අපගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කරගැනීමට කටයුතු කිරීම සඳහා ආත්ම ප්‍රගතියක් ලබනු පිණිස අප සියලු දෙනා සතු නිදහස හා අවස්ථාවන් අගය කිරීම සඳහා ඉගෙන ගන්න.
Meditations appreciating life

පැහැදිලි කිරීම

ඇණවුම් කිරීමට අවශ්‍ය ආහාර වර්ගය ආපන ශාලාවේ අලෙවි වී අවසන්ව ඇති තත්ත්වයක් හෝ අපට අවශ්‍ය දින හෝ වේලාව තුළ ගුවන් යානය හෝ දුම්රිය වෙන්කර ගැනීමට නොහැකි වීම හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීම හේතුකොට අවශ්‍ය අවස්ථාවේදී පිහිනුම් කටයුතුවලට සහභාගි වීමට නොහැකිවීම වැනි සුළු ගැටලුවක් හේතුකොට නිරතුරු අපට කණගාටුවක් ඇතිවේ. එනමුත් විෂය මූලික ලෙස ජීවිතය පිළිබඳ විමසා බැලීමේදී, අප අසිරිමත් සෙයින් වාසනාවන්ත බව අපට වැටහේ. පුණ්‍යවන්ත හෝ වටිනා කියන කවරක් හෝ සිදු කිරීමේ අප සතු හැකියාවට බාධකව පවත්නා මෙයට වඩා දරුණු, අයහපත් තත්ත්වයන්ගෙන් අපි නිදහස්ව සිටිමු. තවද, ජීවිතයේ අපගේ තත්ත්වය වැඩිදියුණු කරගැනීම සඳහා බුදු දහම වැනි ආධ්‍යාත්මික දේශනාවන් පිළිබඳ ඉගැනීමේ බොහෝ අවස්ථාවන් අප සතුවේ.

2015 භූකම්පනයෙන් පසු නේපාලය හෝ සාගතයට හසුවූ කළාපයක හෝ යුධ කළාපයක ඈ වශයෙන් අපි ආපදා කළාපයක හෝ ආධ්‍යාත්මික පිළිවෙත් පිරීම නීතියට පටහැනි කරුණක් වන හෝ එවැනි පිළිවෙත් පිරීමක් දක්නට නොලැබෙන කළාපයක හෝ බන්ධනාගාරය තුළ දරුණු අපරාධකරුවන් සමගින් සිරගතකොට හෝ යුධ කළාපයක යුධ හමුදාවේ සාමාජිකයෙකුව සිටිමින් යුධ වැදී සිටින තත්ත්වයක ආදී වශයෙන් සිරවූ තත්ත්වයක සිටිමු නම්, කෙසේ නම් බෞද්ධ දේශනා හා විධික්‍රම ඉගෙන එම පිළිවෙත් පුරමුද? නොඑසේ නම්, අපි දැඩි සේ ශාරීරිකව, මානසිකව හෝ භාවමය වශයෙන් ආබාධ සහිත තත්ත්වයක සිටිමු නම් එවැනි පිළිවෙත් පිරිය හැකි නමුත් එය විශේෂයෙන් දුෂ්කර කටයුත්තක් වනු ඇත. නොඑසේව අප බොහෝ සෙයින් පොහොසත්, ධනවත් තත්ත්වයක, කිසි විටෙක හෝ කිසිදු වෘත්තියක නියැළීමට අවශ්‍ය නොවන තත්ත්වයක සිටිමු නම්ද, ජීවිතය සාදයන්ගෙන්ද, විනෝදාස්වාදයෙන්ද පිරී පවතින්නේ නම්, හා ඒ හේතුකොට ආධ්‍යාත්මික කටයුුතුවල නියැළීමේ ඇල්මක් නොපැවතියේ නම්, හෝ අපි මුළුමනින්ම සිත් ආගම දහමට වැසී සිටින අතර, ආධ්‍යාත්මික පිළිවෙත් පිරීමට ප්‍රතිවිරුද්ධ ආකල්පයක සිටියේ නම් තත්ත්වය කවරක් වනු ඇත්ද?

තවද, අපට මේ මොහොතේ බොහෝ අවස්ථාවන් ලැබී ඇත. දේශනා වෙනත් භාෂාවනට පරිවර්තනය වී ඇති අතර, ඒවා පොත් වශයෙන්ද, අන්තර්ජාලයේද පවතී. ඒවාහි එම කෘති පළ කිරීමට අනුග්‍රාහක භවතුන් විසින් සහාය ලබාදී ඇති අතර ගුරුවරුන්ද සිටී. අපට ධර්මය උගත හැකි මධ්‍යස්ථාන පවත්නා අතර ඒවාට උපකාර කරන්නාවූ ජනතාවක්ද සිටී. තවද, අපට ඉගෙනීමේ දැනුම හා ඇල්මක්ද පවතී.

අප එම වඩා අයහපත් තත්ත්වයන්ගෙන් මිදී සිටින අතර අපගේ ජීවිත මෙම අවස්ථාවන්ගෙන් පොහොසත්ව පවත්නේය යන කරුණ මගින් අපගේ ජීවිත පරමාදර්ශී තත්ත්වයකට පත් කරවනු ලබයි. එබැවින් අපි අප‍ගේ වටිනා ජීවිතය භුක්ති විඳිමින් ඉන් උපරිම ප්‍රයෝජන ගත යුතුය.

භාවනාව

  • හුස්ම මත අවධානය යොමු කරමින් සන්සුන් වන්න.
  • නේපාලයේ භූ චලනය සිදුවූ අවස්ථාවේ ඔබ එම කඳු තරණය කරමින් සිටි අතර මිදී යාමට කිසිදු මඟක් හෝ ආහාර හෝ ජලයද නොමැති තත්ත්වයක ඔබ එහි සිරවී සිටින තත්ත්වයක් සිතින් මවා ගන්න.
  • ඉන්පසු ඔබ ගුවනින් රැගෙන ගොස් ආපසු නිවසට ඇරලවනු ලබන තත්ත්වයක් සිතින් මවා ගන්න.
  • එම භයානක තත්ත්වයෙන් මිදීමට ලැබීම සම්බන්ධයෙන් කෙතරම් අසිරිමත් හැඟීමක් ඔබට දැනෙන්නේද යන කරුණ විමසා බලන්න.
  • එසේ ලද නිදහස භුක්ති විඳින්න.
  • ඔබ සිරියාවේ සිටින අතර ඉස්ලාම් රාජ්‍යය (IS) විසින් ඔබගේ නගරය යටත් කරගෙන ඇති අතර ඔබට ඉන් මිදීමේ මඟක් නොමැති තත්ත්වයක් සිතා ගන්න.
  • ඉන්පසු ඉන් මිදීමේ තත්ත්වයක් සිතින් මවා ගන්න.
  • ප්‍රීති වන්න.
  • ඔබ දිවා රෑ දෙකෙහිදී භීෂණකාරී ලෙස බිය ගන්වන රළු සිර කඳවුරු සාමාජික කල්ලියක් සමගින් සිර කුටියක සිරකොට සිටින තත්ත්වයක් සිතින් මවාගන්න.
  • ඉන්පසු එම සිර කුටියෙන් නිදහස්වන තත්ත්වයක් සිතින් මවාගන්න.
  • ප්‍රීති වන්න.
  • සුඩානයේ සාගතයකින් හා නියං තත්ත්වයෙන් හාමත්ව සිටින තත්ත්වයක් සිතින් මවාගන්න.
  • ඉන්පසු එම ප්‍රදේශයට ආහාර ගුවනින් හෙළන තත්ත්වයක්ද ඒ හේතුකොට ඔබට ප්‍රමාණවත් ආහාර හා ජලයද ලැබෙන තත්ත්වයක්ද සිතාගන්න.
  • ප්‍රීති වන්න.
  • ඇල්සයිමර් රෝගය වැළඳී ඇති අතර ඔබට කිසිවක් හෝ කිසිවෙකු පිළිබඳ මතකයක් නොමැති අතරම , එකිනෙක සම්බන්ධ වචන තුනක් ‍හෝ කථා කිරීමේ ‍නොහැකියාවකින් පෙළෙන තත්ත්වයක් සිතින් මවාගන්න.
  • ඉන්පසු එයින් සුවවන තත්ත්වයක් සිතින් මවාගන්න.
  • ප්‍රීති වන්න.
  • ඉන්පසු, භූ කම්පන තත්ත්වයක් සහිත නේපාලයේ සිරවී සිටින, අයි.එස්.අයි.එස්. ප්‍රහාර යටතේ සිරියාවේ සිරවී සිටින, භයානක කල්ලි සාමාජික පිරිසක් සමගින් බන්ධනාගාර කුටියක සිරවී සිටින, සුඩානයේ සාගතයකට හසුවී හාමත්ව සිටින, ඇල්සයිමර් රෝගයෙන් පෙළෙන ඈ වශයෙන් වූ ඔබගේ පිට මත පැටවී තිබෙන මෙම බර තොගයෙන් ක්‍රමිකව නිදහස් වන තත්ත්වයක් අත් විඳින්න.
  • දැන් ඔබ සතු අසිරිමත් නිදහස අත් විඳින්න.
  • ඉන්පසු ඔබ සතු සියලු අසිරිමත් අවස්ථාවන් පිළිබඳ සිතන්න. දේශනා පිළිබඳ පරිවර්තන පවත්නා අතර ඒවා පොත් වශයෙන්ද, අන්තර් ජාලයේද ඇත. අනුග්‍රාහක භවතුන් විසින් ඒවා පළ කිරීමට සහාය ලබාදී ඇත.ගුරුවරුන්ද ඇත. අපට ඒවා උගත හැකි මධ්‍යස්ථාන ඇති අතර ඒවාට සහාය ලබාදෙන පුද්ගලයන්ද ඇත. අපට අදාළ කරුණු ඉගෙනීමේ බුද්ධිය හා ඇල්මද ඇත.
  • අවසානයේදී, ඔබ සතු සමස්ත නිදහස හා ධනාත්මක සාධක පිළිබඳ සිහි කැඳවා ගනිමින් බොහෝ පුද්ගලයන් හා ඉතිහාසයේ බොහෝ අවස්ථාවනටද සාපේක්ෂව මෙය කෙතරම් පරමාදර්ශී තත්ත්වයක්ද යන්නද සිහි කැඳවා ගන්න.
  • ප්‍රීතියට පත් වෙමින්, අපතේ නොයවමින් ඔබ සතු මෙම පරමාදර්ශී දිවියෙන් අනිවාර්ය ප්‍රයෝජන ලැබීමට තීරණයක් ගන්න.

සාරාංශය

අපගේ භාවමය හා ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා කටයුතු කිරීමට කිසිදු විවේකාවස්ථාවක් ලබා නොදෙන්නාවූ ජීවිතයේ සෘජු තත්ත්වයන්ගෙන් මිදුණු, අවම වශයෙන් එම අවස්ථාවට අදාළ වූ, වර්තමාන‍යේ අප ගතකරන  ආකාරයේ තත්ත්වයක් ලැබීමට අප කෙතරම් වාසනාවන්ත වන්නේදැයි සිතා බලන විටදී, අප සතුව දැනටමත් පවත්නා දේ සම්බන්ධ ගැඹුරු ඇගයීමක් ගොඩනගා ගන්නෙමු. කිසිවෙකුගේ ජීවිතය හෝ කිසිදු අවස්ථාවක් හෝ සර්ව සම්පූර්ණ නොවන නමුදු, එය දැනට වඩා කෙතරම් අප්‍රසන්න විය හැක්කේදැයි යන කරුණ සමගින් සසඳන විටදී, අපි සැබැවින්ම මහා වාසනාවන්තයන් වෙමු. මෙම ජීවන ඇගයීමද සහිතව, අපගේ ජීවිත තවත තවත් යහපත් කරගනු පිණිස දැනට පවත්නා, ලැබි ඇති අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට පියවර ගැනීම සඳහා අවශ්‍ය විශ්වාසය ගොඩනගා ගන්නෙමු.

Top