ජීවිත කාල දෙකක් තුළ ආධ්‍යාත්මික ගුරුවරයෙකු සමගින් පවත්වාගත් සම්බන්ධතාවය
ආධ්‍යාත්මික ගුරුවරයෙකු සමගින් පවත්වාගන්නා ගැඹුරු සම්බන්ධතාවයක් යනු යමෙකුගේ ජීවිත කාලය තුළ ලබාගත හැකි වඩාත් ප්රවර්ධනීය හා වැදගත් බැඳීම විය හැක. එය ආත්ම වංචාවේ, වේදනාවේ හා ආධ්‍යාත්මික කළකිරීමේ මූලාශ්‍රයක්ද විය හැක. සියල්ල අදාළ සම්බන්ධතාවය ධනාත්මක ලෙස සෞඛ්‍ය සම්පන්න එකක් බවට...