මාර්ගෝපදේශ සහිත භාවනා යොදාගන්නා ආකාරය

මෙම මාර්ගෝපදේශිත භාවනාවන් අනුගමනය කිරීමෙන් අපට ප්‍රයෝජනවත් පුරුදු ගොඩනගාගත හැක
Meditatation how to use the guided meditations

අරමුණ තිබ්බතීය ‍බෞද්ධ සම්ප්‍රදාය තුළ භාවනාව යනු කවරක්ද යන්න හඳුනාගන්න; එය සිදුකරන ආකාරය දැනගන්න; ඉන්පසු පුහුණුව සම්බන්ධ මාර්ගෝපදේශ ලබාගන්න

ශ්‍රාවක පිරිස – සියලු මට්ටම්වල, සියලු වයස් කාණ්ඩ

ව්‍යුහය

  • පැහැදිලි කිරීම (ගැටලුව, හේතුව, නිදසුන, ක්‍රමය)
  • භාවනාව (ප්‍රධාන වදන් සහිතව මාර්ගෝපදේශිත)
  • සාරාංශය

පිළිවෙත් පිරිය යුතු ස්ථානය – නිහඬ, පිරිසිදු හා වියවුල් සහගත නොවන ඕනෑම ස්ථානයක්

පිළිවෙත් පිරිය යුතු අවස්ථාව
–  දවසේ කටයුතුවල යෙදීමට පෙර උදෑසන. ‍එසේ කළ නොහැක්කේ නම්, නින්දට පෙර දවස අවසානයේ.

හිඳගන්නා ආකාරය – පමණට වඩා උස් හෝ මිටි හෝ මෘදු හෝ තද නොවන කුෂන් මෙට්ටයක එරමිණිය ගොතා හිඳගෙන. එසේ කළ නොහැක්කේ නම්, සෘජු පිට ඇන්ද සහිත පුටුවක හිඳින්න. මෙම අවස්ථා දෙකේදීම, ඔබගේ කොන්ද කෙළින්ද, අත් ඔබගේ උකුළ මතද තබාගන්න. ඔබගේ දෑස් අඩවන්ව, මන්ද අවධානයක් සහිතව බිම බලා සිටීම වඩාත් යෝග්‍යය.

භාවනා කළ යුතුවන වාර ගණන –  සෑම දිනකම අවම වශයෙන් එක් වරක්, හැකිනම් දෙවරක්. (කටයුතු ආරම්භයට පෙර උදෑසන හා රාත්‍රී නින්දට පෙර), වෙබ් අඩවිය තුළ ලැයිස්තුගත අනු පිණිවෙල අනුගමනය කරමින් අදාළ මාර්ගෝපදේශිත භාවනාවන් එක එකක් අවම වශයෙන් දිනකට එක් වරක් බැගින් සතියක් හෝ පුහුණු කරන්න. ඕනෑම අවස්ථාවක අවශ්‍ය වන විටදී අතීත භාවනාවක් නැවත නැවතද සිදුකළ හැක.

වැඩිදුර උපදෙස් සඳහා

[බලන්න: භාවනා කළයුතු ආකාරය හෙවත් භාවනාව වඩන අයුරු]

Top