර සිදුවූයේ කවර දේද යන්න සොයාගනු පිණිස බුදුන් වහන්සේගේ ජීවිත කථාව එකට ගොතාගත යුතු වුවද මෙය අදාළ වේ. නොඑසේ නම්, මෙම කථාව ඉන්දියානුවෙකු හෝ තිබ්බතීයයෙකු විසින් දැකිය හැකි ආකාරයට අනුව විමසා බලන්නේ නම්, ඒ එක් එක් සන්දර්භය තුළ ජීවිත කථාව තුළින් සිදුකරනු ලබන්නේ එක් ආකාරයක් අනෙක් ආකාරයට වඩා වලංගු නොවන පරිදි අප වෙත යමක් ඉගැන්වීමයි. බෞද්ධ චින්තනය ක්‍රියාත්මකවන ආකාරය සම්බන්ධ වැදගත් මූලධර්මයක් වනුයේ දේවල් බොහෝ මට්ටම්වලින් විවිධ දෘෂ්ටි කෝණයන්ගෙන් වටහාගෙන මේවා අතරින් බොහොමයක්ම සර්ව සම්පූර්ණයෙන්ම වලංගු ඒවා විය හැක්කේය යන්න වටහා ගැනීමට හැකිවීමයි. මක් නිසාද, දෙයක් සිදුවිය හැකි ආකාර පැවතිය හැක්කේ එකක් පමණක් නොවන බැවිනි.
ද්‍රවය පිළිබඳ නිදසුන වූකලි බෞද්ධ සාහිත්‍යය තුළ හමුවන ජනප්‍රිය නිදසුනකි. මනුෂ්‍යයන් හට මෙ ද්‍රවය ජලය මෙන්ද; කුසගින්නෙන් පෙළෙන පිසාචයන් හට එය සැරව මෙන්ද; නිරි සතුන් හට එය අම්ල මෙන්ද; දෙවියන් හට අමෘතය මෙන්ද පෙනේ. ඒ අතරින් නිවැරදි කවුරුන්ද? බෞද්ධ චින්තන විධියට අනුව, යමක වලංගුභාවය යම්කිසි සන්දර්භයක් තුළ සාපේක්ෂ දෙයක් වන බැවින්, ඒ සියල්ල නිවැරදි වේ.
පවුලක සාමාජිකයන් ගෙන ඒ එකිනෙකා හට යම් අවස්ථාවකට අදාළ සිය දැක්ම හෙවත් සංස්කරණය ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනු ලබන, සන්දර්භමය චිකිත්සාව නම් වූ පවුල් චිකිත්සා වර්ගය තවත් නිදසුනකි. මෙහිදී පියා විසින් එක් සංස්කරණයක්ද, මව විසින් වෙනත් සංස්කරණයක්ද, ළමුන් එකිනෙකා විසින් තම තමාගේ සංස්කරණයන්ද ඉදිරිපත් කරනු ලබයි. පවුලේ සියලු සාමාජිකයන් විසින් එම අවස්ථාව තමාට අනන්‍ය අයුරින් අත් විඳින බැවින් මෙම සංස්කරණ එකිනෙකක් නිවැරදි හා සමාන ගෞරවයක් දිනාගත යුතුවන ඒවා වේ. මෙය වූකලි බොහෝ බෞද්ධමය වූ චින්තන විධියක් වන අතර බුදුන් වහන්සේගේ ජීවිත කථාවටද අදාළ කළ හැක. කථාව විවිධ ආකාරයන්ගෙන් කියවන්නේ නම්, ඒ එක් එක් සංස්කරණය නිවැරදි වන අතරම ඒ එකිනෙකක් තුළින් අප හට යම් කිසිවක් උගන්වනු ලබයි.
බුදුන් වහන්සේගේ ජීවිතයේ ප්‍රධාන කරුණු හා ඒවා අපගේ පිළිවෙතට අදාළවන ආකාරය
බුදුන් වහන්සේ වරප්‍රසාද ලත් හා ධනවත් පවුලක උපත ලද බැවින් මනා අධ්‍යාපනයක්ද ඇතුළත්ව ඉමහත් සතුටක් හා ප්‍රයෝජනයන්ද අත් විඳින ලදී. (උන් වහන්සේ කුමාරයෙකු වීද, නැත්ද යන කරුණ විවාදාපන්නය). විවාපත් උන් වහන්සේට දරුවෙකු ලැබිණි. රක්ෂාව සම්බන්ධයෙන් ගත්කල, ජනරජයක ප්‍රධානියා වූ සිය පියාගේ තනතුර භාරගන්නා ලෙස උන් වහන්සේගෙන් ඉල්ලා සිටින ලද නමුදු, ශ්‍රමණ ව්‍යාපාරයේ අනුගාමිකයෙකු වූ බුදුන් වහන්සේ විසින් එම ප්‍රදානය ප්‍රතික්ෂේප කරන ලදී. බුදුන් වහන්සේ විසින් සිය බිරිඳ හා දරුවා හැරයාම වගකීම් විරහිත ක්‍රියාවක් ලෙස නොසැලකිය යුතුය යන කරුණ අවධාරණය කිරීම මෙහිලා වැදගත් වේ. ඉන්දියානු සමාජය තුළ සීයා - ආච්චි ඇතුළත් සෙසු සාමාජිකයන්ද සහිත විහිදුණු පවුල් තුළ බිරින්දෑවරුන් හා ළමුන් රැකබලා ගැනීම සිදුවේ. තවද, බුදුරජාණන් වහන්සේ සටන් පිණිස පවුල්වල පුරුෂ පාර්ශ්වය පවුල් හැර පිටත්වන රණශූර හෙවත් ක්ෂත්‍රිය කුලයක උපත ලද්දෙකි. බුදුන් වහන්සේ විසින් තමාටම අාවේණික වූ සටනක හෙවත් මෝහය හා ක්ලේශයන්ට එරෙහි අභ්‍යන්තර යුධයක නිරත විය.
සත්‍යය හෙවත් පුනරුත්පත්තිය හෝ මානසික හා භාවමය දුක වශයෙන් එන දුක අවසන් කිරීමේ මග සොයා යාම වූකලි යහපත් තත්ත්වයක්, බලය හා මුදල් සහිතව වැජඹීමට වඩා වැදගත් බව බුදුන් වහන්සේ විසින් සිය පවුල් ජීවිතය හැරදා යාමට ගත් තීරණය තුළ උගන්වනු ලබයි. පෞද්ගලික ප්‍රයෝජනය තකා මුදල් හා බලය සොයා යාමට වඩා ද්වේෂය, රාගය, ආත්මාර්ථය ආදී පෞද්ගලික විශ්වමය ගැටලුවලට හා සමාජමය ගැටලුවලට විසඳුම් සොයාගන්නා ආකාරය වටහා ගැනීම වඩාත් වැදගත් වේ. බුදුන් වහන්සේගේ ජීවිතය තුළින් අප වෙත උගන්වනු ලබන පාඩම එයයි.
සියයට සියයක් සාර්ථක ආධ්‍යාත්මික දිවියක් ගත කිරීම සෑම අයෙකු හටම කළ නොහැක්කක් වන අතර, ඒ වෙනුවට වැදගත් වනුයේ ඔබගේ ජීවිතයේ ඔබ වටා සිටින්නන්ගේ ජීවිතයේ ගුණාත්මකභාවයය යන කරුණ පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසින් ප්‍රකාශ කරනු ලබයි. ලෙඩවීම, වයස්ගත වීම හා මරණය වැනි විවිධ දුක් වර්ගයන්ද දකිමින්, එමෙන්ම මාළිගයේදී දක්නට නොලැබුණු මහණ රුවක්ද දකිමින් (භගවත් ගීතාවේ එන නිදසුනකට අනුව) අස් රියකින් මාළිගය සදාකල් හැරදා යමින් බුදුන් වහන්සේ විසින් ආධ්‍යාත්මික මාර්ගය අනුගමනය කරන ලදී.
ලෝකයේ පවත්නා දුක නොදක්නා තරමට ධනයෙන් හා ලෞකික සැප සම්පතින් අන්ධව සිටි බුදුවරයෙකු පිළිබඳව එන ජන්ගියන් න්‍යායටද බුදුන් වහන්සේගේ ජීවිතය පිළිබඳ මෙකී විවිධ කථාවල එන සංකේතාර්ථයන් යොදාගත හැක. සිය ආධ්‍යාත්මික ගමනෙහි ආරම්භය ලෙස සිය අශ්ව රියෙහි නැගී මාළිගයෙන් පිටව යන විටදීය උන් වහන්සේ වෙත දුක පෙන්වා දෙනු ලැබ සියලු දෙනා මුහුණ දෙන සියලු ගැටළු අවබෝධ කරගන්නා ලද්දේ.
බුදුන් වහන්සේගේ කථාවේ හා බෞද්ධ දේශනාවන්හි එන ඉතා වැදගත් පැතිකඩක් වනුයේ පිළිවෙත් පිරීමෙහි උන්මාදමය අන්තයකට නොයා යුතු බවයි. මාළිගය හැරයාමෙන් අනතුරුව, බුදුන් වහන්සේ විසින් තීව්‍ර භාවනා හා අන්තගාමී තපස් වෘතයන්හි නියැළෙන අතර එහිදී මරණාසන්න තත්ත්වයට පත්වන තෙක් නිරාහාරව සිටීමද සිදු කරන ලදී. ගසක් මුල හිඳ සිටින අතර මෙම පිළිවෙත් ප්‍රයෝජනවත් නොවන බව අවබෝධ කරගන්නා උන් වහන්සේ විසින් සිය නිරාහාර පිළිවෙත අත්හැර ගොපළු දැරියක විසින් පිරිනමන ලද කිරිපිඩු පිළිගන්නා ලදී. ඉන්දියානු චින්තනයට අනුව, යෝගට්, කිරි ආදියෙන් සංකේතවත් කෙරෙන එළදෙන මගින් මාතෘ සෙනෙහස නියෝජනය වන බැවින් විශ්වමය දුක හා බැඳි ආකාරයක් වන නිවැරදි මාර්ගය සොයා ගැනීම සඳහා අප වෙත හැකියාව ලබාදෙන්නාවූ අත්ථ කිලමථානුයෝගයෙන් අප අවදි කරවනුයේ කරුණාවය යන කරුණ දෙනකගෙන් දොවන ලද නිෂ්පාදනයක් බුදුන් වහන්සේ වෙත පූජා කිරීම තුළින් සංකේතානුසාරීව උගන්වනු ලබයි.
බුද්ධත්වයට පත්වීමට මද වේලාවකට පෙර, බුදුන් වහන්සේ බෝ රුකක් මුල හිඳ සිටින අතර, මාරයා ඔහු ඉදිරියේ පෙනී සිටියි. (ඉන්දියානු චින්තනයට අනුව ශුද්ධ වෘක්ෂයන් යනු පොදු තේමාවකි). සංස්කෘත භාෂාවෙන් මරණය හඳුන්වන නම වන මාරයා විසින් බාධක, හා පෙළඹීම් ආදිය නියෝජනය කරනු ලබයි. බුදුන් වහන්සේද බුද්ධත්වයට පත්වීමට මොහොතකට පෙර ධනාත්මක දෙයක් සාක්ෂාත් කරගැනීම සඳහා දරන උත්සාහයේදී බාධකවලට මුහුණ පෑවේය යන්න මෙතුළින් වටහාගත හැක.
බුද්ධත්වයට පත්වීමට මොහොතකට පෙර, බුදුන් වහන්සේ අතිශයින්ම ආධ්‍යාත්මිකව උසස් තලයක සිටි සේක: එහිදී උන් වහන්සේ සම්පූර්ණයෙන්ම සිය පිළිවෙත මුල සිටම අරඹා බුද්ධත්වය සාක්ෂාත් කරගැනීම දක්වා වූ මුළු ගමනෙහිම නිරත වූවා නොවේ. උන් වහන්සේගේ පිළිවෙතට අදාළ අවසන් අදියරයන්හිදී පවා, වඩ වඩාත් බලවත්ව බාධක ඉස්මතු වන්නට වූ අතර, බුදුන් වහන්සේ විසින් සිය අරමුණ මුදුන්පත් කරගැනීම සඳහා දැරි උත්සාහයේදී බාධකවලට මුහුණ දුන්නේ යම් සේද, එසේම අපටද අපගේ ජීවන ගමනේ කටයුතු තුළ බාධක හමුවේ. සැබැවින්ම, අප විසින් සාක්ෂාත් කරගැනීම සඳහා උත්සාහ කරන කටයුත්ත ධනාත්මක එකක් වන්නට වන්නට, ඉස්මතුවන බාධකද වඩ වඩාත් ප්‍රබල වේ. එබැවින්, මෙමගින් දෙනු ලබන උපදේශය වනුයේ අප අධෛර්යයට පත්වනු වෙනුවට, රණ ශූරයෙකු සෙයින් ශක්ති සම්පන්නව බාධක මැඩ ඉදිරියට ගමන් කළයුතු බවයි. එය වූකලි අපගේ මෝහය ආදියට එරෙහි අභ්‍යන්තර සටනක් වූ බැවින් බුදුන් වහන්සේ රණශූර පෙළපතින් පැමිණීම යන අදහස හා මෙකරුණ සම්බන්ධ වේ.
බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව, උන් වහන්සේ සිය දේශනාවන් ඉගැන්වීමට පැකිළුණු අතර, සිය දේශනා මෙලොව කවරෙකුට අවබෝධ කරගත හැක්කේද යන කරුණ සිතා බලන්නට විය. කෙසේ වුවද, උන් වහන්සේ වෙතින් ධර්මය දේශනා කරන ලෙස කරන ලද ඇරයුමට අනුව, එම තත්ත්වය තුළ පවා උත්සාහ කොට බැලීම මැනවිය යන හැඟීම උන් වහන්සේ තුළ ඇතිවිය. දේශනාවන් අන් අය වෙත ඉගැන්වීම හා විස්තර කිරීම අතිශයින් දුෂ්කර කරුණක් වන නමුදු, එය කෙතරම් දුෂ්කර වුවද, කරුණාබර හදවතින් එය සිදුකළ යුතු බවට වූ පාඩමක් මෙමගින් උගන්වනු ලබයි.
අන් අය වෙත ධර්මය දේශනා කිරීමෙන් අනතුරුව, බොහෝ ජනී ජනයා බුදුන් සරණ ගිය අතර, මෙතුළින් ආරාමික දිවිය ආරම්භ විය. ආරම්භයේදී, ආරාමික නීති නොපැවතිණි. කෙසේ වුවද, ආරාමිකයන්ද සමාජයේ ජීවත් වන්නන් වූ බැවින්, ජන ප්‍රජාවක හා සමාජයක ජීවත් වීමට අදාළ ගැටලුවලින් මිදීමට උපකාර කරනු පිණිස "විනය" නමින් හැඳින්වෙන විවිධ ශික්ෂා පද පනවන ලදී. මෙම නියෝග ඒවා පනවන ලද්දෙකු විසින් සම්පාදනය කරන ලද ඒවා නොවන අතර ඒ ඒ අවස්ථාවේ ගැටලු ඉස්මතු වන විටදී හඳුන්වා දෙන ලද ඒවාය. නිදසුනක් ලෙස, භික්ෂූන් පිඬු සිඟා වැඩි අවස්ථාවන්හි (එකල ශ්‍රමණ සිරිත එය විය) ඔවුන් කෑදරකාරයන් පිරිසක්ය යන අදහස ජනතාව තුළ ඇතිවීම වළකාලනු පිණිස, ඔවුනට ආහාර ඉල්ලා සිටිය නොහැකි බවට වූ නීති පනවන ලදී; ඔවුනට පිළිගත හැකි වූයේ පිරිනමන ලද දෙය පමණි; ආහාර රැස්කර තබාගත නොහැකි විය; වඩ වඩාත් දේවල් ඉල්ලා සිටිය නොහැක. සමාජය විසින් ශ්‍රමණ ප්‍රතික්ෂේප නොකරනු පිණිස මෙම නියෝග පනවන ලද අතර, වර්තමානයේ අපටද ඒවා තවදුරටත් වලංගු වේ.
කාන්තාවන් හා පුරුෂයන් නුසුදුසු ලෙස එක්ව වනාන්තරයේ වාසය කරනු ඇත්තේය යන සමාජ සැකයක් ඇතිවිය හැකි බවට වූ සිතිවිල්ල හේතුකොට භික්ෂුණී ශාසනයක් තුළට කාන්තාවන් ඇතුළු කරගැනීමට බුදුන් වහන්සේ මුළදී මැලිවූ සේක. එනමුත්, අවසන ශාසනය තුළට කාන්තාවන් පිළිගත් විටදී, භික්ෂුවකට හා භික්ෂුණියකට තනිව එක්ව වාසය කළ නොහැකි අතර, ඔවුනට එකම ආසනයේ හෝ සයනයේ එක්ව ගතකළ නොහැකි බවට ආදී වශයෙන් සමාජයට වැරදි අදහසක් නොයන පරිදි අතිශයින් නිශ්චිත නියමයන් පනවන ලදී. එක් අතකින් බුදුන් වහන්සේ විසින් සත්‍ය සොයා යනු පිණිස සමාජයේ සියලු තේජස්වී පැතිකඩයන් ප්‍රතික්ෂේප කළ අතර, අනෙක් අතින් උන් වහන්සේට සමාජයට වැරදි අදහසක් ලබාදීමට අවශ්‍ය නොවූයේය යන කරුණ මෙම නියමයන් තුළින් අපට උගන්වනු ලබයි. සමාජ මූලධර්මයන්හි එන වටිනාකම්වලට අනුව ඒවා සියල්ල සමගින් යමෙකු හට එකඟ විය නොහැකි වුවද, සමාජය ඈත්කොට තැබීමද කළ නොහැක. තමා සමාජයේ වටිනාකම් කවරේද යන කරුණ කෙරෙහි ඒකමතිකත්වයක නොසිටියද, අන් පුද්ගලයන්ගේ සිත් නොරිදවමින් අනවශ්‍ය සැකයන් ඇතිකර නොගෙන සිටින ආකාරය වටහා ගනිමින් රාජ්‍ය තාන්ත්‍රිකත්වයක් ගොඩනගා ගත යුතුවන වර්තමානයේ දේශපාලනඥයන් හට මෙකරුණ අදාළ වේ.
දේවදත්ත නම් වූ බුදුන් වහන්සේගේ ඥාති සහෝදරයා උන් වහන්සේ කෙරෙහි බොහෝ සෙයින් උරණව සිටි අතර නිරන්තරයෙන් උන් වහන්සේ වෙත කරදර, පීඩා පමුණුවන ලදී. සැබැවින්ම, පාලි ත්‍රිපිටකය වැඩිදුර අධ්‍යයනය කරන්නේ නම්, උන් වහන්සේට කරදර කළ හා අකමැති වූ බොහෝ පුද්ගලයන් විය. බුදුන් වහන්සේටද අකමැති වූ පිරිස් සිටි අතර, උන් වහන්සේට පවා සියලු දෙනා සතුටු කිරීමට නොහැකි වූයේ නම් අප පිළිබඳ කවර කථාද, යන වටිනා පාඩමක් මෙමගින් අප වෙත උගන්වනු ලබයි. ඒ අනුව අප යථාර්ථවාදී අය විය යුතු අතර අන් අය අපට අකමැත්තේ නම් හා අපට සියල්ලන් සතුටු කළ නොහැක්කේ නම් එමගින් චිත්ත පීඩනයට ලක් නොවිය යුතු වේ.
බුදුන් වහන්සේගේ පිරිනිවීම සඳහන් වන ජීවිත කථාවේදී, බුදුන් වහන්සේගේ ප්‍රධාන අනුගාමිකයෙකු වූ ආනන්දයන් හට උන් වහන්සේ පිරිනිවන් නොපානා ලෙස ඉල්ලා සිටීමේ අවස්ථාව තිබි නමුත් ඔහු එය නොකළ බැවින් උන් වහන්සේගේ ජීවිතය අවසන් විය. බුදුන් වහන්සේ විසින් දේශනා කරනු ලබන්‍නේ ආරාධනාවට අනුව පමණක් වන අතර, ජීවත් වනුයේද ආරාධනාවට අනුවය යන පාඩම මෙමගින් අප වෙත උගන්වනු ලබයි. කිසිවෙකුට හෝ උන් වහන්සේගේ ජීවත්වීම පලක් නොවේ නම්, හැරයාම සිරිතය. අන් අය හට අපගේ උපකාර අනවශ්‍ය නම් හෝ අප අනවශ්‍ය නම් බලහත්කාරයෙන් ඒවා ලබාදීමට උත්සාහ නොකළ යුතුය යන අරුතින් මෙකරුණ අපගේ ජීවිත තුළටද එක්කර ගත හැක. අපගේ උපකාරය ලබාගන්නාවූ හා ලබාගැනීමේ අපේක්ෂාවෙන් පසුවන අන් බොහෝ පිරිස් සිටිති.
අවසානය
අපට බුදුන් වහන්සේගේ ජීවිතය කෝණ ගණනාවකින් නිරීක්ෂණය කළ හැක. ඉතිහාසය පිළිබඳ බටහිර දෘෂ්ටි කෝණය තුළ වලංගුභාවයක් පැවතිය හැකි නමුදු, නිශ්චිත දින හෝ වර්ෂයන් පිළිබඳ කිසිදු සහතිකයක් ලබාගැනීමට හැකියාවක් ලබා නොදෙන සියලු ඓතිහාසික කරුණු සොයා ගැනීමට අපට උත්සාහ දැරිය හැක. නොඑසේ නම්, එමගින් දක්වනුයේ හෝ නියෝජනය වනුයේ කවරක්ද ඈ පැන විමසීමේ ජන්ගියානු විශ්ලේෂණය වැනි කථාව තුළ පැහැදිලි වන විවිධ සංකේත අනුසාරයෙන්ද අපට උගත හැකි පාඩම් විමසා බැලිය හැක.
බුදුන් වහන්සේ කල්ප ගණනාවකට පෙර බුද්ධත්වයට පත්වූ අතර, තවත් බොහෝ ජීවිත කාල ගණනාවක් පුරා අප වෙත විශ්වීය මහායාන තේමාව උගන්වමින් අන්‍යයන් වෙත ප්‍රයෝජන සලසන බුදුවරයෙකු පිළිබඳ වඩා විශාල මහායාන සන්දර්භය තුළද උන් වහන්සේ විමසා බැලිය හැක. අප විසින් මේ අවස්ථාවේදී සිදුකරන දේ අපට පෙර වූ පරම්පරාවන් සියල්ලෙහි ප්‍රතිඵලයක් වන අතර, අප විසින් යම් ධනාත්මක දෙයක් සිදු කිරීමට උත්සාහ කරන්නේ නම්, සියලු මතු පරම්පරාවන් පිළිබඳවද සිතා බැලිය යුතුය යන කරුණ මෙමගින් අප වෙත උගන්වනු ලබයි.
තන්ත්‍ර ඉදිරිපත් කිරීම් තුළ එක් ස්ථානයක බුදුන් වහන්සේ ගැඹුරු දර්ශනය උගන්වන අතර, තවත් ස්ථානයක මුහුණු සතරක් සහිතව පෙනී සිටින අතර, ඒ එක් එක් මුහුණ මගින් එක් වරම එකිනෙක වෙනස් කරුණු උගන්වනු ලබයි. ඉතිහාසය පුරා අපට හමුවන බුද්ධ දේශනාවන්හි විවිධ පැතිකඩ සියල්ල එකම මූලාශ්‍රය හෝ මූලික අදහසට අනුව එකිනෙක ගැලපෙන අතර, වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කළ හැක්කේය යන කරුණ මෙමගින් පෙන්වනු ලබයි.
අපගේ චින්තනය ථේරවාද ඉදිරිපත් කිරීම්වලට අනුව හැඩ ගැසුණක් වුවද, මහායාන සූත්‍ර ඉදිරිපත් කිරීම්වලට අනුව හැඩ ගැසුණක් වුවද, මහායාන තන්ත්‍ර ඉදිරිපත් කිරීම්වලට අනුව හැඩගැසුණක් වුවද, බුදුන් වහන්සේගේ මෙකී සියලු විවිධාකාර දේශනා තුළ ඇති මූලික මූලධර්ම අපට හමුවේ. බුදු රුවෙහි විවිධ අත්, පා හා මුහුණු මගින් නියෝජනය කෙරෙන මූලික මූලධර්මයන්ද මේ සියලු ඉදිරිපත් කිරීම් තුළ වේ. මූලික බෞද්ධ ඉගැන්වීම් චතුරාර්ය සත්‍යය මගින් සිදු කෙරෙන අතර, ඒවා මුහුණු සතර මගින් නියෝජනය වන බව පැවසිය හැක. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය පිළිබඳ මෙම ඉදිරිපත් කිරීම සිදු කෙරෙනුයේ සැබෑ හා කියවිය හැකි සත්‍ය කරුණු අනුසාරයෙන් නොවන අතර, ඒ එක් එක් ඉදිරිපත් කිරීමක් හා එහි අරමුණද භාවිතාවේ යෙදිය හැකි ආකාරය විමසා බැලීම සඳහා අපට උපකාරයක් වනු පිණිසය. මෙම විමසුම තුළින් මෙකී කරුණු සම්බන්ධ වඩාත් ගැඹුරු ඇගයීමක් කළ හැකිවේ.
සාරාංශය
බුදුන් වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ සංස්කරණයන් තුනක් වේ: ථේරවාද ඉදිරිපත් කිරීම, මහායාන සූත්‍ර හා තන්ත්‍ර ඉදිරිපත් කිරීම් වශයෙනි. මෙම ඉදිරිපත් කිරීම් එකිනෙක ගැටෙන්නේද යන කරුණ පිළිබඳ විවාදයන් පවත්නා නමුත්, තර්කණ ඥානයෙන් අපට පෙන්වා දිය හැක්කේ ඒ එක එකක් වෙන් වෙන් වූ සන්දර්භයන් තුළ දේශනා කර ඇති බවයි. මෙම විවිධ ඉදිරිපත් කිරීම් සිදු කෙරෙනුයේ අප වෙත ආභාසය ලබා දෙමින් කරුණු උගන්වනු පිණිසය. බුදුන් වහන්සේගේ ජීවිත කථාව විමසා බලන්නේ නම්, දුකින් විමුක්තිය ලබාගනුයේ කෙසේද යන්න පිළිබඳ ඇතැම් තේමාවන් විස්තර කරන ඇදහිලි පද්ධතියක් පැවති නිශ්චිත සමාජයක් තුළ උන් වහන්සේ ජීවත් විය. මෙම ක්‍රමය හෙවත් පද්ධතිය කෙරෙහි අතෘප්තියට පත්වූ බුදුන් වහන්සේ විසින් ධූරාවලිගත නොවූ ක්‍රමයක් තුළ සත්‍යය දේශනා කිරීමට අපේක්ෂා කරන ලදී. සිය නිවසේ හා පවුලේ සැප පහසු පරිසරය හැරගොස් දුක් වේදනාවන් පිළිබඳ සිය අභ්‍යන්තර සටනෙහි නිරත වීමට අපේක්ෂා කරන ලදී. මෙකරුණ තාපසමය පිළිවෙත් මගින් නොව, විශ්වමය දුක හා බැඳි කරුණාව මගින් අත්පත් කරගන්නා ලදී. බුදුන් වහන්සේ විසින් ඉමහත් වූ බාධකවලට මුහුණ දෙන ලද නමුත්, මේවා මගින් උන් වහන්සේ පැකිළීමට හෝ බියට පත් නොවූ අතර, බුද්ධත්වයට පත්වූ පසු, කරුණාවෙන් අන්‍යයන්ගේ යහපත පිණිස ධර්මය දේශනා කරන ලෙස වූ ඉල්ලීම ඉටු කරන ලදී. බුදුන් වහන්සේගේ අනුගාමිකයන් විෂයයෙහි භික්ෂූන්ට හා භික්ෂුණීන්ටද ආරාමික ජීවිත සකස් කරන ලද අතර, සමාජය සමග අනුගතවන පරිදි හා නොගැටෙන පරිදි සකස් කරන ලද නියෝග ප්‍රකාර ඒවා සකස් කරන ලදී.